පිටිදූවේ සිරිධම්මට අභියෝගයක් !

Spread the love

siridammaපිටිදුවේ සිරිධම්ම (වැරදුණා සමන්තභද්‍ර) නිවන් අවබෝධ කරගත්තානම් යහපති. මා මේ ලියන්නේ පිටිදූවේ සිරිධම්ම නමැති කාලයක් මෙරට වැඩ වාසය කළ හිමියන් පිළිබඳවය.

සිරිධම්ම ගිහියකු කාලයේ හිටියේ අපේ පාසලට අල්ලපු පාසලේය.

මේ පාසලේ සිටින්නේ පෙම්වතුන්ය.

මා මහින්දයේය. සිරිධම්ම රිච්මන්ඩ් විද්‍යාලයේය.

අප දෙදෙනා ම එකම පන්තිවලය.

පාසල් යන කාලයේ ද ඔහුට අපූරු හැකියාවක් තිබිණි.

ඒ වෙසක් හා පොසොන් කාලයේ දී තොරණවල කවි කීමේය.

කවි කී ඔහු විද්‍යාව සමත්වී විශ්විද්‍යාලයට ගියේය.

විද්‍යාවේදියා පසුව මහණ වූයේය.

ඒ පිටිදූවේ සිරිධම්ම නමිනි.

පිටිදූවේ සිරිධම්ම දිනක් මගේ හොඳ ම මිත්‍රයකු සොයා ආවේය.

ඒ විද්‍යාවේදී සිරිධම්ම හිමියන් කරනු ලබන විද්‍යාත්මක පර්යේෂණ කිහිපයකට ගාල්ලේ සත්ත්ව ප්‍රජාව ගැන කරුණු කිහිපයක් දැන ගැනීමටය.

තම එකම පන්තියේ හිටි පාසල් මිත්‍රයා දුටු මගේ මිත්‍රයා සිවුරු දැරූ මිත්‍රයාට පසඟ පිහිටුවා වැඳ වැටුණේය.

ඉල්ලූ සැණින් සියලු දත්ත සොයා දුන්නේය.

සිරිධම්ම කරනවායැයි කියූ පර්යේෂණවලට හැකි පමණින් උදව් කළේය.

දින සති මාස බවට පත්වී වසර දෙකක් පමණ ගතවී ගියේය.

මගේ අනෙක් මිත්‍රයාගේ තවත් මිත්‍රයකු ඔහුට දිනක් කතා කළේය. ඒ සිරිධම්ම හිමියන් තම නිවසට පැමිණ ඇති බබව කීමටය.
‘‘ සිරිධම්ම හාමුදුරුවෝ මගේ එකම පන්තියේ හිටියේ. මම ටක් ගාලා එන්නම්“ මගේ මිත්‍රයා මහත් භක්තියෙන් සිරිධම්ම පැමිණ සිටිනවායැයි කී ගෙදරට ගියේය.

‘‘හාමුදුරුවනේ, හාමුදුරුවන් ඉස්කෝලේ යන කාලේ එකම පන්තියේ හිටපු යාලුවෙක් එනවා.“ නිවැසියා හාමුදුරුවන්ට එසේ පවසා මිතුරා පිළිගැනීමට පෙරමගට ගියේය.

මගේ මිත්‍රයා ද සිනා මුසු මුහුණින් ගොස් හාමුදුරුවන් ඉදිරියේ වැඳ වැටුණේය.

‘‘මම ඔයාව දන්නෙ නැහැනේ. මොන පන්තියේ ද හිටියේ.“ හාමුදුරුවෝ එසේ විමසූහ.

‘‘ඇයි හාමුදුරුවනේ මාව මතක නැත්තේ. හාමුදුරුවෝ අවුරුදු දෙකකට විතර කලින් පරීක්ෂණයකට කියලා අපේ ගෙදර ඇවිත් තොරතුරු වගයක් අරගෙන ගියේ ?“

‘‘නෑ…… මම ආවෙ නෑ. ඔයා කොහොම ද එහෙම කියන්නේ“

‘‘අයියෝ හාමුදුරුවනේ , මාවත් මතක නැත්නම් මොනව ද ඔබ වහන්සේට මතක. “

‘‘නෑ… මට මතක නෑ……..‘‘

හාමුදුරුවෝ එසේ කියද්දී මගේ මිතුරාත් ඔහුගේ අනෙක් මිතුරාත් තුෂ්ණිම්භූතව බලා සිටියහ.

එදා සිරිධම්ම එසේ බොරු කීවේ ඇයිදැයි අදටත් අප දන්නේ නැත. අදට ද එය ගැටළුවකි.

එදා පිටිදූවේ සිරිධම්ම හිමියන් එසේ කින්නට ඇත්තේ රහත් වී නොසිටි නිසා විය හැකිය. ඒ නිසා බොරුවක් කියන්නට ඇත.
රහත් වූ හිමිවරු බොරු කියන්නේ නැත.

ඒ නිසා මා අපේ මිතුරා යළි සිරිධම්මට මුණ ගස්වා ඇත්ත කියන්නේ දැයි බැලීම ඔහුගේ රහත් බව මැනීමට ඇති හොඳම උපක්‍රමයයි.
පිටිදූවේ සිරිධම්ම අභියෝග කරමි.

ඔබ එය භාරගන්නවා ද ?

-උපුටා ගැනීම සජීව විජේවීරගේ ෆේස් බුක් පිටුවෙනි-

(මෙහි එන සටහන මුහුණුපොතන් ඉපිටුමකි. එහි රචකයා හෝ රචකාව Read Sri Lanka සාමාජිකයෙක් නොවේ. එකී අදහස්වල වැදගත්කම සලකා අප එය උපුටාගන්නෙමු. අප වෙබ් අඩවියේ අදහස් ඔහු හෝ ඇය විසින් දරනුයේ නැත.)

RSL

Related Posts