අකිලගේ කුප්‍රකට සැලැස්ම ජනපති නියමයෙන් නවතී

දේශපාලන පළිගැනීම්වලට ලක්‌ වූ බව කියමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නුසුදුස්‌සන්ට ලබා දීමට සැලසුම් කරන ලද උසස්‌වීම් 1014 ම අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (25) තීරණය කළේය. මෙම තීරණයත් සමගම වෘත්තීය සංගම් දොළහක්‌ ඒකාබද්ධව අද (26) පැවැත්වීමට සැලසුම් කළ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට ද එම වෘත්තීය සංගම් නායකයෝ තීරණය කළහ. උසස්‌වීම් ලබා දීමට නිර්දේශ කරන ලද …

Continue Reading

කැඳවන්න පෙර අලුගෝසු තනතුරට අයදුම්පත් වැසි වසී

නිලවශයෙන් අයෑදුම්පත් කැඳවීමටත් පෙර අලුගෝසු තනතුරට අයෑදුම්පත් රාශියක් ලැබී ඇතැයි බන්ධනාගාර මූලස්‌ථානයේ ආරංචි මාර්ග සඳහන් කරයි කාන්තාවන් මෙන්ම උපාධිධාරීන් ද මෙලෙස අයෑදුම්පත් ඉදිරිපත් කර ඇති අතර, “අනේ අපිට මේ රැකියාව කෙසේ හෝ ලබාදෙන්න යෑයි” එක අයෑදුම් පත්‍රයක තරුණියක විසින් ලියා තිබූ බව බන්ධනාගාර නිලධාරියෙක්‌ සඳහන් කරයි. ලබන සතිය ඇතුළත අලුගෝසු තනතුර සඳහා නිල වශයෙන් අයෑදුම්පත් කැඳවන බවද බන්ධනාගාරය කියයි.

Continue Reading

21වන සියවසෙහි දීර්ඝතම චන්ද්‍රග්‍රහණය ඇසළ පොහෝදා

මේ මස 27 වනදාට යෙදෙන ඇසළ පුන් පොහෝ දිනයේදී පූර්ණ චන්ද්‍රග්‍රහණයක් නැරඹීමට ශ්‍රී ලංකාවාසීන්ට අවස්ථාව හිමිවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. පොහෝ දින(27) රාත්‍රී සිට ජුලි 28වනදා අලුයම තෙක් පැය 06 විනාඩි 14ක පමණ කාලයක් ශ්‍රී ලංකාවට මෙන්ම ලොව බොහෝ රටවලට දිස්වන 21වන සියවසෙහි දීර්ඝතම චන්ද්‍රග්‍රහණය නිරීක්‍ෂණය කිරීමට අපට ද …

Continue Reading

ගොවිජන දුක නිවන්න, රජ දවසින් පසු ඇරඹුණු මහා වික්‍රමය මොරගහකන්ද ව්‍යාපෘතියයි – ජනපති

මේ යුගයේ පමණක්‌ නොව රජ දවසින් පසුව රටේ ජාතියේ අනාගතය සඳහා ක්‍රියාත්මක වන ජාතික ආර්ථිකය ශක්‌තිමත් වන ගොවිදුක නිවන මහා වික්‍රමය මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. මොරගහකන්ද කළුගඟ රන්දියවර මංගල්‍යයෙන් පසුව පැමිණ සිටි පිරිස අමතමින් ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද කීය. අද දවස මම ඉතාම සතුටු වෙන දවසක්‌. මෙතන ඉන්න …

Continue Reading

ප්‍රවීණ නාට්‍යවේදියෙකු වූ තිස්ස ගුණවර්ධනයන් දිවි සැරිය නිමා කරයි

කලක් රෝගාතුරව සිටි ප්‍රවීණ නාට්‍යවේදී තිස්ස ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට වයස අවුරුදු 85 වන වියේ පසු වූ ඔහු 60 දශකයේදී රන්තෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් වේදිකා නාට්‍ය කලාවට අවතීර්ණය විය. සිසිල දිනූ දෑත් ඔහුගේ දෙවැනි වේදිකා නාට්‍ය වූ අතර මෙම නාට්‍ය දෙකම එළිමහන් වේදිකාවල ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයකි. ඉන් අනතුරුව අධ්‍යක්ෂණය කළ වාඩිය, ප්‍රසිද්ධ වේදිකාවේ වේදිකාගත කළ පළමු …

Continue Reading

ආණ්ඩුව මාධ්‍යවේදීන්ගේ ජීවිත අනතුරේ හෙළන අලුත් දඩයමකට සැරසෙයි!

