
වත්මන් යහපාලන රජයේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා වන වසන්ත අළුවිහාරේ තමාට නැති බලයක් අතට ගෙන හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණායතනයේ අධ්‍යක්ෂක වරයාව බලහත්කාරයෙන් දොට්ට දමා ඇතැයි ඉතා විශ්වාසන්ත කටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.
ජනාධිපතිවරයා විසින් පත්කරන ලද අධ්‍යක්ෂකවරයා ඔහුට දන්වා වෙනස් කිරීමේ බලතල ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යවරයාට වන අතර කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා වන වසන්ත අළුවිහාරේ හට එවැනි කිසිඳු බලයක් නොමැති බව අණපනත්වල පැහැදිලිව පෙන්වා දී තිබියදීත්, වැඩතහනමට ලක්වූ දූෂිත නිලධාරීයෙකුගේ කෝන්තර පිරිමසා ගැනීමට කියන ලද කේළමකට යටත්ව හෙක්ටර්කොබ්බෑකඩුව පර්යේෂණායතනයේ අධ්‍යක්ෂකවරයාව කිසිඳු කරුණු විමසීමකින් තොරව ඉවත් කොට නව අධ්‍යක්ෂකවරයෙකු පත් කොට එවා ඇත.
වසර ගණනක් වේලෙමින් යන එනමන් නොමැතිව සිටි වසන්ත අළුවිහාරේ වැන්න උන් අහම්බෙන් ලද ඇමති පට්ටමෙන් තමාට නැති බලයක් ආරෝපණය කරගනිමින් මෙලෙස හිස උඳුමුවාගනිමින් පිස්සු නැටීම යහපාලනය දැයි ඇසිය යුතුය.
මෙසේ වසන්ත අළුවිහාරේගේ නොපණත් හැසිරීමට ගොදුරුව ඇත්තේ මෙරට කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා පර්යේෂණ හා ගවේෂණ රාශියක් සිදුකර ඇති ජනාධිපතිවරයා විසින් පත්කළ හෙක්ටර්කොබ්බෑකඩුව පර්යේෂණායතනයේ අධ්‍යක්ෂකවරයා වන ධර්මසේන හපුත්‍රන්තී මහතා බව සඳහන්.