මේ වසරේ ඝාතන අඩු වෙලා!

ඊයේ (06) දින මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය ඉකුත් වසර දෙකට අදාළ අපරාධ සම්බන්ධ සමාලෝචනයක් සිදු කළේ ය. එහි දී දක්නට ලැබුණේ මනුෂ්‍ය ඝාතන ඉකුැත් වසරට සාපේක්ෂව යම් ප්‍රමාණයකින් අඩුව ඇති බව යි. එය සතුටු විය හැකි තත්වයකි. පසුගිය රාජපක්ෂ යුගයේ දී සංවිධානාත්මක අපරාධ සඳහා බලය අවභාවිතයේ යෙදැවුණු බව ප්‍රසිද්ධ රහසකි. කෙසේ වෙතත්, අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් තිබූ බිය අහෝසි …

Continue Reading

ලැජ්ජයි! මධුමාධව ලැජ්ජයි !!

මධුමාධව අරවින්ද යනු කලෙක ගායකයෙක්ව සිටි දැන් දේශපාලකයෙක්(ජාතිවාදී) යැයි සිතා සිටිනා අයෙකි. අනන්‍යතා අහිමි වූ මිනිසුන් සෑම විට ම පාහේ තම ජාතිය උසස් යැයි කියමින් ජාතිවාදයේ සරණ යති. බලය පිළිබඳ සාධකයේ දී කිසිදු සදාචාරාත්මක කොන්දේසියක් නොසලකන මේ වැනි පුද්ගලයින් අති භයානක ගණයේ ලා සැලකිය යුතු ය. කෙසේ වෙතත්, පසුගිය රාජපක්ෂ සමයේ වන්දිභට්ටකම් කරමින් බොහෝ දේවල් දිනාගන්නට උත්සාහ කළ මධුමාධව තම …

Continue Reading

වෛද්‍ය චැනල් සේවා ගාස්තු නියාමනය කෙරෙයි

රට තුළ ක්‍රියාත්මක කෙරන පෞද්ගලික රෝහල් සහ චැනල් මධ්‍යස්ථානවල ගාස්තු විවිධ අන්දමින් වෙනස් සහ අධිකවීම සුලබ කරුණකි. බොහෝ තැන්වල අතිශය අධික මිල ගණන් අය කෙරෙයි. කෙසේ වෙතත් පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන සභාව විසින් මේ ගාස්තු සඳහා සීමාවන් පැනවීමට කටයතු කර තිබේ. ඒ අනුව විශේෂඥ වෛද්‍ය ගාස්තුව රු.250 සිට 2000 දක්වා උපරිම සීමාවකත්, ආයතන ගාස්තුව 100 සිට 500 දක්වා සීමාවක පැවතිය යුතු …

Continue Reading

තාජුඩීන් පරීක්ෂණ යට යන ලකුණු!

අප විසින් බොහෝ අවස්ථාවල රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ ඝාතනය ගැන මෙහි සටහන් කළෙමු. එක් අවස්ථාවක අප සටහන් කර තැබුවේ, කසිප්පු මුදලාලි වෙනුවට ගෝලයා ඉදිරිපත් වී වරද බාරගෙන හිරදඬුවම් විඳින ක්‍රමයක් ද අපේ රටේ පවතින බව ය. කෙසේ වෙතත් මේ ඝාතන නඩුව ඉතාමත් ව්‍යාකූල සහ සංකීර්ණ කරන ලද එකක් බවට සැකයක් නැත. එහෙත් පසුගිය දිනවල මෙය තිබුණේ, ඉතා ආන්දෝලනාත්මක අත්අඩංගුවට ගැනීම් කිහිපයක …

Continue Reading

ඔව්! කලු කොඩි!! වරදක් නැහැ!!!

