ෆොන්සේකාට සැලකුව හැටි ගැන නාමල්ට දුකයිලු

Spread the love

හිටපු ජනාධිපතිතුමා රූපවාහිනී නාළිකාවකට කතා කරලා කියනවා සරත් ෆොන්සේකා බන්ධනාගාර ගත වෙලා ඉඳිද්දී හැම පහසුකමක්ම ඔහුට ලබාදුන්නලු. අපි දන්නවා සලකපු විදිහ. සිර කුටියේ ජනෙල් පවා සීල් කළා. සරත් ෆොන්සේකා මහත්තයට හුස්ම ගන්න බැරි තත්ත්වයක් ඇති කළා. තාත්තා එහෙම කියද්දී පුතා අනිත් පැත්තට කියනවා ෆොන්සේකා මහත්තයාට සැලකූ විදිය ගැන කනගාටු වෙනවා කියලා. සත්‍ය ජයගන්නවා කියන්නේ ඕකට තමයි. පුතා කිව්වා නෙවෙයි ඒ දේ ඔහුගේ කටින් එළියට ආවා. ෆොන්සේකා මහත්තයාට උණු වතුර දුන්නා. විදුලි පංකා දුන්නා කියලා හිටපු ජනාධිපතිවරයා කියනවා. ඒවා දුන්නේ ඔහු නෙවෙයි මේ රටේ අධිකරණය’ යැයි අසාද් සාලි මහතා පවසයි. ඔහු මේ බව පැවැසුවේ පසුගියදා ඒ මහතාගේ නිවෙසේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අසාද් සාලි මහතා මෙසේද කීය.

කාන්තා දිනයකුත් ආවා. එහෙත් මහින්ද කියන්නේ කවදාවත් කාන්තාවන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න බැරි ජනාධිපතිවරයෙක්. ශි්‍රයානි බණ්ඩාරනායක මහත්මිය බල්ලො බළල්ලු එළියට දානවා වගේ එළියට දැම්මේ. ඒ අය කළ දේවල්වලට මේ රජයෙන් දඬුවම් ලැබෙයි කියලා හිතුවට එහෙම වුණේ නෑ. ඒකයි අපිට තියෙන දුක. මේ ආණ්ඩුව මහින්දට තවම සලකනවා. කොටින්ම පාවිච්චි කළ වාහනත් සේරම දුන්නා ගෙනියන්න. ඒක තමයි කළ ලොකුම මෝඩකම. ඒ වාහනවල නැඟලා ඔහු දැන් තැන් තැන්වල ගිහින් ජාතිවාදය අවුළවනවා.

තවමත් බැරි වුණා එයාගේ පක්‍ෂයේ සාමාජිකත්වය ගන්නවත්. ජී.එල්. පීරිස් පාර්ලිමේන්තුවේ නැති නිසා ඔහුගේ නමින් පක්‍ෂය ආරම්භ කළා. එහෙත් ඔය ඉන්නවයි කියන 39 දෙනාගෙන් එක්කෙනකුටවත් කොන්ද පණ තියෙනවාද අලුත් පක්‍ෂයේ සාමාජිකත්වය ගන්න. මම අභියෝග කරනවා පුළුවන්නම් සාමාජිකත්වය අරගෙන පෙන්වන්න.

මාධ්‍ය හමු පැවැත්වූවාට ඒවට ඇවිත් එයාලට දැන් කියන්න දේවලුත් නෑ. කියන්න පුළුවන්ද විමල් හොඳ මිනිහෙක් කියලා. නැතිනම් ඉන්න 39 දෙනා ගැන කියලා ඒ සේරම හොරු නෙවෙයි කියන්න පුළුවන්ද? කියන්න දෙයක් නැතිවට දැන් කියනවා සීනි මිල වැඩියිලු.

සීනි මිල වැඩිවීමත් සමඟ හෙරොයින් මෙරටට එන අවස්ථාවත් දැන් වැඩි වෙලා. ජනාධිපතිතුමා පසුගියදා ඉන්දුනීසියාවේදී කළ කතාවේදීත් කිව්වේ සියලුම රටවල් එකතු වෙලා මුහුදින් හෙරොයින් ගේන එක වළක්වන්න වැඩපිළිවෙළක් හදන්න ඕනි කියලා. අපි හිතනවා ජනාධිපති ධුර කාලය තුළ ඔහුට මේ සියල්ල නතර කරන්න පුළුවන් වෙයි කියලා. මහින්ද නම් මේ රටට කළ හොඳක් නෑ. රටටවත්, ජනතාවටත් කිසිම හොඳක් වුණේ නෑ. අද භුක්ති විඳින නිදහස එදා තිබුණද?

RSL

Related Posts