රාජ්‍ය ආයතනවල දූෂණ පිළිබඳ පැමිණිලි 333ක්

Spread the love

රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ හා වංචා සම්බන්ධයෙන් පැමිණිලි බාර ගැනීම ලබන බ්‍රහස්පතින්දා අවසන් කරන බව ඒ පිළිබඳ විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාව පවසයි.

එම කොමිසම සඳහන් කළේ, මේ වන විට පැමිණිලි 333ක් ලැබී ඇති බවයි.

මෙම ජනාධිපති කොමිෂන් සභාව විසින් පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයතනයවල දූෂණ ක්‍රියා, සාපරාධි විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධි පරිහරණය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳව මහජන පැමිණිලි විමර්ශනයකට ලක් කිරීමට නියමිතව තිබේ.

ඒ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිලි ලබන බ්‍රහස්පතින්දාට පෙර රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි කියන වංචා දූෂණ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාව, කොළඹ 07 ලිපිනයට යොමු කළ හැකිය.

මේ අතර 011 2 66 53 82 යන දුරකතන අංකය ඇමතීමෙන් ද ඒ පිළිබදව වාචික පැමිණිලි ඉදිරිපත් කිරීමෙ හැකියාව පවතින බවයි එම කොමිෂම පැවසීය.

RSL

Related Posts