මේ වසරේ ඝාතන අඩු වෙලා!

Spread the love

crime-scene-picඊයේ (06) දින මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය ඉකුත් වසර දෙකට අදාළ අපරාධ සම්බන්ධ සමාලෝචනයක් සිදු කළේ ය. එහි දී දක්නට ලැබුණේ මනුෂ්‍ය ඝාතන ඉකුැත් වසරට සාපේක්ෂව යම් ප්‍රමාණයකින් අඩුව ඇති බව යි. එය සතුටු විය හැකි තත්වයකි. පසුගිය රාජපක්ෂ යුගයේ දී සංවිධානාත්මක අපරාධ සඳහා බලය අවභාවිතයේ යෙදැවුණු බව ප්‍රසිද්ධ රහසකි.

කෙසේ වෙතත්, අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් තිබූ බිය අහෝසි වී ගිය තත්වයක් පසුගිය රජය සමයේ සිදු විය. බොහෝ ආන්දෝලනාත්මක අපරාධ යට ගැසූ අතර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්න පවා ඇතිවන තරමට සමහර අපරාධ යට ගැසුණි. රටේ සමහර පළාත් පාලන ආයතන ප්‍රධානීහු පවා ප්‍රසිද්ධියේ අපරාධ කරමින් වැජඹුණෝ ය. මේ නව තත්වය යම් සතුටක් ගෙන ආව ද ආන්දෝලනාත්මක අපරාධ පවා තවදුරටත් විසඳා නැති තත්වයකි, දක්නට ඇත්තේ. ඒවා ද ඉක්මනින් විසඳා සාධාරණය ඉටු කරන්නට හැකි නම්, නීතිය පිළිබඳ ජන විශ්වාසය ගොඩ නැගී තවදුරටත් අපරාධ අඩු වනවා නිසැක ය.

මනුෂ්‍ය ඝාතන

2014 වසරේදී 548යි
2015 නොවැම්බර් 30 දක්වා 447යි
2014 මනූෂ්‍ය ඝාතන 548න් 477ක් විසඳා ඇත.
2015 මනූෂ්‍ය ඝාතන 447න් 390ක් විසඳා ඇත. (2015 නොවැ 30 දක්වා කාලය තුළ වාර්තා වූ සිද්ධීන් අතුරින්)

ස්ත්‍රී දූෂණ

2014 වසරේදී 2008යි
2015 නොවැම්බර් 30 දක්වා 1854
2015 වසරේ ස්ත්‍රී දූෂණ සිද්ධීන් 1854න් 1501ක්ම වයස අවුරුදු 16ට අඩු ස්ත්‍රීන් බවත්, ඉන් 1209ක්ම සිය කැමැත්තෙන් සිදුව ඇත.

සියදිවි නසා ගැනීම්

2014 වසරේදී (2484- පිරිමි) – (660-කාන්තාවන්)
2015 සැප්තැම්බර් 30 දක්වා – (1856-පිරිමි) – (519-කාන්තාවන්)
සියදිවි නසා ගැනීම් වලදී පිරිමි අයගෙන් බහුතරයක් වැඩිහිටියන් බවත්, විවිධ රෝගාබාධ දරාගත නොහැකිව වැඩිපිරිසක් සියදිවි හානි කර ගෙන ඇත.

මත්ද්‍රව්‍ය

2014 වසරේදී මත්කුඩු කිලෝ 312යි – අත්අඩංගුවට ගත් ගණන 23,331යි.
2015 වසරේදී මත්කුඩු කිලෝ 46යි – අත්අඩංගුවට ගත් ගණන 26,492යි.

ගංජා

2014 වසරේදී කිලෝ 19,644යි – අත්අඩංගුවට ගත් ගණන.43,683යි
2015 වසරේදී කිලෝ 6569යි – අත්අඩංගුවට ගත් ගණන. 50,000යි

දියේ ගිළී මියයාම්

2014 වසරේදී මරණ 859යි
2015 මුල් මාස නවය තුළ 688යි

රිය අනතුරු

2014 වසරේදී 2260යි – මියගිය ගණන 2440යි – (දිනකට මරණ දළ වශයෙන් 6යි)
2015 වසරේදී 2566 – මියගිය ගණන 2771යි – (දිනකට මරණ දළ වශයෙන් 7යි)

RSL

Related Posts