ඥානසාර හිමි අත්අඩංගුවට!

Spread the love

බොබසේ කුප්‍රකට ඥානසාර හිමි දිගින් දිගටම උසාවිය මඟහරිමින් කට්ටි පැනයමින් සිටියහොත් ජුලි මස 18 වනදා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමට නියමිතය.

උසාවියට අපහාසයක්‌ කළැයි චෝදනා එල්ල වී සිටින ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට එරෙහිව නීතිපති පැවරූ නඩුව ලබන ජුලි 18 දාට විභාගයට ගැනීමට ඊයේ (12 දා) තීරණය කළ අභියාචනාධිකරණය එදින උසාවියට නොපැමිණියහොත් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්‌ නිකුත් විය හැකි යෑයි සඳහන් කළේය.

ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ඊයේත් උසාවියට පැමිණ සිටියේ නැත. ජනාධිපති නීතිඥ ටිරන්ත වරලියෑද්ද මහතා උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි අතර ඔහු පැවසුවේ උන්වහන්සේට මරණ තර්ජන ඇති බවත්, මතු ආරක්‌ෂාව සඳහා උන්වහන්සේ වගකිව යුතු අංශවලට පැමිණිලි කර ඇති අතර එම පැමිණිලි විභාග වෙමින් පවතින බවයි. ඒනිසා උන්වහන්සේට එරෙහි නඩු විභාගයක්‌ පැවැත්වීම දින නියමයක්‌ නැතිව පසුවට කල්තබන ලෙසද ජනාධිපති නීතිඥ වරලියෑද්ද මහතා ඉල්ලා සිටියේය.

එහෙත් නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොශාන්ත බාලසූරිය මහතා දැඩිව ඉල්ලා සිටියේ ගලගොඩඅත්තේ හිමි දුටු තැන අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්‌ නිකුත් කරන ලෙසයි.

අභියාචනාධිකරණය ඊට ප්‍රතිචාර දක්‌වමින් සඳහන් කළේ ගලගොඩඅත්තේ හිමියන්ට එරෙහි නඩුව විභාගයට දින නියම කරන බවයි. එදිනට නොවරදවාම උසාවියට පැමිණෙන ලෙස උන්වහන්සේට දන්වන ලෙසද අභියාචනාධිකරණය ජනාධිපති නීතිඥ වරලියෑද්ද මහතාට නියෝග කළේය.

ලබන ජුලි 18, 19 සහ 20 යන දිනවල සවස 2.00 ට නඩුව විභාගය ගැනීමටද නියම කෙරිණි.

RSL

Related Posts