තෙල් ටැංකි රැකගන්න ඛනිජ තෙල් වෘත්තීය සමිති සටනට

Spread the love

චීන වරාය තෙල් ටැංකි 99 ක්‌ ඉන්දීය ඔයිල් සමාගමට (IOC) පවරා දීමට රජය ගෙන ඇති තීරණය වහා ඉවත් කරගන්නා ලෙසට බලකරමින් ඛනිජ තෙල් සංස්‌ථා ඒකාබද්ධ වෘත්තීය සමිති ඊයේ (23 දා) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක්‌ ආරම්භ කළ බව එම වෘත්තීය සමිති ඒකකයේ කැඳවුම්කරු පවසයි.

ඒ අනුව අද (24 වැනිදා) තම සාමාජිකයන් සේවයට වාර්තා කළත් තෙල් බෙදාහැරීමේ කිසිදු කටයුත්තක නිරත නොවන බව ද හෙතෙම සඳහන් කළේය.

මෙම තෙල් ටැංකි 99 ප්‍රයෝජනයට ගතහැකි හොඳ මට්‌ටමේ පවතින බව ඉංජිනේරුවන් විසින් සිදුකළ නිරීක්‍ෂණයකදී තහවුරු කර ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

මේ වන විට රජය සතුව පවතින කොලොන්නාව සහ මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණවල ගබඩා කළ හැකි තෙල් ප්‍රමාණය මෙටි්‍රක්‌ ටොන් ලක්‍ෂ 04 ක්‌ වුවත් ත්‍රිකුණාමලය තෙල් ටැංකි තුළ තෙල් මෙටි්‍රක්‌ ටොන් ලක්‍ෂ 10 ක්‌ ගබඩා කිරීමේ හැකියාව ඇතැයි ද ඒ මහතා කීවේය.

මේ වන විට ත්‍රිකුණාමලය ටැංකි කිහිපයක්‌ ඉන්දියන් ඔයිල් සමාගමට ලබාදී ඇතත් ඒවා නිසියාකාරව ලබා දී නැති බවත් ඔහු පැවසීය. වත්මන් රජය ඒවා නිසියාකාරව ලබාදීමට කටයුතු කරනු ලැබුවහොත් ඉන් රටට අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බවත් ඔහු සඳහන් කළේය.

මේ දිනවල ජල විදුලිය නොමැතිව වුවත් අඛණ්‌ඩව විදුලිය ලබාදෙන්නට තෙල් සංස්‌ථාව රුපියල් කෝටි පන්දහස්‌ දෙසීයක (රුපියල් මිලියන 52,000) හිඟයක්‌ යටතේ වුවත් විදුලිබල මණ්‌ඩලයට ඉන්ධන ලබාදෙන බවත් ඉන්දියන් තෙල් සමාගමෙන් එවැනි හිඟයක්‌ යටතේ විදුලිය නිපදවීමට ඉන්ධන ලබාගත හැකිදැයි බලධාරීන්ගෙන් තමා විමසන බවත් රාජකරුණා මහතා කීවේය.

ඛණිජ තෙල් සංස්‌ථාව වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමට පෙර අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡා අසාර්ථක වූ බවත් මෙයට ස්‌ථිර විසඳුමක්‌ ලබාගැනීමට නම් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා සමඟ සාකච්ඡා කළ යුතුව ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඊයේ මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ කළ වැඩ වර්ජනය සම්බන්ධයෙන් බලධාරීන් නිසි විසඳුමක්‌ ලබා නොදෙන්නේ නම් එයට විසඳුමක්‌ ලැබෙන තෙක්‌ වෘත්තීය අරගලය අඛණ්‌ඩව දියත් කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

RSL

Related Posts