සියල්ලන් ඉදිරියේ සජිත්ව ගොනාට ඇන්දවවූ චම්පිකගේ ප්‍රෝඩාව ගැන තොරතුරු තාක්ෂණ සංවිධාන කරුණු හෙළි කරයි

Spread the love

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය භාර අමාත්‍යවරයා වන පාඨලී චම්පික රණවක විසින් සිදුකරගෙන යනු ලබන “මෙගා මයින්ඩ්” නැමැති සංදර්ශන මාලාවේ වැඩසටහනකදී, පා.ච.රණවක අමාත්‍යවරයා දැනුවත්ව හෝ නොදැනුවත්ව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාව දෘෂ්ටි ප්‍රයෝග මඟින් විද්වත් වෘත්තිකයින් ඉදිරියේ දැඩි අපහසුතාවයටත්, ලැජ්ජාවටත් පත්කිරීම කරමින් රටේ පොදු මහජනතාව ගොනාට ඇන්දවීමට ගත් නිර්ලැජ්ජිත උත්සහය මෙරට තොරතුරු තාක්ෂණ සංවිධාන දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැක තිබේ.

කෘතිම බුද්ධිය ලෙස පෙන්වීමට ව්‍යාජ අන්තර්ගතයන් භාවිතා කිරීමෙන් මිනිසුන් කෘතිම බුද්ධි තාක්‍ෂණය වරදවා වටහා ගත හැක

මේ දිනවල දේශපාලන වේදිකාවන් වල ජනාධිපතිවරණ අපේක්ෂකයින් විසින් ඔවුන්ගේ දේශපාලන රැස්වීම වලදී ඔවුන් බලයට පත්වූ විට ඉරිදිරියේදී රටේ ගැටළු විසදීමට කෘතීම බුද්ධිය වැනි නවීන තාක්ෂනය භාවිතා කිරීමට සුදානම් බව පවසින් ඒ සදහා ඔවුන් සතුව එම ක්‍රියාවලීන්ට යොදාගතහැකි පරිගණක වැඩසටහන් පවතින බව සදහන් කරමින් දැවැන්ත පුළුල් තිරවල නියැදී ප්‍රදර්ශනය කිරීමක් දක්නට ලැබේ. ජනතාවගේ ගැටළු නිරාකරණයට කෘතීම බුද්ධිය වැනි තාක්ෂණයන් භාවිතා කීරීමට ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙන පිරිස් පෙළබිම ඉතා කාලෝචිත ක්‍රියාවක් ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අගයන අතර එහෙත් අන්තර්ජාලයේ වීඩියෝ පට සංස්කරණය සදහා තිබෙන සංරචක උපයෝගී කරගනිමින් දෘශ්‍ය ප්‍රයෝග ජනතාවට ඉදිරිපත්කොට ජනතාව නොමග යැවීමට ජනාධිපතිවරණ අපේක්ෂකයින්  කටයුතු කිරීම කිසිසේත්ම අනුමත කල නොහැක. එම ඉදිපත් කිරීම් වලට අදාළ වීඩියෝ පට සංස්කරණය සදහා තිබෙන සංරචක මේ වනවිට සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර ඉතා වේගයෙන් හුවමාරු වෙමින් පවතී. මෙලෙස කෘතීම බුද්ධිය වැනි තාක්ෂණයන් පිලිබදව බොරු මවාපෑම් සිදුකිරීමට යාමෙන් එම තාක්ෂණයන් පිලිබදව ජනතාව වැරදි අවබෝධයක් ලබාගත හැකි බව අප සංගමය සියලුම ජනාධිපතිවරණ අපේක්ෂකයින් හට පෙන්වාදීමට කැමැත්තෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්  
 සභාපති                                                                
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් ව්‍යාජ තාක්ෂණයක් මවා පා ජනතාව නොමඟ යැවීමට තැත් කිරීම

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් පසුගිය දා ඔහු විසින් “කෘත්‍රිම බුද්ධිය කළමනාකරණ පුවරුව (Artificial Intelligent Management Dashboard)” ලෙසින් හඳුන්වනු ලැබූ පුවරුවක් පෙන්වා මහජනතාව නොමඟ යවන්නට උත්සාහ කරනවා දැක අපි ඉමහත් කණගාටුවටත් මවිතයටත් පත්වීමු. එය හුදෙක් වීඩියෝවක් ප්‍රදර්ශනය කර ජනතාව නොමඟ යැවීමට තැත් කිරීම පමණක් බව අප ප්‍රකාශ කර සිටින්නේ ඉමහත් නොසතුටිනි.

කෘත්‍රිම බුද්ධිය යනු උපාංගයක් යම් අවස්ථාවකට ගැලපෙන පරිදි වඩාත් සුදුසු ක්‍රියාමාර්ගයක් තාක්ෂණය ඔස්සේ තීරණය කිරීමයි. උදාහරණ ලෙස රියැදුරෙකු නොමැතිව වාහනයක් ධාවනය කිරීම, වෛද්‍යවරයෙකු සේ රෝග නිධානය හඳුනාගෙන ප්‍රතිකාර නියම කිරීම වැනි දෑ දැක්විය හැකිය.

සජිත් ප්‍රේමදාස මහතා වීඩියෝවක් මඟින් ජනතාව නොමඟ යවමින් හෝ පෙන්වන්න උත්සාහ කළ දෙයවත් කෘත්‍රිම බුද්ධිය නොවේ. වෛවර්ණ පුවරුවක හුදු දත්ත පෙන්වීම පමණක් කිසිසේත්ම කෘත්‍රිම බුද්ධිය නොවේ. එම අවස්ථාවේ, ඔහු ගැටළුවලට පිළිතුරු සොයන්නේ තවත් අයෙකු සමඟ සාකච්ඡා කිරීමෙනි. එහිදී ක්‍රියාත්මක වන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ බුද්ධිය සහ අනෙක් පස සිටින නිලධාරියාගේ බුද්ධිය මිස කෘත්‍රිම බුද්ධියක් නොවන බව පැහැදිලිය.

රටේ නායකත්වය ප්‍රාර්ථනා කරන පුද්ගලයෙකු සිය චන්දදායකයන්ව නොමඟ යැවීමට මෙවැනි පහත් ක්‍රියාවක නිරත වීම අපට තවමත් අදහාගත නොහැක. මේ වංචාසහගත ක්‍රියාව මඟින් ජනතාව නොමඟ යැවීමට උත්සාහ දැරීම පිළිබඳව ඔහු විසින් ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිය යුතු බව අපි යෝජනා කරමු.

ලසන්ත වික්‍රමසිංහ
ලේකම්
තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය

ඡායාරූප අනුග්‍රහය: ඩේලි මිරර්

RSL

Related Posts