ඝාතන පරීක්ෂණවලට බාධා!

Spread the love

sri-lanka-policeලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්‌නැලිගොඩ, නඩරාජා රවිරාඡ්, ජෝශප් පරරාජසිංහම් ඇතුළු ඉකුත් සමයේ ඝාතනයට ලක් වූ දේශපාලකයන්, ක්‍රියාධරයින් සහ මාධ්‍යවේදීන්ගේ ඝාතන පිළිබඳව කෙරෙන පරීක්ෂණවලට නොයෙක් බාධා එල්ල වෙමින් පවතින බව වාර්තා වෙයි.

අභිරහස් ලෙස පැවති මේ බොහෝ ඝාතනයන්ගේ සත්‍යය තොරතුරු බොහොමයක් මේ වන විට හෙළි වී ඇති බව සැල යි. එසේ වුවත් මෙම ඝාතනයන්ට අනුබල සහ ආධාර දුන් උසස් නිලධාරීන් බොහොමයක් තවමත් එම ධුර හොබවන අතර ඔවුන්ගෙන් මේ පරික්ෂණ කෙරෙහි නොයෙක් බාධා එල්ලවන බව ද තවදුරටත් වාර්තා වෙයි.

නිලතල හෝ වෙනත් කොන්දේසිවලින් තොරව මිනිස් ඝාතනවලට එරෙහිව ක්‍රියා කිරීම යහපාලනයේ මූලික කොන්දේසියක් වුව ද කිසිදු පරීක්ෂණයක් සම්බන්ධයෙන් තීරණාත්මක අත්අඩංගුවට ගැනීමක්වත් මේ දක්වා වාර්තා වී නැත.

RSL

Related Posts