හෙට වෛද්‍ය වර්ජනය පැය 24ක් දක්වා දිගු වෙයි

Spread the love

සයිටම් ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් වෛද්‍යවරු හෙට (22) උදෑසන 08.00 සිට වරුවක් පැවැත්වීමට නියමිතව තිබූ වැඩවර්ජනය පැය 24ක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

ඒ අනුව මෙම වර්ජනය හෙටඋදෑසන 08.00 සිට 23 වනදා උදෑසන 08.00 දක්වා ක්‍රියාත්මක වේ.

01. නීති විරෝධි සයිටම් ආයතනයට විරුද්ධව උද්ඝෝෂණය කළ විශ්වවිද්‍යාල සිසුන්ට රජය විසින් මිලේච්ඡ ලෙස පහර දී තුවාල සිදු කිරීම හා අත් අඩංගුවට ගැනීම.

02. වෛද්‍ය සභාවට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට වගකිව යුතු පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට නොගැනීම.

03. සයිටම් ආයතනයේ හිටපු විධායක නිලධාරියා හා සම්බන්ධ වෙඩි තැබීමේ ජවනිකාවට අදාල චූදිතයන් හට නීතිය ක‍්‍රියාත්මක නොකිරීම.

04. වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළවෙළ.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සයිටම් ආයතනයේ පරිහරණය සඳහා රජයේ රෝහල් භාවිතා කිරීමට අවසර දීමට විරුද්ධව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් අල්ලස් හා දුෂණ කොමිසමට සහ පොලීසියට කළ පැමිණිලිවලට අදාලව විධිමත් පරීක්ෂණයක් නොකිරීම. යන කරුණු කිහිපයක් සඳහා විරෝධය පළ කරමින් මෙම වරජනය ක්‍රියාත්මක කෙරේ.

ඉහත ගැටළු සඳහා සාධනීය ප‍්‍රතිචාර දැක්වීම හිතාමතාම මඟ හරින බලධාරින් මෙම වැඩ වර්ජනයෙන් රෝගී ජනතාවට වන බලපෑම පිළිබඳ වගකීම භාර ගත යුතු බවත් අවධාරණය කරන බවද එම වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.

RSL

Related Posts