ෆීල්ඩ් මාර්ෂල්ගෙන් වෙඩි මුරයක්!

Spread the love

fonseka

ෆීල්ඩ් මාර්ෂල් ප්‍රාදේශීය සංවර්ධන ඇමැති සරත් ෆොන්සේකා විසින් අද දින විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. මෙහි දී ඔහු ඉතා ආන්දෝලනාත්මක තොරතුරු ප්‍රමාණයක් ප්‍රථමවරට මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව දැනගන්නට ඇත.

පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සිය මංගල කථාව කරනු ලැබූ අවස්ථාවේ දී ද ඔහු පළ කළ අදහස් දේශපාලන ක්ෂේත්‍රය උණුසුම් කරනු ලැබූ බව අපට මතක ය. එහි දී ඔහු ඍජුව ප්‍රකාශ කළේ යුද ප්‍රදේශවලින් සොයාගත් රත්රන් කිලෝ 80ක් අස්ථානගතව ඇති බවයි. එය අගමැති රනිල් කී පරිදි කිලෝ 40ක් නොව 80ක් බව ඔහු අවධාරණය කළේ ය. එයට අමතරව තමා ජනපතිවරණය අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ විට තම හිතවත් හමුදා නිලධාරින්ගෙන් පවා පළිගත් බවත් ඔහු පවසා සිටියේ ය.

කෙසේ වෙතත්, අද දින ඔහු හෙළිදරවු කරන තොරතුරු අනුව මෙරට දේශපාලන ක්ෂේත්‍රය ගිනියම් වනු ඇති බව, තතු දත් ආරංචි මාර්ග පවසා සිටියි.

RSL

Related Posts