පවුල් 37,814 වෙනුවෙන් විශේෂ සූර්ය බල කට්ටල

Spread the love

ප්‍රධාන විදුලිබල ජාලයෙන් සම්බන්ධතාවය ලබාගත නොහැකි පවුල් 37,814 වෙනුවෙන් “ග්‍රාමශක්ති” වැඩසටහන යටතේ විශේෂ සූර්ය බල කට්ටල ලබාදීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි.

2012 වසර අවසානයට පෙර සැමට සැමවිට විදුලිය සැපයීමේ අරමුණ ඉෂ්ටකරගැනීම උදෙසා අති දුෂ්කර ගම්මානයන් පවා විදුලි බලයෙන් ස්වයංපෝෂිත කිරීමට කටයුතු කෙරෙන අතර ඒ වෙනුවෙන් ග්‍රාමශක්ති වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලයේ පූර්ණ සහයෝගය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.

ඒ අනුව මධ්‍යම පළාතෙන් නිවාස 2924ක්, වයඹ පළාතෙන් නිවාස 12,971ක්, උතුරුමැද පළාතෙන් නිවාස 185ක්, උතුරු පළාතෙන් නිවාස 3133ක්, නැගෙනහිර පළාතෙන් නිවාස 4887ක්, දකුණු පළාතෙන් නිවාස 760 ක්, සබරගමු පළාතෙන් නිවාස 7678ක්, ඌව පළාතෙන් නිවාස 5259ක් සහ බස්නාහිර පළාතෙන් නිවාස 17ක් දැනට භූමිතෙල් ආලෝකය පමණක් හිමි නිවාස ලෙසින් හඳුනාගෙන ඇත.

එමඟින් දැනට විදුලිය නොමැති සමෘද්ධි හා අඩු ආදායම්ලාභී පවුල් වෙත නව විදුලි සබඳතාවය ලබාගැනීම සඳහා රුපියල් 30,000ක උපරිමයට යටත්ව, මාසික වාරික 60කින් නැවත ගෙවීමේ පහසුව සහිත ණය මුදලක් ලබාදීමට ලංවිම කටයුතු කර තිබේ.

RSL

Related Posts