රටම පීඩා විදි තෙල් හිඟයට වගකිව යුත්තා විෂයභාර අමාත්‍ය අර්ජුන බවට හෙළිදරව්වක්!

Spread the love

ඉන්ධන මෙට්‍රික් ටොන් 1,20,000 ක් ගබඩා කිරීමේ පහසුකම් තිබියදී පවා තෙල් ගබඩා කොට නොගැනීමෙන් ඉන්ධන හිඟයක් ඇතිකිරීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවලක් සිදු වී ඇතිබවට විමර්ශනවලදී හෙළිදරව් වෙමින් පවතින බවට අනාවරණයවේ.

තෙල් අර්බුදයක් පැමිණෙන බව ඔක්තෝබර් 17 වැනිදා වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් දැනසිටියද ඒ සම්බන්ධයෙන් පරිපාලනයට දැනුම් දී නොමැති බවත්, අවශ්‍ය තොග පවත්වාගෙන නොමැති බවත්, මෙය කඩාකප්පල් ක්‍රියාවක්දැයි ඇතිවන සැකය බැහැර කළ නොහැකි බවත් ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ඇමැති කමිටුවේ සාමාජිකයෙකු වන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.

ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ඇමැති කමිටු වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දී තිබේ. පසුගියදා ඇතිවූ ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා ඇමැති සරත් අමුණුගම මහතා, ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඇමැති පාඨලී චම්පික රණවක මහතාගෙන් සමන්විත අනු කමිටුවක් පත්කරනු ලැබීය.

මේ පිළිබඳව අදහස් දැක්වූ ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කෙළේ අපගේ දෛනික අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 2000 පමණක් වන අතර ඉන්ධන මෙට්‍රික් ටොන් 1,20,000 ක් ගබඩා කිරීමේ පහසුකම් ශ්‍රී ලංකාව සතු බවයි. කෙසේ වුවත් සියලු පද්ධති ගතකළ ලේඛන (ඉන්වෙන්ට්‍රී) නොසළකා හැර ඇති අතර මෙම පහසුකම්වල තොග පවත්වාගෙන ගොස් නොතිබුණ බව ඇමැතිවරයා සඳහන් කරයි. එසේම ලේඛන ගත තොග කිසිවක් තිබී නොමැති අතර එම හිඟය පිළිබඳව ඉහළ මට්ටමේ දැනුවත් කිරීමක් සිදු නොකර ඇති බව ද ඔහු පැවසීය.

ග්‍රැෆික් සටහන් අනුව ඔක්තෝබර් 17 වැනි දින වන විට බොහෝ දෙනා මෙම අර්බුදය පිළිබඳ දැන සිටි බවත්, එය කළමනාකාරීත්වයට දැනුම් දී නැති බවත් හඳුනා ගත් ඇමැතිවරයා වැඩිදුරටත් අනාවරණය කරයි. එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි විමසූ විට ඇමැතිවරයා කියා සිටියේ එය අහෝසි නොකළ බවත් අපරාධකරුවන් කවුදැයි සොයා බැලීම සඳහා අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතු බවත්ය.

‍Óමම ඇමැතිවරයාව සිටියදී දින 100 වැඩසටහනේදී අපි ගබඩා කිරීමේ ධාරිතාව මෙ. ටො. 60,000 සිට 90,000 දක්වා වැඩි කළා. එල්. අයි. ඕ. සී. සමාගමට මෙට්‍රික් ටොන් 15,000 ක් දක්වා ගබඩා කළ හැකි අතර ‍අමතර මෙට්‍රික් ටොන් 8000 ක් ද ගබඩාව සතු වෙනවා. තොග අඩු වෙද්දී නව තොගයක් ගෙන්වා ගැනීමට ප්‍රමාණවත් කාලයක් තිබුණාÓ යැයි ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

නව ඉන්ධන තොගයක් ගෙන්වීමේ ක්‍රියාවලිය සඳහා දින 21 ක් ගතවන අතර ඔක්තෝබර් 17 වැනිදා මෙම තත්ත්වය පිළිබඳව ඉහළ කළමනාකාරීත්වය අවධානයෙන් සිටියේ නම් මෙය කළ හැකිව තිබූ බව ඇමැතිවරයා පවසයි.

ජනාධිපතිවරයා වෙත ලබා දුන් වාර්තාවේ ගබඩා පහසුකම් ප්‍රශස්ත හා කාර්යක්ෂම ලෙස භාවිතා කළ යුතු බවට යෝජනා ඇතුළත් අතර එවිට ඉල්ලුම වැඩිවීමක් ඇති වුවද, පවත්වාගෙන යන තොග ප්‍රමාණවත් වනු ඇති බව ඇමැතිවරයා සඳහන් කරයි.

වෘත්තීය සමිති යෝජනා කරන පරිදි ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි භාවිතා කළ හැකි නේදැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා ප්‍රකාශ කෙළේ එය ශක්‍ය විකල්පයක් විය හැකි වුව ද විසඳුම නොවන බවයි. එම ටැංකි පුනරුත්ථාපනය සහ අලුත්වැඩියා කළ යුතු බවත්, එය කළ හැකි නමුත් අපගේ ගබඩා ධාරිතාව ප්‍රමාණවත් ‍බැවින් එය අවශ්‍ය නොවන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පවසයි.

RSL

Related Posts