පෙට්‍රල් ගැන වාර්තාව ලද පසු අවශ්‍ය පියවර ගන්නවා – සුසිල් ප්‍රේමජයන්ත

බාල පෙට්ට්‍රල් ගෙන්වා ඇතැයි කියනු ලබන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාව ලද පසු එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (23 අගෝ.) පාර්ලිමේන්තුවේ දී පැවසී ය. අමාත්‍යවරයා අද මේ බව පාර්ලිමේන්තුවේ දී විපක්ෂයෙන් යොමුකළ වාචික පිළිතුරු අපේෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසී ය. මීට අමතර ව පෙට්ට්‍රල් සම්බන්ධයෙන් පැමිණිලි 2000ක් පමණ ලැබී ඇතැයි ද …

Continue Reading

සිරකරු දින පළමු කොඩිය ජනපතිට පළඳවයි

ලබන සැප්තැම්බර් 12 වනදාට යෙදෙන සිරකරු දිනය නිමිත්තෙන් නිකුත් කරන ලද පළමු සිරකරු දින කොඩිය සිරකරු සුබසාධක සංගමයේ උපසභාපතිනි ඉන්ද්‍රානි ඊරියගොල්ල මහත්මිය විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත ඊයේ (23 අගෝ.) අරලියගහ මන්දිරයේ දී පළඳවනු ලැබුවාය. පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර, අමාත්‍යංශ ලේකම් ඒ. දිසානායක, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් වී.ආර්. ද සිල්වා. සිරකරු සුබසාධක සංගමයේ සභාපති හිටපු …

Continue Reading

යාපනයේ නොසන්සුන්කාරී බව සමනය කරන්න – රනිල් වික්‍රමසිංහ

නාඳුනන සැක කටයුතු පුද්ගලලයින් මර්දනය කරන්නැයි උද්ඝෝෂණය කළ පුද්ගලයින් පිරිසක් යාපනයේදි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂ ානයක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (අගෝ. 23) පාර්ලිමේන්තුවේදි අදහස් පළ කළේය. ඔහුගේ අදහස් දැක්වීම මෙසේය. “ආණ්ඩුව වාර්තා කළා උදයන් පුවත්පතේ වාර්තාකරුවෙකු අත්අඩංගුවට ගත්තා කියලා. ඊයේ යාපනයේ නාවන්තුරෙයි උද්ඝෝෂණයක් තිබිලා තියෙනවා. ග්‍රීස් යක්කුන්ව පාලනය කර ගැනිමේ පොලිසියේ නොහැකියාව මත පොලිසියේ වාහනයකටත් අලාභ හානි සිදුකෙරී තිබෙනවා. ජනතාව චෝදනා …

Continue Reading

රිසානා නෆීක් සම්බන්ධ නඩුව සමගි සන්ධාන කමිටුවකට

සෞදි අරාබියේ මරණ දඬවුමට ලක්ව සිටින රිසානා නෆීක් සම්බන්ධ නඩුව එරට සමගි සන්ධාන කමිටුවකට යොමු කර ඇති බව වාර්තා වේ. මෙහි අරමුණ වන්නේ ඇයට චෝදනා කරනු ලැබ ඇති ඝාතනයට ලක්වූ කුඩා දරුවාගේ දෙමාපියන් සහ ඇය අතර යම් එකඟතාවයක් ඇතිකර ගැනීමයි. මේ වන විටත් එම කමිටුව එම දෙමාපියන් සමගින් සාකච්ඡා ආරම්භ කර ඇති බව සඳහන්.   youtube k0mIFTr9qTU

Continue Reading

ශී‍්‍ර ලාංකික දෙමළ ජනතාව පිළිබඳ ගැටළුව අද ඉන්දීය පාර්ලිමේන්තුවේදී

අද (අගෝ. 23) ඉන්දීය පාර්ලිමේන්තුව වන ලෝක් සභාවේදී ශී‍්‍ර ලාංකික දෙමළ ජනතාව පිළිබඳ ගැටළුව සාකච්ඡා කිරීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් ඉන්දීය රජයේ ස්ථාවරය පිළිබඳව අද ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක් එක්ව සලකා බැලූ බව පී.ටී.අයි. පුවත් සේවය වාර්තා කර සිටී. ස්වදේශ කටයුතු ඇමති පී චිදම්බරම්, අධිකරණ ඇමති සල්මාන් කුර්ෂිඩ් සහ පුද්ගල කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති වී නාරායනසාමි ඊට එක්ව ඇත. අදාළ ගැටළුව සම්බන්ධයෙන් …

Continue Reading

ලිංගිකත්වය උලුප්පන වැඩසටහන් විකාශය කළ මාධ්‍ය නාලිකාව එ.ජා.ප යට එරෙහිව මඩ ප්‍රචාරයක යෙදී සිටිනවා – එ.ජා.ප. භික්ෂු සංසදය