ගම්මන්පිළලා ප්‍රමුඛ ජාතිවාදී පිල නියෝජනය කරන්නවුන් කලු කොඩි ප්‍රදර්ශනය කිරීමේ සහ කලු ඇඳීමේ සංකේතාත්මක ව්‍යාපාරයක් අරඹා ඇත. එලෙස ඇරඹුවත් එයට අනුගත කිසිවෙක් කොහිවත් කලු කොඩි දමා නැතත් අපගේ අදහස මේ කලු කොඩි දැමීම නරක නැති බව යි. මන්දයත්, ඒකාධිපති පවුල්වාදයකට, නීතිය නොතකන ගෝත්‍රික අශිෂ්ඨත්වයකට රට ගෙනයමින් තිබූ යුගයක් අහවර වීමේ මතකය ජනයා වෙත ඒ හරහා සිහිපත් වනු ඇති බැවිනි. මිනිසුන්ට …

Continue Reading

විමල් එළියට විසිවෙයි!

ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස තරඟ කිරීමට අනෙක් පක්ෂ සමඟ සාකච්ඡා පැවැත්වුණත් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ජාතික නිදහස් පෙරමුණ ඊට ඇතුළත් කර නොගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ වන්නේ,නිදහස් පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය, මහජන එක්සත් පෙරමුණ හා ශ්‍රී ලංකා මහජන පක්ෂය යන ඒවා ය. සන්ධානය මුලින් ම පිහිටුවද්දී …

Continue Reading

නව සහෝදර සමාගම කුජීත වෙයි!

ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලය අල්ලාගන්නට කැස කැවූ අර්ජුන රණතුංග ඇමතිවරයාගෙ සහෝදර සමාගම කුජීත වී ගියේ ය. රාජපක්ෂ සහෝදර සමාගම නිසා මුළු රටක් විඩාපත්ව සිටිය දී එය විවේචනය කරමින් බලයට ආ අර්ජුන කළේ තමන්ගේ ම වූ සහෝදර සමාගමක් නිර්මාණය කිරීම ය. එහි අලුත් ම තුරුම්පුව වූයේ ක්‍රිකට් නිලවරණයට අර්ජුන සහ නිශාන්ත රණතුංග දෙබෑයෝ තරඟ කිරීමයි. එක් ක්‍රීඩා සංගම් නිලධාරියෙකුට පහර දුන්නා …

Continue Reading

ලැජ්ජ නැතිකම මැති ඇමතිකම්වලට වැඩිය ලොකුයි ලු!

සෞදියේ ගල්ගසා මරා දැමීමට තීන්දු කර තිබූ ශ්‍රී ලාංකේය මුස්ලිම් කාන්තාව මුදවා ගැනීම සම්බන්ධයෙන් විවිධ කතා බහ පසුගිය දා පළ විය. ඇය ගලවා ගන්නැයි කියමින් උද්ඝෝෂණ මාලාවක් ද දියත් කෙරිණ. කෙසේ වෙතත් මැද පෙරදිග කඳුළු විකුට මන්ත්‍රීකමක් උපයාගත් රංජන් රාමනායක වැන්නන් ඒ පිළිබඳව මැදිහත් වූයේ ඇල්මැරුණු ගාණට බව අපි එදා ද ලියා තැබුවෙමු. එහෙත් ඇය නිදහස් කළ පසු නම් මාධ්‍ය …

Continue Reading

මේ බල්ලන් බැඳ දමව්!

සිංහලේ යනුවෙන් ජාතිවාදයට උඩගෙඩි දෙන ප්‍රචාරක ව්‍යාපාරයක් පසුගිය දා ඇරඹුණි. බොහෝ සංවාද විසංවාද අස්සේ මෙය ඇදී ගියේ ය. කෙසේ වෙතත් මෙවැනි දේවල් සුළුවෙන් ආරම්භ වුණ ද ඒවා මහා ගිනි ජාලා බවට පත් වෙද්දී ඒවා ආරම්භ කරන උන්ට තබා සක්කරයාටවත් නවතන්නට බැරි වන්නේ ඒවා ස්වයංසිද්ධව ඇවිලි ඇවිලී යන බැවිනි. 1983 ජාතිවාදී කෝලාහලයේ දී දමිළයන් මරා ගෙවල්වල එළුවා, කුකුළා පමණක් නොව පුටු …

Continue Reading