සාගලගේ රියදුරා ගෝඨාගේ ගෝලයෙක්… කුප්‍රකට මලික්ව පන්නා දමන ලෙසට ඉල්ලීමක් (විශේෂ)

Spread the love

මේ සිද්ධිය සම්බන්ධයෙන් එම සංවිධායකවරුන් සිරිකොත මුලස්ථානය ඉදිපිටදී පසු ගියදා විරෝධතාවයක් ද පැවැත් වූ අතර මේ වන විට එම සංවිධායකවරුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබෙන්නේ මලික් සමරවික්‍රම මහතා වහාම පක්ෂයේ සභාපති ධූරයෙන් පහ කරන ලෙසය.

මලික් සමරවික්‍රම සහ සාගල රත්නායක කියන්නේ මහින්ද රාජපක්ෂටත්,ගෝඨාභය රාජපක්ෂටත්,බැසිල් රාජපක්ෂටත් අවශ්‍ය ලෙස ක්‍රියා කරන ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ සුරතලුන් බව කොළඹ සේදවත්ත පුරාණ රජ මහා විහාරාධිපති,ජාතික යොවුන් පෙරමුණේ උපදේශක,එක්සත් භික්ෂූ පෙරමුණේ සහ ජාතික විද්වත් සභාවේ ජාතික සංවිධායක අඹන්පොල ඥානාලෝක නා හිමියෝ පවසා ඇත.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක,සැලසුම් අධ්‍යක්ෂක විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ,විශේෂ සහයිකා සැන්ද්‍රා පෙරේරා,එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම සහ මහා ලේකම් කබීර් හෂීම් යන මහත්ම මහත්මීන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් දැඩි ලෙස දෝෂාරෝපණය කිරිමටද උන්වහන්සේ කටයුතු කර තිබේ.

අදාළ කණ්ඩායම් එක්සත් ජාතික පක්ෂයෙන් සහ අරලිය ගහ මන්දිරයෙන් ඈත් කර ඒ අයගේ තනතුරු සඳහා ජනතා පදනමක් තිබෙන,ජනතාවගේ හද ගැස්ම හඳුනන,බෞද්ධ පදනමක් සහ දේශපාලනය ගැන අවබෝධයක් තිබෙන පිරිසක් පත් කර ගන්න යැයි එක්සත් ජාතික පක්ෂයට හිතවත් ප්‍රබල භික්ෂූන් වහන්සේලා පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශේෂ ඉල්ලීමක් ද කර තිබේ.

සාගල රත්නායක මහතා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරෙනුත්,මලික් සමරවික්‍රම මහතා එක්සත් ජාතික පක්ෂයේ සභාපතිකමෙනුත්,කබීර් හෂීම් මහතා මහා ලේකම්කමෙනුත් වහාම පහ කර ඒ තනතුරු සඳහා මහා පොලවේ පය ගසා සිටින,ජනතාව පිළි ගන්නා,ජනතාවගේ හද ගැස්ම හඳුනන,දේශපාලනය ගැන දන්නා සහ ජනතා පදනමක් තිබෙන පිරිසක් පත් කළ යුතුයි.

මලික් සමරවික්‍රම සහ සාගල රත්නායක කියන්නේ මහින්ද රාජපක්ෂටත්,ගෝඨාභය රාජපක්ෂටත්,බැසිල් රාජපක්ෂටත් අවශ්‍ය ලෙස ක්‍රියා කරන ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ සුරතලුන් බව පැහැදිලිව කිව යුතුයි.මේ කල්ලිය ඒ කණ්ඩායම සමග තිබෙන සබඳතා සහ කරමින් සිටින ගනු දෙනු ඉදිරියේදී අප රටට හෙළි කරනවා.ඊට හොඳම උදාහරණය වන්නේ සාගල රත්නායක මහතාගේ රියදුරාත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගෝලයකු වීමයි.

එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ මේ රැඩිකල් සංශෝධන සිදු කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අප සමග එකඟ වී සිටින අතර ඒ අනුව ඉදීරියෙදී ඉතා නැවුම් සහ ජනතාවට පිළිගත හැකි ජනතාවාදී පක්ෂ යාන්ත්‍රණයක් ඇති කෙරුණු නියතයි.

මේ අතර පළාත් පාලන මැතිවරණයෙන් පසුව එම ආයතන සඳහා නියෝජිතයින් තේරීමේදී එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතා ආසන සංවිධායකවරුන්ගේ නිර්දේශ නොතකා සිය අභිමතය පරිදි කිසිදු ජනතා පදනමක් නොමැති සිය ගැත්තන් සහ ඉත්තන් තෝරා පත් කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරහිව රට පුරා ආසන සංවිධායකවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතියි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් එම සංවිධායකවරුන් සිරිකොත මුලස්ථානය ඉදිපිටදී පසු ගියදා විරෝධතාවයක් ද පැවැත් වූ අතර මේ වන විට එම සංවිධායකවරුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබෙන්නේ මලික් සමරවික්‍රම මහතා වහාම පක්ෂයේ සභාපති ධූරයෙන් පහ කරන ලෙසය.

උපුටනය: lankaleaks.net

RSL

Related Posts