ගම්මන්පිළගේ පාර්ලිමේන්තු ගමනත් කොට උඩ යයි

Spread the love

udaya-gammanpila2ව්‍යාජ ලේඛන සකස් කරමින් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රෙලියානු සමාගමක බ්‍රයන් ෂෙඩික් නැමැති විදේශීකයාට අයත් රුපියල් මිලියන 110ක් වටිනා කොටස් වංචා කර ඇති බවට චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පිවිතුරු හෙළ උරුමයේ නායක එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතාට අද (21) සිට ඉදිරි දින හතර තුළ පාර්ලිමෙන්තු සැසිවාර සඳහා සහභාගී වීමට අවසර ලබා දෙන ලෙස ඒ මහතා වෙනුවෙන් නීතිඥ මහතකු මගින් මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (20) ප්‍රතික්ෂේප කළාය.

විත්තිය වෙනුවෙන් නිතිඥ දිනේෂ් දොඩම්ගොඩ මහතා එම ඉල්ලීම සිදු කළ අතර අධිකරණ සේවා කොමිසන් සභාව මගින් වසර 2009.06.05 වනදා නිකුත් කළ අංක 320 චක්‍රෙලේකයට අනුව සෘජු නියෝගයක් නිකුත් කළ නොහැකි බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය එය බන්ධනාගාර අධිකාරිවරයාගේ අවධානයට යොමු කරන ලෙස විත්තිය වෙනුවෙන් පෙනි සිටි නිතිඥ දිනේෂ් දොම්ගොඩ මහතාට දන්වා සිටියාය.

රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අයෙකුට විශේෂ ආරක්ෂාවක් ලබා දීම සහ වෛද්‍ය හේතුන් මත වෛද්‍යවරයාට යොමු කිරීමට අධිකරණයට හැකි බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය වෙනත් ස්ථානවලට ගෙන යාමේදී බන්ධනාගාර අධිකාරිවරයාගේ අභිමතය පරිදි ක්‍රියා කළ හැකි බව කියා සිටියාය.

RSL

Related Posts