අපිව කඩේ අරිමින් විකුණන් කෑවට රාජපක්ෂලා රණවිරුවන් වෙනුවෙන් කළ කෙන්ගෙඩියක් නැහැ.. ගෝඨා කොන්ඩම් කළ රණවිරුවෝ ඇත්ත හෙළිකරති (වීඩියෝ)

Spread the love

තමා ඇතුළු ආබාධිත රණවිරුවන්ව දැන්වීම්, උද්ඝෝෂණ, විරෝධතා ඇතුළු විවිධ දෑ සඳහා යොදා ගනිමින් රාජපක්ෂලාගේ දේශපාලන අවශ්‍යතා සඳහා කඩේ ඇරියද ඇත්තටම මහින්ද, ගෝඨාභය ඇතුළු රාජපක්ෂ පවුලේ එකෙක්වත් යුද්ධ වෙනුවෙන් දිවි පිදූ සහ යුද්ධයේදී ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන් 2009 සිට ගෙවුණු 10 වසර තුළ කළ කිසිඳු කෙන්ගෙඩියක් නොමැති බව විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ගේ සංවිධානයේ කැඳවුම්කරු ගජබා රෙජිමේන්තුවේ විශ්‍රාමික කපිතාන් අසේල ධර්මසිරි මහතා ඊයේ (28) මාධ්‍ය හමුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පැවසීය.

රාජපක්ෂලාගේ දේශපාලන ජයග්‍රහණය වෙනුවෙන් රණවිරුවන් අනිසි ලෙස භාවිතා කරන බවත් වසර හයක් තිස්සේ රට පාලනය කළත් රණවිරුවන්ට හිමි වරප්‍රසාද ලබාදීමට රාජපක්ෂ ආණ්ඩුව කටයුතු නොකළ බවත් ඒ මහතා කීය.

තිඹිරිගස්යාය පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් එක්සත් රණවිරු ප්‍රජාව නියෝජනය කරමින් අසේල ධර්මසිරි මහතා මේ බව ඊයේ (28) ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ කඳවුරේ සිටින විට අප දේශප්‍රේමීන් විදියට ඒ කාලයේ නම් කළ බවත්, රාජපක්ෂවරුන්ගේ අකටයුතුකම් නිසා ඔවුන්ගෙන් ඉවත්ව වෙනත් පක්ෂයකට සහාය දෙන විට අප දේශද්‍රෝහීන් ලෙස නම් කරන බවත් ඔහු පැවැසුවේය.

රාජපක්ෂවරුන් බලයට ගෙන ඒම සඳහා 2009 වසරේ සිට ඔවුන්ගේ දේශපාලන වේදිකාවල පෙනී සිටි බවත් පොහොට්ටුවටවත් රාජපක්ෂවරුන්ටවත් බය නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.

රාජපක්ෂවරුන් ගැන කලකිරීමට පත්ව පැත්තකට වී සිටින විට රාජිත සේනාරත්න ඇමැතිවරයාට කතා කර සජිත් ප්‍රේමදාස මහතා මුණ ගස්වන ලෙස කළ ඉල්ලීම එතුමා ඉටු කළ බවත්, රණවිරු අරගල මහපාරට ගෙනා කෙනෙක් විදියට සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නගින එක කිසිවකුටවත් නැවැත්විය නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.

රණවිරුවන්ගේ සටන් හා දේශපාලනය එකට ගාවාගෙන නොමැති බවත් අලිමංකඩ සටන් බිමේ ලක්ෂ එක හමාරක් රණවිරුවන් අතරමංව සිටිය දී අපව බේරා ගැනීමට එදා ගෝඨාභයලා නොසිටි අතර රණවිරුවන් බේරා ගත්තේ ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහත්වරු ඇතුළු නිලධාරීන් බවත් ඔහු පැවැසුවේය.

රණවිරුවන්ට අවශ්‍ය වරප්‍රසාද ලබාදෙන බවට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ම එළිදක්වා තිබෙන්නේ යැයි ද, ගෝඨාභය මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ රණවිරු වරප්‍රසාද සම්බන්ධයෙන් සඳහන් වීමක් නොමැති යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙවර ජනධිපතිවරණයේ තැපැල් ඡන්දවලින් හැකි නම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර පෙන්වන ලෙසට අභියෝග කරන බවත්, ලක්ෂ එක හමාරක් වන රණවිරුවන්ගේ ඡන්ද අනිවාර්යයෙන් ම සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයට භාවිතා කරන බවත් ඒ මහතා පැවැසුවේය.

මාවිල්ආරු සොරොව්ව විවෘත කළ රණවිරු පුෂ්ප කුමාර, අපි වෙනුවෙන් අපි ප්‍රචාරක දැන්වීමට පෙනී සිටි කෝප්‍රල් තේජාන් සමන් කුමාර මහත්වරු සහභාගී වූහ.

RSL

Related Posts