ඔව්! කලු කොඩි!! වරදක් නැහැ!!!

Spread the love

anarchyගම්මන්පිළලා ප්‍රමුඛ ජාතිවාදී පිල නියෝජනය කරන්නවුන් කලු කොඩි ප්‍රදර්ශනය කිරීමේ සහ කලු ඇඳීමේ සංකේතාත්මක ව්‍යාපාරයක් අරඹා ඇත. එලෙස ඇරඹුවත් එයට අනුගත කිසිවෙක් කොහිවත් කලු කොඩි දමා නැතත් අපගේ අදහස මේ කලු කොඩි දැමීම නරක නැති බව යි.

මන්දයත්, ඒකාධිපති පවුල්වාදයකට, නීතිය නොතකන ගෝත්‍රික අශිෂ්ඨත්වයකට රට ගෙනයමින් තිබූ යුගයක් අහවර වීමේ මතකය ජනයා වෙත ඒ හරහා සිහිපත් වනු ඇති බැවිනි. මිනිසුන්ට කාණුවලින් යන්නට සලස්වා කාර් රේස් තැබූ, විමතික මාධ්‍යන් අදහස් දරන්නන්ව ඝාතනය කළ, අතපය කැපූ යුගයක මතකය එයින් නැවත සිහිපත් වනු ඇති බැවිනි. යුද ජය නමැති සලුවට මුවා වෙමින් අන්ත දූෂිතබවේ හෙලුව වසාගෙන සිටි ඉතිහාසයේ කාළකණ්ණි ම යුගයක මතකය නැවත සිහිපත් වනු ඇති බැවිනි.

RSL

Related Posts