එක්තරා මාධ්‍ය නාලිකාවක් විසින් එ.ජා.ප.යට එරෙහිව ගෙනයන මඩ ව්‍යාපාරය දිගින් දිගටම ගෙනගියහොත් භික්ෂූන් වහන්‍සේලා එයට එරෙහිව නැගී සිටින බවත්, රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය අනුමත කළ නොහැකි වුවද එය මාධ්‍ය මඟින් පුන පුනා ප්‍රකාශ කිරීම සදාචාර විරෝධී බවත් ඊයේ (22 අගෝ.) සේදවත්ත වෙහෙරගොඩැල්ල රජමහා විහාරයේ පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ භික්ෂු සංසදය පැවසීය. පසුගිය සමයන්හි ලිංගිකත්වය පිළිබඳ …

Continue Reading

යාපනයේ ධීවරයන්ට යළිත් අවසර පත‍්‍රයක්

ධීවර කටයුතු සඳහා අවසර පත‍්‍ර ලබා ගැනීම 2009 වසරේදී අහෝසි කිරීමෙන් පසුව දැන් නැවතත් එසේ ධීවර කටයුතුවල යෙදීම සඳහා අවසර පත‍්‍රයක් ලබා ගැනීමට සිදුව ඇතැයි යාපන දිස්ත‍්‍රක්ක ධීවර සංගම් කියයි. මෙම අවසරපත් ලබා ගැනීමට ධීවරයන්ට හමුදාව වෙත ඡායාරූප තුනක් ලබාදිය යුතු බව ද පැවසේ. හමුදාව විසින් කුරුනගර් ධීවර සංවර්ධන සමිතියට පසුගිය 19 වැනිදා මේ සම්බන්ධයෙන් ලිඛිතව දන්වා ඇතැයි ද වාර්තා …

Continue Reading

පිරමීඩ වංචාව නැවතත්

”පිරමීඩ ක‍්‍රම” ගණනය කිරීම අනුව සිදුකරණ මූල්‍ය වංචා තවදුරටත් සිදුවෙමින් ඇති බවද එවැනි වංචාවලට ජනතාවට අසුනොවන ලෙසද කෙරෙමින් ඇතැයි මහ බැංකුවේ නියෝජ්‍යාධිපති ධර්මධීරසිංහ මහතා ජනතාවගේ ඉල්ල සිටියි. ”පිරිමීඩ ක‍්‍රම” ගණයට අයත් මූල්‍ය වංචා පිළිබද තොරතුරු දන්නේ නම් වහාම පොලීසියට දැනුම්දෙන ලෙස ද ඒ මහතා කීය. පිරමීඩ ක‍්‍රමය යටතේ ජනතාව මුලාකරනු ලබන අන්තර් ජාල වෙබ් අඩවි හා ඖෂධ මුවාවෙන් ජනතාවගේ මුදල් …

Continue Reading

විශේෂ ටී.එන්.එල්. රූපවාහිනි ‘ජනහඬ’ වැඩසටහනක් අද (22 අගෝ.)

විපක්ෂ නායක කාර්යාලයෙන් ලැබෙන වාර්තාවලට අනුව රාජ් රාජාමහේන්ද්‍ර මහතාගේ මහාරාජා ඔර්ගනයිසේෂන් විද්‍යුත් නාලිකා හරහා එක්සත් ජාතික පක්ෂයටත් එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාටත් එරෙහිව ගෙනයන මඩ ව්‍යාපාරයට පිළිතුරුදීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා සහ පක්ෂයේ සන්නිවේදන අංශ ප්‍රධානි මංගල සමරවීර මහතා අද ටි.එන්.එල්. රුපවාහිනියේ ‘ජනහඬ’ වැඩසටහනට සහභාගිවන බව සඳහන් වේ. අද දින (22 අගෝ.) රාත්‍රී 9.40 සිට මෙම විශේෂ ‘ජනහඩ’ වැඩසටහන සජීවී …

Continue Reading

විශේෂ ටී.එන්.එල්. රූපවාහිනි 'ජනහඬ' වැඩසටහනක් අද (22 අගෝ.)

විපක්ෂ නායක කාර්යාලයෙන් ලැබෙන වාර්තාවලට අනුව රාජ් රාජාමහේන්ද්‍ර මහතාගේ මහාරාජා ඔර්ගනයිසේෂන් විද්‍යුත් නාලිකා හරහා එක්සත් ජාතික පක්ෂයටත් එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාටත් එරෙහිව ගෙනයන මඩ ව්‍යාපාරයට පිළිතුරුදීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා සහ පක්ෂයේ සන්නිවේදන අංශ ප්‍රධානි මංගල සමරවීර මහතා අද ටි.එන්.එල්. රුපවාහිනියේ ‘ජනහඬ’ වැඩසටහනට සහභාගිවන බව සඳහන් වේ. අද දින (22 අගෝ.) රාත්‍රී 9.40 සිට මෙම විශේෂ ‘ජනහඩ’ වැඩසටහන සජීවී …

Continue Reading