එතකොට රවි සියඹලා ගෙනැවිත් ම නැද්ද?

Spread the love

ප්‍රකට ravi-480ව්‍යපාරික, මුදල් අමාත්‍යවර රවි කරුණානායක විසින් කර්ණ කඨෝර ලෙස පසුගිය දා ඉදිරිපත් කළ අය වැය ගෙනාවේ ප්‍රචාරක ව්‍යාපාරයක් ද සහිතව ය. කෙසේ වෙතත් ඉදිරිපත් කර කෙටි කාලයකින් මෙතරම් කුජීත වූ අය වැයක් ඇත්නම් ඒ 1956 හර්තාලයට හේතු වූ අය වැය විය යුතු ය. අය වැයක් සියලු සිත් සතන් පහන් කරමින් ගෙන ආ නොහැකි වුව ද රට සංවර්ධනය කිරීමෙහි ලා එකී අය වැයෙන් සුළු හෝ ධනාත්මක යෝජනා තිබිය යුතු ය.

රවිගේ අය වැය මුල සිට ම අවුල් වූ අතර, අවසානයේ දී ඔහුගේ අය වැයේ පල්ල ගියේ ය. දැන් දැනගන්නට ලැබෙන්නේ තීරු බදු රහිත වාහන බලපත්‍ර මන්ත්‍රීවරුන්ට ද නැවත ලබා දෙන බව ය. මන්ත්‍රීවරයෙකුට රුපියල් ලක්ෂයකට ආසන්න ගෙවීම් ලැබෙන අතර කාර්ය මණ්ඩලයක් සඳහා ද ගෙවීම් කරනු ලබයි. පෙර දී මන්ත්‍රීවරයෙක්ට ලැබුණේ 100%ක් බද්දෙන් නිදහස් කරන ලද තීරුබදු රහිත වාහන බලපත්‍රයකි. ඒ ද ඩොලර් 50000ක් වටිනාකමකින් යුතුව ය.

එසේ බලන කළ සුබ අසුබ සියලු යෝජනා අයින්ව අය වැය පුස්සක්ව ඇති බවත් රවි සියඹලා ගෙනැවිත් ම නැති බවත් ය.

RSL

Related Posts