හිටපු මන්ත්‍රීවරුන්ට දුන් තවත් ‘සුවිශේෂ වරප්‍රසාදයක්‘ අවලංගුයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පුද්ගලික ආරක්ෂාව සඳහා නිකුත් කර ඇති පිස්තෝල නොපමාව ආරක්ෂක අමාත්‍යාංශයට භාර දෙන ලෙසට ඊයේ (29) නියෝග කර ඇති බව ආරංචි මාර්ග පවසයි. මේ සම්බන්ධයෙන් අදාළ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු බලධාරීන් විසින් වෙනම ලිපි යවා ඇති බව ද වාර්තා වේ. පසුගියදා විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 100කට අධික පිරිසක් පුද්ගලික ආරක්ෂාව සඳහා පිස්තෝල ලබාගෙන ඇති බව පාර්ලිමේන්තුවේ උසස් …

Continue Reading

ශිෂ්‍යත්ව විභාගය ගැන විද්වත් කමිටුවෙන් බරපතළ නිර්දේශයක්

පසුගිය 2024 ශිෂ්‍යත්ව විභාගයේ කාන්දු වූ ප්‍රශ්න තුන සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ. අධ්‍යාපනඥයින්, අධ්‍යාපන මනෝවිද්‍යාඥයින්, වෛද්‍ය වෘත්තිකයන් සහ සංඛ්‍යාලේඛනවේදීන්ගෙන් සමන්විත කමිටුව 2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට වඩාත්ම පෙනී සිටි සියලුම සිසුන්ට කාන්දු වූ ප්‍රශ්න තුන සඳහා සම්පූර්ණ ලකුණු ලබා දීමට නිර්දේශ කර ඇති අතර එම නිර්දේශවලට අනුව විභාග දෙපාර්තමේන්තුව ඉහත විසඳුම අනුගමනය …

Continue Reading

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් උද්ගතවූ ගැටලුවට අධ්‍යාපන අමාත්‍යාංශය දෙන විසඳුම

2024 වර්ෂයේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙහි උද්ගතවූ ගැටලුවට විසඳුමක් ලබාදෙමින් අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත පරිදි වේ.

Continue Reading

හිඟ බදු ගෙවන්නන් වෙත දේශීය අදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

2023/2024 තක්සේරු වර්ෂය සඳහා අදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම බදු මුදල් 2024 සැප්තැමබර් මස 30 හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එසේ යම් තැනැත්තෙක් කටයුතු නොකරන්නේ නම්, නොගෙවන හෝ ප්‍රමාද වී ගෙවන අදායම් බදු වෙනුවෙන් නීති ප්‍රකාරව දණ්ඩනයකට සහ පොළියකට යටත් වේ. මෙම දඩ හෝ …

Continue Reading

නව අමාත්‍යාංශවල විෂයයන් හා ආයතන ගැසට් කෙරේ

නව අමාත්‍යාංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ අංක 2403/53 – 2024 දරණ ගැසට් නිවේදනය ඊයේ (27) ප්‍රකාශයට පත් කෙරිණි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලතලවලට අනුව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මීට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. නව රජයේ කෙටි කාලීන කැබිනට් …

Continue Reading

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්

2024 සැප්තැම්බර් මස 28 දින සඳහා කාලගුණ අනාවැකිය 2024 සැප්තැම්බර් මස 27 දින මධ්‍යහන 12.00 ට නිකුත්කරන ලදි. ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කළුතර, ගාල්ල සහ …

Continue Reading

කමිඳු – ඩොන් බ්‍රැඩ්මන් සම වුණ ලෝක වාර්තාව

ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී තවත් සුවිශේෂී ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් තැබීමට කමිඳු මෙන්ඩිස් සමත් විය. ඒ අඩුම ඉනිම ගණනකදී ටෙස්ට් ලකුණු 1000ක් වාර්තා කළ ක්‍රීඩකයින් අතර තෙවැනි ස්ථානයේ සිටි ලෝක පූජිත ඩොන් බ්‍රැඩ්මන් / Don Bradman හා සමවෙමිනි. කමිඳු මේ දක්වා ටෙස්ට් ඉනිම් 13කට ක්‍රීඩා කර ඇති …

Continue Reading

ජපන් අග්‍රාමාත්‍යධුරයේ වෙනසක්

ජපානයේ පාලක පක්ෂය වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින් ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කිරීමත් සමග ජපානයට නව අග්‍රාමාත්‍යවරයෙක් පත්වීමට නියමිතව තිබෙනවා. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ ද පාලක පක්ෂයේ නායකයාටය. ඒ අනුව  ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා වනු ඇත්තේ ද ෂිගුරු ඉෂිබා බව ජපන් මාධ්‍ය පවසයි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායකත්වය වෙනුවෙන්, පක්ෂයේ ප්‍රබලයෝ නව දෙනෙක් ඉදිරිපත් වූහ. ඡන්දය පැවැත්වූයේ පක්ෂ අභ්‍යන්තරයේය. …

Continue Reading

වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරි ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කර ඇත. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ඒ මහතා වෙත පිළිගැන්විය. වසර 158ක පොලිස් ඉතිහාසය තුළ …

Continue Reading

බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් ඔබට සුවිශේෂී තිළිණයක්..!

සෑම බෞද්ධ නිවසකම අනිවාර්යයෙන්ම තිබිය යුතු පොත් කට්ටලයක් මෙම සාහිත්‍ය මාසය තුළ දී බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් විශේෂ වට්ටම් සහිතව ඉතා අඩු මුදලකට බෞද්ධ අබෞද්ධ ඕනෑම කෙනෙකුට ලබාදීමට බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය කටයුතු සලසා ඇත. මෙම පොත් කට්ටලයට එදිනෙදා බෞද්ධයින් භාවිතා කරන පිරුවානා පොත් වහන්සේ, සෙත් පිරිත් සහිත වන්දනා ගාථා, බෝධි පූජා ආරක්ෂක සෙත් පිරිත් සහිත වන්දනා ගාථා, සිංහල අර්ථ සහිත …

Continue Reading