ආණ්ඩුව දෙදරයි?
- RSL
- April 18, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- Democracy in Sri Lanka, news, reports
- 0 Comments
වත්මන් රජය යනු බලවත් එකක් නොවේ. එය මුක්කු ගසාගෙන, සක්ක ගසාගෙන දුවන්නකි. මේ ආණ්ඩව තුළ අනෙක් ඒවාට වඩා ගැටුම් තිබෙන බව සත්‍යයකි. විවිධ දේශපාලන මත දරන, විවිධ දේශපාලන න්යායපත්ර දරන කණ්ඩායම් විශාල ගණනකින් සැදුම් ලද බැවින් ගැටුම් වෙනත් ආණ්ඩුවක තිබෙනවාට වඩා වැඩි ය.
නවත ම දේශපාලන ආරංචි මාර්ග අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 20කට වැඩි පිරිසක් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන්නට සූදානම් වෙන බව දැනගන්නට ලැබේ. සිය බලාපොරොත්තු කඩවීම් සහ ආණ්ඩුවේ නායකත්වය විසින් මෙකියන මන්ත්‍රීවරුන්ට කරන කුඩම්මාගේ සැලකිලි මෙයට හේතු වී ඇතැ යි දැනගන්නට ඇත.
කෙසේ වෙතත්, සුලුතර ආණ්ඩුවක් වන මේ ආණ්ඩුවට මෙවැනි තත්ත්වයන් හොඳ පරිසරයක් නිර්මාණය නොකරනු ඇත.
