ETIමූල්‍ය සමාගම සහ අධ්යක්ෂවරු සතු දේපළ සහ බැංකු ගිණුම් තහනම් කිරීමේ නියෝගයක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී ඇත.
ඊ.ටී.අයි මුදල් අහිමි වූ තැන්පත්කරුවන්ගේ සංගමය විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කෙළ්ය.
එහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව, එහි අධිපතිවරයා සහ එහිමුදල් මණ්ඩලයේ සාමාජිකයින්, ඊ.ටී.අයි මූල්‍ය සමාගම සහ එහි අධ්යක්ෂ මණ්ඩලය,පොලිස්පතිවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු 18 දෙනෙකු නම් කර තිබේ.
අදාළ සංගමයේ කියා සිටින්නේ ඊ.ටී.අයි මූල්‍ය සමාගම ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි සමඟ කළ බවයි.
එහෙත් ගනුදෙනුකරුවන් විසින් එම සමාගමේ තැන්පත් කළ මුදල් මේ වන විට දැඩි වංචාවට ලක් වී තිබෙන අවස්ථාවක ඒ සඳහා මැදිහත් වී ගනුදෙනුකරුවන්ට සහනයක් ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව අසමත්ව සිටින බව පෙත්සම්කරුවන් චෝදනා කරයි.
එම නිසා මෙම තැන්පත්කරුවන්ගේ අර්බුදයට මැදිහත් වී ඊට විසඳුමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටින එම සංගමය ඊ.ටී.අයි සමාගම සහ අධ්යක්ෂවරු සතු නිශ්චල හා චංචල දේපළ මෙන්ම බැංකු ගිණුම් තහනම් කිරිමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝග නිකුත් කරන මෙන්ද ඉල්ලා තිබේ.
එමෙන්ම අදාළ දේපළ වෙන්දේසිකොට තැන්පත්කරුවන්ට සහනයක් සලසා දීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝගය කරන මෙන්ද එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලීම් කර තිබේ.