පීඩාවටපත් ජනයාගේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කාලය දීර්ඝ කරයි
- RSL
- May 30, 2017
- පුවත් සහ වාර්තා
- Eelection, news, reports
- 0 Comments
ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත් ජනතාව ජීවත් වන දිස්ත්‍රීක්කවල ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු සඳහා ලබාදෙන කාලසීමාව දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය සඳහා අවශ්‍ය ආකෘති පත්‍ර පිරවීම සඳහා ලබාදී තිබු කාලසීමාව ජුනි මස 07 වන දින අවසන් කිරීමට නියමිතව තිබුණ ද විපතට පත් ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් අදාළ කාලසීමාව දීර්ඝකිරීමට තීරණය කර ඇති බවය.
මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදි මහින්ද දේශප්‍රිය මහතා ඒ පිළිබදව මෙසේ පැහැදිලි කළේය.
මේ අතර ආපදාව හේතුවෙන් නිවාස අහිමි වු පුද්ගලයින්ට ද ගැටළුවකින් තොරව ඡන්ද හිමි නාමලේඛන පිරවීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.