ඝාතන රැසකට වගකිව යුතු ගෝඨාභයට තවත් බුරුලක්!

රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ කුප්‍රකට මිනීමැරුම් සහ ඝාතන රාශියකට වගකිව යුතු බවට නම ගිය නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නොහොත් ගෝඨාට අද තවත් බුරුලක් ලැබී ඇතැයි වාර්තාවේ. ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය නොහොත් රාජපක්ෂලාගේ අම්මා-අප්පා කෞතුකාගාරය ඉදි කිරීමේදී රජයේ මුදල් අවභාවිත කළ බවට සැකකෙරෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොදු දේපල පනත යටතේ නීති පියවර ගැනීම වළකාලමින් …

Continue Reading

සබීතාගේ බදු ගිවිසුම අතුරුදහන්!

ආන්දෝලනයට තුඩු දී ඇති කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ගොඩනැගිල්ලට අදාළ බදු ගිවිසුම මේ වනවිට අමාත්‍යංශය සතුව නැතැයිද එහි පිටපතක් හෝ සොයාගැනීමට නැතැයිද එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ. විවිධ පාර්ශවවලින් කෙරුණු පැමිණිලි මත පරීක්ෂණ සඳහා අල්ලස් කොමිසම විසින් එය රැගෙන ගොස් ඇතැයිද එහි කිසිදු පිටපතක් අමාත්‍යංශය සතුව නැතැයිද ඔහු ප්‍රකාශ කර ඇත. මසකට රුපියල් ලක්ෂ 210ක බදු කුලියක් ගෙවමින් …

Continue Reading

කොමන්වෙල්ත් ගිණුමේ මිලියන 708ක් අතුරුදහන්! – කබීර් හෙළිකරයි

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ලංසු තැබීම සදහා රුපියල් මිලියන 708ක් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මුදල් යොදා ගනිමින් CWG හම්බන්තොට 2018 ප්‍රයිවට් ලිමිටඩ් නමින් ස්ංගම ගිණුමක් සහ රුපියල් මිලියන 11ක් ස්ථාවර තැන්පතුවක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු ඊයේ(21) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. 2010.11.24 වැනි දින ආරම්භ කොට ඇති මෙම ගිණුම අදාල සමාගමේ උපදෙස් මත 2015.05.29 වැනි දින වසා දමා ඇති බවත් …

Continue Reading

ප්‍රශ්න කිරීම් හමුවේ අගමැති බැඳුම්කර රහස් හෙළිකරයි

මාමණ්ඩිය මහ බැංකු අධිපතිව සිටියදී බෑනා එම බැංකුවේ ප්‍රාථමික ගැනුම්කරුවකුව සිටීම බරපතළ තත්ත්වයක් බව තමා පිළිගන්නා බවත් ඇලෝසියස්ට එම කටයුතුවලින් ඉවත් වන ලෙස මහේන්ද්‍රන් කියා ඇතත් දිගින් දිගටම කල් ඉල්ලමින් ඔහු දිගටම එම කටයුතුවල යෙදුණු බව මහේන්ද්‍රන් තමාට පැවැසූ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (20දා) මහ බැංකු බැඳුම්කර වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවේදී දිවුරුම් පිට ප්‍රකාශ කර සිටියේය. ඇලෝසියස්ලා මත්පැන් …

Continue Reading

අනුන්ගේ වාහන තමන්ගේ වගේ විකුණන ජාවාරම් කරුවා සැඟවී සිටියදි පොලිසිය කොටුවේ

කල්බදු වාරික ගෙවීමට අපහසු පුද්ගලයන්ගේ වාහන ලබාගෙන ඒවායේ චැසි අංක හා එන්ජින් අංක වෙනස්‌ කර ඒවා වෙනත් පුද්ගලයන්ට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරතවූ වැඩ තහනමට ලක්‌වූ පාසල් ගුරුවරයකු වංචා කර ලබාගත් රුපියල් ලක්‌ෂ 60 කට අධික වටිනාකමින් යුත් වෑන් රථයක්‌ හා මෝටර් රථයක්‌ සමඟ අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පෙරේදා (18දා) සමත්විය. එම ඒකකයට ලැබුණ තොරතුරකට අනුව …

Continue Reading

රවීගේ පවුලට අර්ජුන් අලෝසියස්ගෙන් ඇමතුම් පිට ඇමතුම්!

