රුසියාවෙන් බිම් බෝම්බ ඉවත් කිරීමේ උපකරණ පරිත්‍යාගයක්

බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා රුසියානු රජය මගින් රුපියල් මිලියන 302 ක් වටිනා යන්ත්‍ර සූත්‍ර හා උපකරණ තොගයක් ඊයේ (03 නොවැ.) මෙරටට පරිත්‍යාග කරන ලදී. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ව්ලැඩ්මීර් පී.මික්හේලෝව් මහතා ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී ඊයේ පෙරවරුවේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඒවා බාරදෙනු ලැබීය. එහිදී රාජපක්ෂ මහතා විසින් එම යන්ත්‍ර හා …

Continue Reading

ව්‍යාපාර රජයට පවරා ගැනීම සම්බන්ධව විපක්ෂයේ චෝදනා අසත්‍යයයි

පාඩු ලබන ව්‍යාපාර රජයට පවරා ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විපක්ෂය නගන චෝදනා පදනමක් නොමැති බව කැබිනට් ප‍්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල පවසයි. ඊයේ (03 නොවැ.) පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ ජනතාවගේ යහපත සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවයි. විවිධ වංචා දූෂණ සහිත, අකාර්යක්ෂම, විවිධ ගැටලූ පවතින, ජනතා හිතවාදී නොවන ලෙස අසාර්ථක පාලනයක් පවතින ව්‍යාපාර මෙසේ පවරා ගැනීමට නියමිත …

Continue Reading

අපේකෂකයින් නව දෙනෙකු තවමත් වත්කම් බැරකම් ඉදිරිපත් කර නැහැ

මෙවර පළාත් පාලන මැතිවරණයේදී තේරී පත්වු අපේකෂකයින් අතුරින් නව දෙනෙකු තවමත් වත්කම් බැරකම් ඉදිරිපත් කර නොමැති බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සදහන් කළේ අපේක්ෂකයින් 411 දෙනෙකු වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇති බවයි. මෙවර පළාත් පාලන මැතිවරණයේදි අපේක්ෂකයින් 420 දෙනෙකු තේරි පත්විය. මැතිවරණ කොමසාරිස්වරයා සදහන් කළේ පරාජිත අපේක්ෂකයින්ට ද වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරිමට නොවැම්බර් …

Continue Reading

පුද්ගලික අංශයට පුළුවන් නම් ඇයි සමූපකාරයට බැරි – ජොන්ස්ටන්

ඊයේ (03 නොවැ.) කොළඹදි පැවති සමූපකාර සේවක ආයතන සංග්‍රහය පිළිබඳ දැනුවත් කිරිමේ වැඩමුළුවක් අමතමින් සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේ රාජ්‍ය නිලධාරීන් පිළිබඳව නොදන්නා බැවින් සමූපකාරයට පෞද්ගලික අංශයෙන් බඳවා ගැනීමට තීරණය කර ඇති බවයි. “අපි මහ විනාශයක් කරා යනවා. තව අවුරුදු 5කින් ආපහු බලන්න වෙන්නේ කෝටි කීයක් අපි ණය වෙලා ද කියලා. රාජ්‍ය නිලධාරි මේ ව්‍යාපාර ගැන දන්නේ …

Continue Reading

කුමක් කරන්නේදැයි පක්ෂයට පැහැදිලි බවක් තිබුනේ නැහැ – අනුර කුමාර

පක්ෂය කුමක් කරන්නේ දැයි පැහැදිලි බවක් නොතිබීම පසුගිය සමයේ ජනතා විමුක්ති පෙරමුණෙන් සිදු වූ අඩුපාඩුවක් බව එම පෙරමුණේ මධ්‍යම කාරක සභික අනුර කුමාර දිසානායක පවසයි. ඔහු මේ අදහස් පළ කළේ ගාල්ල නගර ශාලාවේදි පසුගිය දා (02 නොවැ.) පැවති “ආ යුතු මඟ සහ යා යුතු මඟ” නම් වූ ප්‍රසිද්ධ දේශනයක් පවත්වමිනි. youtube wrtmR6s0fF0

