ප්ලාස්ටික් බෝතල් ගංවතුරට දැම්මොත් තවත් ආපදාවක්!

Spread the love

ගාල්ල දිස්ත්‍රික්කයේ පසුගිය දින කිහිපය පුරා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව නිසා ජලයෙන් යටවූ ප්‍රදේශවල ජනතාව වෙත ලබා දෙන ප්ලාස්ටික් බෝතල් නැවත පරිසරයට මුදා හැරීම නිසා බරපතළ ඩෙංගු අවදානමකට ඉදිරි කාලය තුළ පත්විය හැකි බව ගාල්ල නාගරික කොමසාරිස් අනිර වික්‍රමසේකර මහතා ඊයේ(29) සඳහන් කළේය. ඒ ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී.කොඩිකාර මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බවත් ඒ සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ජනතාව දැනුවත් කරන ක්‍රමවේදයක් සකස් කර දෙන බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්. ටී. කොඩිකාර මහතා දන්වා සිටියේය.

RSL

Related Posts