අධිකරණය ඉදිරියේ ආණ්ඩුවේ රෙදි ගැලවෙයි; සියලු අභියෝගය ජයගනිමින් “ජනබලය” හෙට කොළඹට!

Spread the love

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ‘ජනබලය කොළඹට’ උද්ඝෝෂණය හෙට(05) දින කොළඹට පැමිණීමට නියමිත අතර එය වැළැක්වීම සඳහා වත්මන් “මෛත්‍රී-රනිල් යහපාලන” ආණ්ඩුව අද(04) දිනයේ අධිකරණය ඉදිරියට ගොස් නිර්ලැජ්ජිත උත්සහයන් කිහිපයක්ම ගත් අතර ඒ සියලු උත්සහයන් ව්‍යයර්ත විය.

ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට(05) දිනයේ පැවැත්වීමට නියමිත විරෝධතාවයට අදාලව පොලිස් ස්ථාන 03 ක් මඟින් සිදුකල ඉල්ලීම් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

කුරුඳුවත්ත, වැලිකඩ සහ කොල්ලුපිටිය යන පොලිස් ස්ථාන මඟින් මෙම විරෝධතාවයට අදාල වාරණ නියෝග ලබා ගැනීම සඳහා අදාල ඉල්ලීම් සිදුකර ඇති බව සඳහන් වෙයි.

විරෝධතාකරුවන් කොල්ලුපිටිය පොලිස් බල ප්‍රදේශයට ඇතුළු වීම වලක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස කොල්ලුපිටිය පොලිසිය සිදුකල ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ විරෝධතාකරුවන් කොල්ලුපිටිය පොලිස් බල ප්‍රදේශයට ඇතුළු වුවහොත් සාමාන්‍ය ජනතාව සහ විරෝධතාකරුවන් අතර ගැටුමක් ඇති විය හැකි බවයි.

යම්කිසි ආකාරයක ගැටුමක් ඇති වුවහොත් පොලීසියට පවතින බලතල අනුව ක්‍රියා කිරීමේ හැකියාවක් පවතින බව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සඳහන් කර ඇති අතර ඒ අනුව පොලීසිය සිදුකල ඉල්ලීම මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට(05) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවස අවට මාර්ගවල රැඳී සිටිමින් උද්ඝෝෂණය කිරීම වළක්වා ලීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පොලිසිය විසින් කල ඉල්ලිම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ප්‍රතික්ෂේප කළේය.

කුරුඳුවත්ත පොලිසිය අධිකරණය වෙත ඉල්ලීමක් කරමින් සඳහන් කර සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් හෙට දින ජනාධිපතිවරයා සිය නිල නිවස අවට මාර්ගවල රැස් වී උද්ඝෝෂණය කරමින් පන්දම් දල්වා ජනාධිපතිතුමාට පිටතට පැමිණීමට නොහැකි වන පරිදි උද්ඝෝෂණය කිරීමට සූදානම් බවයි.

මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලීසියට පෙන්වා දුන්නේ යම් පුද්ගලයෙකු ජනාධිපතිවරයා ගේ නිවස වැටලීමට සූදානම් වන්නේ නම් එය රාජ්‍ය විරෝධී කටයුත්තක් බවයි.

එවැනි රාජ්‍ය විරෝධී ක්‍රියාවක නිරතවන පුද්ගලයින්ව අත්අඩංගුවට නොගන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එසේ නොකොට අධිකරණය හමුවට පැමිණ පොලීසිය මෙවැනි ඉල්ලීම් කිරීම සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුවන බව කියා සිටියේය.

මෙම චෝදනාව සනාථ කිරීම සඳහා පොලිසිය විසින් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කිරීමක් සිදුකර නොමැති බව ද මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

පොලීසිය විසින කරුණු ලබන මෙම ඉල්ලීම තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති බැවින් එය ප්‍රතික්ෂේප කරන බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.

RSL

Related Posts