බෑනාගේ සමාගම හෙට තවත් බැඳුම්කර කොල්ලයකට අර අඳී! (විශේෂ)
- RSL
- March 14, 2017
- පුවත් සහ වාර්තා
- arjuna mahendran bond scam, Central Bank, news, reports
- 0 Comments
කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිව සිටි සමයේ වංචාසහගත ලෙස බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් රටතුළ ඇතිවූ ආන්දෝලනය තවමන් උත්සන්නව පවතින අතර එම බැඳුම්කර වෙන්දේසියේදී ප්‍රාථමික අලෙවි කරුවෙකු ලෙස කටයුතු කළ මහෙන්ද්‍රන් මහතාගේ බෑණනුවන්ගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට වාසිවන ආකාරයට ඔහු කටයුතු කර ඇති බවට සනාත වී තිබේ.
මේ අතර එම බැඳුම්කර වෙන්දේසියෙන් පසු අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමගමේ ලාභය ඊට පෙර පැවති ලාභයට වඩා 500%කට ආසන්න ගුණයකින් වැඩි වී තිබෙනු දක්නට ලැබිණ. එමෙන්ම මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් අර්ජුන් ඇලෝසියස්ට බැඳුම්කර මිලදී ගැනීමට මහ බැංකු මුදලින් රුපියල් මිලියන 31,000ක් ලබාදී ඇති බව අභ්‍යන්තර විගණන වාර්තා මඟින් තහවුරු කර ඇත.
මෙවැනි පසුබිමක් තුළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මහ බැංකුවේ ප්‍රාථමික බැඳුම්කරන අලෙවි සැයිස්තුවෙන් ඉවත් කරන්නැයි දූෂන විරෝධී සංවිධාන විසින් දැඩි ලෙස මහ බැංකුවේ වත්මන් අධිපතිවරයා ඇතුළු පාලක මණ්ඩලයෙන් ඉල්ලා සිටියද මේ දක්වා එම වංචාකාරී සමාගම එම ලැයිස්තුවෙන් ඉවත් කර නැති බවට තවමත් සාක්ෂි ලැබෙමින් පවතී.
2017 මාර්තු 15 වැනි දින රුපියල් දශලක්ෂ 25,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්සිය සඳහාද පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමගම ඇතුළත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මහ බැංකුව පළ කළ පුවත්පත් දැන්වීම පහතින් පළ වේ.
