දිනකට වතුර ලීටර් 06ක් වත් බොන්න; පවතින අව්වෙන් ලෙඩ ගොඩක්!

Spread the love

මෙම දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් දිනකට ජලය ලීටර් 06 ක්‌ වත් පානය කිරීම සුදුසු යෑයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා වෛද්‍ය සමිද්දි සමරකෝන් මහත්මිය පවසයි.

මෙහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ වෛද්‍ය සමිද්දි සමරකෝන් මහත්මිය මෙසේද කියා සිටියාය.

“දැන් මේ කාලයේ අධික උෂ්ණත්වයක්‌ පවතිනවා. මේ නිසා වැඩි වැඩියෙන් වතුර බොන එක වැදගත්. විශේෂයෙන් දිනකට ජලය ලීටර් 6 ක්‌ වත් බීම සුදුසුයි. අනිත් එක දරුවන් අව්වේ ක්‍රීඩා සඳහා මේ දිනවල යොමු කරන්න එපා. මොකද චර්ම රෝග හැදීමේ ප්‍රවණතාවක්‌ තියෙනවා. අනිත් එක තමයි ජලයෙන් නිතර ඇඟ තෙමාගන්න.

ඒ වගේම තැඹිලි, දොඩම්, නාරං වැනි පාන මේ දිනවල බොන එකත් හොඳයි. අත්‍යවශ්‍ය කටයුත්තකට එළියට යනවා නම් කුඩයක්‌ ඉහළගෙන යන්න. නැත්නම් දැනට පවතින අව්ව දැස්‌වලට ද බලපෑම් ඇතිකරන්න පුළුවන්.

“අනිත් එක පිටත ඉන්නවා නම් අත්වල සුදුසු ආලේපනයක්‌ ගල්වා ගන්න. මේ පවතින අධික උෂ්ණත්වය ගැන සැලකිලිමත් වෙලා කටයුතු කළොත් ඔබට චර්ම රෝග වැනි රෝගාබාධවලින් මිදෙන්න පුළුවන්.

-දිවයින-

RSL

Related Posts