මත්ස්‍ය අපනයනයෙන් කෝටි 2868ක්

Spread the love

රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් ලබාදෙමින් 2017 වසරේ දී මුහුදු ආහාර අපනයනය අතරින් මත්ස්‍ය අපනයනයෙන් පමණක් රුපියල් කෝටි 2,868 ක විදේශ විනිමය ප්‍රමාණයක් ජාතික ආදායමට උපයා දීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සමත්ව තිබේ.

මීට අමතරව විසිතුරු මසුන් අපනයනයෙන් උපයා ඇති විදේශ විනිමය ප්‍රමාණය රුපියල් කෝටි 167ක් වන අතර වෙනත් මුහුදු ආහාර අපනයනයෙන් ද විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉපයීමට හැකිව ඇත.

මුහුදු පැළෑටි අපනයනයෙන් රුපියල් මිලියන 5.3ක්ද, කිවුල් දිය ඉස්සන් අපනයනයෙන් රුපියල් මිලියන 1,931ක් ද, මිරිදිය ඉස්සන් අපනයනයෙන් රුපියල් මිලියන 154ක් ද වශයෙන් විදේශ විනිමය ඉපයීමට හැකි වී තිබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් මුහුදු ආහාර අපනයනකරුවන් සමඟ සාකච්ඡාවක් පසුගියදා අමාත්‍යාංශයේ දී පැවැති අතර එහිදී මෙම තොරතුරු අනාවරණය විය.

විශේෂයෙන් ඉදිරි කාලය තුළ මත්ස්‍ය අපනයනකරුවන් දිරි ගැන්වීම සඳහා ඔවුන්ට තවතවත් අවශ්‍ය පහසුකම් සැපයීමට රජය වශයෙන් කටයුතු කරන බව කී ඇමැතිවරයා 2020 වනවිට ධීවර ක්ෂේත්‍රයෙන් මෙරට ජාතික ආදායමට ලබාදෙන දායකත්වය අනුව මෙම අංශය තුන්වන ස්ථානයට පත්කිරීමට අවශ්‍ය සහයෝගය සියලු පාර්ශ්ව විසින් ලබාදිය යුතු යැයිද කීය.

RSL

Related Posts