මහ බැංකුවේ බැඳුම්කර වංචාව සිදුවන සමයේ මුදල් ඇමතිව සිටි රවී කරුණානායක මහතා එම බැඳුම්කර වංචාවේම හවුල්කාර ප්‍රාතමික ගැනුම්කරුවා වන අර්ජුන් ඇලෝසියස් සමග 2015 පෙබරවාරි 01 සිට 2017 ජුනි 01 දක්වා කාලය තුළ අවස්ථා 87කදීත් දුරකථන සංවාදයේ යෙදී ඇති බව එම ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේදී ඊයේ (16) අනාවරණය වී තිබේ. ඒ එම ගනුදෙනු සම්බන්ධ පරීක්ෂණ සඳහා …

Continue Reading

කෝප් කමිටුවේ 05ක් අර්ජුන් ඇලෝසියස් සමඟ කළ රහස් සාකච්ඡා CIDය කොමිසමට හෙළිකරයි

කෝප් කමිටුවේ සාමාජිකයින් 05 දෙනෙකු අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවට බැදුම්කර කොමිසමේදී අද (16) අනාවරණ වී තිබේ. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු අද දින බැඳුම්කර කොමිසම හමුවුට කැඳව සිදුකළ සාක්ෂි විමසීමේදී මේ බව අනාවරණය වී ඇත. ඊට අදාළ දුරකථන සංවාද ලේඛණයක් ඇතුළත් විශ්ලේෂණ වාර්තාවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොමිසම …

Continue Reading

මත්තල අයිති කාරයෝ ගුවන්තොටුපලට කඩාවදී

තම සුපුරුදු වාසස්ථාන සොයා පැමිණි වන අලින් කීපදෙනෙකු පසුගිය දින කීපය පුරාවට මත්තල ගුවන්තොටුපොළ වටා ඇති ආරක්‍ෂිත වැට කඩ දමා ගුවන් තොටුපොල පරිශ්‍රයට ඇතුළු වී තිබේ . වන අලියා ඇතුළුවීම සඳහා ගුවන්තොටුපොළ වටා ඇති වැට කඩා තිබේ. ගුවන්තොටුපොල භූමියට ඇතුළු වූ වන අලියා පලවා හැරීමට හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් විසින් පසුගිය දින කීපය පුරාවටම මෙහෙයුම් දියත් කර තිබේ . හම්බන්තොට …

Continue Reading

රටම පීඩා විදි තෙල් හිඟයට වගකිව යුත්තා විෂයභාර අමාත්‍ය අර්ජුන බවට හෙළිදරව්වක්!

ඉන්ධන මෙට්‍රික් ටොන් 1,20,000 ක් ගබඩා කිරීමේ පහසුකම් තිබියදී පවා තෙල් ගබඩා කොට නොගැනීමෙන් ඉන්ධන හිඟයක් ඇතිකිරීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවලක් සිදු වී ඇතිබවට විමර්ශනවලදී හෙළිදරව් වෙමින් පවතින බවට අනාවරණයවේ. තෙල් අර්බුදයක් පැමිණෙන බව ඔක්තෝබර් 17 වැනිදා වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් දැනසිටියද ඒ සම්බන්ධයෙන් පරිපාලනයට දැනුම් දී නොමැති බවත්, අවශ්‍ය තොග පවත්වාගෙන නොමැති බවත්, මෙය කඩාකප්පල් ක්‍රියාවක්දැයි ඇතිවන …

Continue Reading

ආයතන 831ක විමර්ශන තොරතුරු පාර්ලිමේන්තුවට

රාජ්‍ය ගිණුම් කාරක සභාව මගින් විමර්ශනය කරන ආයතන 831ක තොරතුරු ඇතුළත් පූර්ණ වාර්තාවක් රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති, ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (13) ඉදිරිපත් කළේය. රාජ්‍ය ගිණුම් කාරක සභාව 2015 වර්ෂයේදි විමර්ශනයට ලක් කරන ලද මෙම ආයතන 831 පිළිබඳව වන වාර්තාව මෙලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර 2016 වර්ෂයට අදාළ වාර්තාව මෙම වසර අවසන්වීමට ප්‍රථම පාර්ලිමේන්තුවට …

Continue Reading