එහේ සහ මෙහේ!

Spread the love

FB mathra3“මේ තියෙන්නේ දෙසැම්බර් 31 වෙනිදා ඩුබායි වල තට්ටු 60ට වැඩි සුඛෝපභෝගී හෝටලයක් (Address Downtown) ගිනි ගත්ත වෙලාවේ ඒ ගින්න මැඩපවත්වන්න යුහුසුළුව ක්‍රියාකරන ගිනි නිවන භටයන්ගේ චායාරූපයක්. ඇත්තටම මොවුන්ගේ ක්ෂනික ප්‍රතිචාර දැක්වීම නිසා 100% occupied වෙලා (31st night කිව්වාම බර්ජ් කලීෆා එක ලඟ ම තියෙන ලෝක ප්‍රසිද්ද fire works හොදටම පේන හොටේල් එකේ සෙනඟ කොච්චර ඉන්න ඇති ද කියලා කියන්න දෙයක් නෑ) ඉතාම කාර්‍යබහුල වෙලා තිබ්බ හෝටලයේ හිටපු සියලු දෙනාවම කිසිම අනතුරක් නොවී බේරගන්න පුළුවන් වෙලා තියෙනවා.

හොදම දේ දැන් එළි වෙලා තියෙනවා මේ ඡායාරූපයේ ඉන්න ගිනි භටයා වෙන කවුරුවත් නෙමෙයි ඩුබායි වල රජ්ජුරුවෝ එහෙමත් නැත්නම් ශේයික් මොහොමඩ්ගේ පුතා කියලා. නමින් ශේයික් මන්සූර්. ගින්න ආරංචි උන ගමන් තමගේ සියලු අලුත් අවුරුදු සැමරීම් පැත්තකින් තියලා ගින්න ඇති වුණ තැනට ඇවිල්ලා සියලු මෙහෙයුම් ඔහු යටතේ කරලා තියෙනවා. තවමත් තනියෙන් තමන්ගේ වාහනේ ඩ්‍රයිව් කරන් ඩුබායි වල ඕනි තැනක රවුම් ගහන ඩුබායි වල ඉන්න ඕනි මිනිහෙක් ආදරේ කරන ශේයික් මොහොමඩ්ගේ ඊලඟ පරම්පරාව ගැනත් මෙහෙ මිනිස්සුන්ට ලොකු බයක් නෑ.

මේ නිවුස් එක කියවද්දි මට නිකමට මතක් උනේ අපේ රටෙත් එක රජ පැටියෙක් රට බේර ගන්න නාවික හමුදාවට බැදිලා අනිකුත් දක්ෂ නිලධාරීන්ට ලැබෙන්න ඕනි ශිෂ්‍යත්ව වලින් යුද්දේ ඉවර වෙනකන් එන්ගලන්තෙට වෙලා හිටපු එක.”

– ඉන්දික වෙලගෙදර

RSL

Related Posts