මාධ්‍යවේදීන්ගේ තොරතුරු මුලාශ්‍ර අනාවරණය කර ගැනිම හරහා ඔවුන්ගේ ජිවිත අනාරක්ෂිත කිරිමටත් ගන්නා උත්සහයන් පරාජය කලයුතු බව රිවිර සම-කර්තෘ තිස්ස රවීන්ද්‍ර පෙරේරා ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයට කැදවා මුලාශ්‍ර හෙලිකරන ලෙසට බලපෑම් කිරිම සම්බන්ධයෙන් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරනවා. මාධ්‍යවේදීන්ගේ තොරතුරු මුලාශ්‍ර අනාවරණය කර ජිවිත අවදානමකට ලක් කිරිමේ ආණ්ඩුවේ වෑයම පරදවමු! “අලූත්ම බිල්ලකට කොටි යළි නැගිටී” යන හිසින් යුතුව …

Continue Reading

උතුරේ කාන්තාවන්ට අගමැතිගෙන් අතහිත

ක්ෂුද්‍ර ණය සමාගම්වල උගුලට හසු වී ණය දැලේ පැටලී සිටින උතුරු සහ උතුරු මැද කාන්තාවන්ගේ පොලී මුදල් රුපියල් ලක්ෂය දක්වා කපා දැමීමේ වැඩපිළිවෙළක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22දා) යාපනයේදී ප්‍රකාශයට පත් කළේය. තිස් වසරක යුද්ධයෙන් හා කන්න කිහිපයක් තිස්සේ පැවැති නියඟයෙන් බැට කෑ උතුරේ කාන්තාවන් තම සැමියන්, දරුවන් හා ඥාතීන් අහිමි වී පීඩාවට පත්ව සිටින පසුබිමක ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් …

Continue Reading

‘එල්ලා මරණ’ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අනිවාර්යයි – ජනපති යළි අවධාරණය කරයි

මොන විදියේ විරෝධතා ආවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණීය දණ්‌ඩනය ක්‍රියාත්මක කිරීමට ගත් තීන්දුව කිසි ලෙසකින්වත් වෙනස්‌ නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොලොන්නරුවේදී අවධාරණය කළේය.යහපත් සමාජයක්‌ සෑදීම හොඳින් කියලා බැරිනම් සමහර විට ලෝකයේ බොහෝ රටවල් වගේ නරකින් කරන්නට සිද්ධ වෙනවා යෑයි ද ජනාධිපතිවරයා කීවේය. චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්‌කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් ආරම්භ කිරීමෙන් අනතුරුව පෙරේදා (21 දා) …

Continue Reading

විශේෂ මහාධිකරණ නිසා අලුත් ඩීල් රැසක්

කඩිනමින් නඩු අසා දඬුවම් දීම සඳහා පිහිටුවන ලද විශේෂ මහාධිකරණ සක්‍රීය කිරිමත් සමග මහින්ද පිලේ ගෝඨාභය පාර්ශවය දැඩි නොසන්සුන්තාවයකට පත්ව ඇති බව වාර්තා වන අතර මේ වනවිට ආණ්ඩුවේ ප්‍රබලයින් හමුවෙමින් හා දුරකථන ඔස්සේ ඔවුන් අමතමින් විවිධ අන්දමේ සාකච්ඡා පවත්වමින් සිටින බවද වාර්තා වේ. විමල් වීරවංස, මහින්දානන්ද අලුත්ගමගේ මෙම පිරිසෙන් පෙරමුණේ සිටින අතර තමන්ට අදාළ නඩු මෙම අධිකරණයට යොමු වීම වළක්වා …

Continue Reading

ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් නීතිවිරෝධී කේබල් නාලිකා නීතිගත කරන්න TRCය කුමන්ත්‍රණයක!

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නීති විරෝධි කේබල් රූපවාහිනී සේවාවන් ගැන පරීක්ෂණ ආරම්භ කර ඒ සම්බන්ධයෙන් තින්දුවක් නොගෙන අලුතින් කේබල් නාලිකාවක් සදහා බලපත්‍රයක් නිකුත් කිරිමට කටයුතු කිරිම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා විදුලි සංදේශන හා නියාමන කොමිෂන් සභාවට සිය විරෝධය පලකරමින් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය අධ්‍යක්ෂක ජනරාල්වරයාට ලිපියක් යොමුකර තිබේ. ර්ම ලිපිය මගින් එම ව්‍යාපාරය පෙන්වා දෙන්නේ නීති විරෝධි කේබල් රූපවාහිනී සේවාවන් ලබාදිමට …

Continue Reading