Continue Reading

මොරටුව විශ්ව විද්‍යාලීය තාක්ෂණික ආයතනය දියගමට

උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ යෝජනාවකට අනුව, මොරටුව විශ්ව විද්‍යාලීය තාක්ෂණික ආයතනය හෝමාගම දියගම ප්‍රදේශයට රැගෙන යාමට සූදානම් වන බව වාර්තා වේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා චීන රජයෙන් හා චීන ජාතික ගුවන් තාක්ෂණික ආනයන අපනයන සංස්ථාව (CATIC) මගින් ණය ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත. මේ සඳහා ලබාගැනීමට යන ණය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 89.5 කි. නමුත් එම …

Continue Reading

පවුල් 37,814 වෙනුවෙන් විශේෂ සූර්ය බල කට්ටල

ප්‍රධාන විදුලිබල ජාලයෙන් සම්බන්ධතාවය ලබාගත නොහැකි පවුල් 37,814 වෙනුවෙන් “ග්‍රාමශක්ති” වැඩසටහන යටතේ විශේෂ සූර්ය බල කට්ටල ලබාදීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි. 2012 වසර අවසානයට පෙර සැමට සැමවිට විදුලිය සැපයීමේ අරමුණ ඉෂ්ටකරගැනීම උදෙසා අති දුෂ්කර ගම්මානයන් පවා විදුලි බලයෙන් ස්වයංපෝෂිත කිරීමට කටයුතු කෙරෙන අතර ඒ වෙනුවෙන් ග්‍රාමශක්ති වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ලංකා විදුලිබල …

Continue Reading

ඉඩම් පවරා ගැනීමේ පණතට එජාපයේ විරෝධය

පසුගිය විසි වසර තුළ රජ‍ය හෝ රජයේ ආයතන සින්නක්කරව හෝ වෙනත් පැවරුම් ලෙස ලබාදුන් ඉඩම් යළි සින්නක්කරව හෝ වෙනත් පවරා ගැනීමට හැකි ආකාරයේ පනත් කෙටුම්පතක් ගෙන ඒමට රජයේ සූදානමක් ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග නිකුත් කළ නිවේදයක දැක්වෙන්නේ ඌණ කාර්ය සාධක ව්‍යාපාර සහ ඌණ උපයෝජිත වත්කම් යළි යථා තත්ත්වයට පත් කිරිමේ එම …

Continue Reading

කරන්දෙනිය වෛද්‍යවරයා ඝාතනයේ ප්‍රධාන සැකකරුවන්ගේ නිවාස සහ දේපළ ගිනිබත් කරයි

කරන්දෙනිය රජයේ රෝහලේ සේවය කළ වෛද්‍ය පි‍්‍රයංක ප්‍රසාද් ජයසිංහ මහතාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාගේ නිවාස වෙළෙඳ සල් සහ දේපළ ප්‍රදේශවාසි පිරිසක් විසින් ඊයේ (1 නොවැ.) උදෑසන ගිනිතබා විනාශ කරන ලදී. චින්තක රුවන් නමැති එක් සැකකරුවකුට අයත් වෛද්‍ය රසායනගාරය කරන්දෙණිය මහ ඒදණ්ඩ ප්‍රදේශයේ පිහිටා තිබූ අතර එය ගින්නෙන් මුළුමනින්ම විනාශ වී ගොස් තිබේ. අනෙක් සැකකරුවා ලෙස අත්අඩංගුවට ගෙන ඇති කැස්ටන් චන්දන …

Continue Reading

හජ්ජි නිවාඩුව 7 සඳුදා

එළඹෙන නොවැම්බර මස 6 වැනි දින එනම් ඉරිදා දිනට යෙදී තිබෙන හජ්ජි නිවාඩුව නොවැම්බර මස 7 වැනි දින එනම් සඳුදාට ලබා දීමට රජය තීරණය කර ඇත. මුස්ලිම් ජනතාවගේ ඉල්ලීම මත මෙම වෙනස්කිරීම සිදු කළ බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් පී. බී. අබේකෝන් මහතා පවසා ඇත.

Continue Reading