විමල් එළියට විසිවෙයි!

Spread the love

Wimal cartoonඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස තරඟ කිරීමට අනෙක් පක්ෂ සමඟ සාකච්ඡා පැවැත්වුණත් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ජාතික නිදහස් පෙරමුණ ඊට ඇතුළත් කර නොගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ වන්නේ,නිදහස් පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය, මහජන එක්සත් පෙරමුණ හා ශ්‍රී ලංකා මහජන පක්ෂය යන ඒවා ය. සන්ධානය මුලින් ම පිහිටුවද්දී ජනතා විමුක්ති පෙරමුණ එයට මූලික වූ අතර පසුව ඔවුන් එයින් ඉවත් වූහ. වීරවංශ මන්ත්‍රිවරයාගේ පක්ෂය පසුව පිහිටුවා ගත් එකක් වූ අතර කිසිදු මැතිවරණයකට මෙතෙක් තනිව ඉදිරිපත්ව නැත.

සන්ධානයේ වලිගයේ එල්ලී නාම යෝජනාවලට තම සාමාජිකයන් ඇතුළත් කර ඡන්දවලට මුහුණ දුන් මොවුන්ට ඉදිරි මැතිවරණයට තනිව ඉදිරිපත් වී තම බලය උරගා බැලිය හැකි ය.

RSL

Related Posts