මැතිවරණ පැමිණිලි 375ක්

Spread the love

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 375ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පසුගිය 08 වනදා සිට ඊයේ දිනය දක්වා අදාල පැමිණිලි ලැබී ඇති අතර මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 360ක්, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 09ක් හා වෙනත් පැමිණිලි 06ක් ඊට ඇතුළත්.

ඊයේ පස්වරු 04.30න් අවසන් වු පැය 24 කාලය තුළ මැතිවරණ පැමිණිලි 106ක් මැතිවරණ කොමිෂන් සභාව වෙත වාර්තා වී ඇත.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 98ක්, ප්‍රචණ්ඩ ක්‍රියාවලට අදාළ පැමිණිලි 04ක් හා වෙනත් මැතිවරණ පැමිණිලි 04ක් ඒ අතර වන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

RSL

Related Posts