මෛත්‍රීගේ සිහිනයක් සැබෑවෙයි

Spread the love

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැක්ම සහ කැපවීමකට අනුව නිර්මාණය වුණු ශ්‍රී ලංකාවේ විශාලතම මෙන්ම එකම බහුකාර්ය ව්‍යාපෘතිය වූ මොරගහකන්ද යටතේ වූ මොරගහකන්ද ජලාශයේ ජලය කෘෂිකර්මාන්තය වෙනුවෙන් මුදාහැරීම ඇරඹීමත් සමඟ පරාක‍්‍රම සමුද්‍රය, මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල, කන්තලේ යන ජලාශ හරහා වියළි කලාපීය ගොවිබිම් වෙත නොඅඩුව ජලය ලබාදීමේ ඉලක්කය ජයගැනීමට මෙවර යල කන්නයේ දී ප‍්‍රථම වරට හැකියාව ලැබී ඇත.

මාස් කන්නයට වගා කෙරෙන ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී වගාවට ප‍්‍රමාණවත් ලෙස වර්ෂා ජලය වියළි කලාපයට ලැබෙන අතර, එම කාලයේ දී මොරගහකන්ද ජලාශයේ පෝෂක ප‍්‍රදේශය වන දුම්බර මිටියාවතට ලැබෙන ජලය ඝන මීටර් මිලියන 800 ක් අතීතයේ පටන් මුහුදට ගලා ගියේ, පොළොන්නරුව සහ සෝමවතිය ප‍්‍රදේශවලට දැවැන්ත ගංවතුර තර්ජනයක් ද එක්කරමිනි.

මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීමත් සමඟ දුම්බර මිටියාවතට වැටෙන වැසි ජලය රැස්කර තබා ගනිමින්ල යල කන්නයේ දී කෘෂිකර්මාන්තය වෙත මුදා හැරීමට අවස්ථාව සැලසෙන අතරල සෝමාවතිය ප‍්‍රදේශයට මෙතෙක් බල පැවැත්වූ ගංවතුර තර්ජනය අවසන් කිරීමට ද එයින් හැකියාව ලැබී ඇත.

ඒ අනුව මෙතෙක් ජල කාල සටහන අනුවල සීමිතව සහ විටින් විට පමණක් ජලය සැපයුණු වියළි කලාපීය ගොවිබිම් අක්කර 80,000 ක් වෙත යල කන්නයේ දී ප‍්‍රමාණවත් ලෙස ජලය ලබාදීමට මෙවර හැකියාව ලැබී ඇත.

මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ අඹන් ගඟල ඉහළ ඇළහැර ඇළල වයඹ ඇළ සහ කළුගඟ පහළ නිම්න ව්‍යාපෘතිය යන ප‍්‍රධාන ව්‍යාපෘති 4 ක් ඔස්සේ වාරි ජලය සම්පාදනයට සැලසුම් කොට ඇති අතර එයින් අඹන්ගඟ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් නිම කොට අඹන් ගඟ හරහා ගොවිබිම් වෙත ජලය ලබාදීමේ කටයුතු මේ වනවිට සාර්ථක ලෙස ආරම්භ කොට ඇත.

ඒ අනුව අඹන්ගඟ හරහා සැපයුනු ජලයෙන් මෙවර ඇළහැර ප‍්‍රදේශයේ පමණක් වගා කෙරුණු ගොවි බිම් ප‍්‍රමාණය අක්කර 16,500 කි.

ඉහළ ඇළහැර ව්‍යාපෘතිය, වයඹ ඇළ ව්‍යාපෘතිය සහ කළුගඟ පහළ නිම්න ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කොට කඩිනමින් ක‍්‍රියාත්මක අතර මෙම ව්‍යපෘති 4 සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක වීමෙන් පසු පවුල් 150,000 කට අයත් 600,000 කට අධික පිරිසකට කෘෂිකර්මාන්තයේ රන් අස්වනු නෙළාගත හැකිවනු ඇත.

මේ වනවිට පරාක‍්‍රම සමද්‍රයේ ජල ධාරිතාව අක්කර අඩි 116,000 ක් ද ගිරිතලේ අක්කර අඩි 10,100 ක් ද මින්නේරිය ජලාශයේ අක්කර අඩි 74,500 ක් ද ලෙස පිරී පිටාර මට්ටමට ආසන්නව පවතී.

එසේම මොරගහකන්ද ජලාශයෙන් නිෂ්පාදනයට අපේක්ෂිත විදුලිබල ධාරිතාව මෙගාවොට් 25 ක් වන අතර, ඒ වෙනුවෙන් ක‍්‍රියාත්මක විදුලිජනක යන්ත‍්‍ර 4 න් 3 ක් මේ වනවිට ක‍්‍රියාත්මකව පවතී.

මේ හැරුණු විට උතුරුමැදල වයඹ සහ නැෙ‍‍‍ගනහිර පළාත්වල වැසියන් වෙත පිරිසිදු පානීය ජලය ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ සැලසුම් කර ඇති අතර, ඒ වෙනුවෙන් වන අතිරේක ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතු දු කඩිනමින් සිදුවන ආකාරය ද දැකගත හැකිවිය.

RSL

Related Posts