මහේන්ද්‍රන්ගේ පිහිටෙන් මහින්ද බේරෙයි

ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ පවත්වාගෙන යන ජංගම ගිණුම් 04කින් නිකුත් කරන ලද චෙක්පත් පහක් මගින් රුපියල් එකොලොස් කෝටි පනස් ලක්ෂයක (රු. 115,000,000) චෙක් පත් එක් පුද්ගලයෙකු විසින්ම පසුගිය ජනාධිපතිවරණය පැවත්වූ ආසන්න කලායේ එනම් 2014 දෙසැම්බර් 08 වැනිදා සිට එම මස 30 වැනිදා දක්වා අදාළ චෙක් පත් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය පැවැත්වූ පරීක්ෂණයක් එවක …

Continue Reading

අත්‍යවශ්‍ය අළුත්වැඩියාවක් නිසා 25-31 අතර කොළඹට විදුලි කප්පාදුවක්

කොළඹ නගරයේ කිලෝ වෝල්ට් 132 පද්ධතියක අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් ජූලි 25 දින සිට 31 දින දක්වා ප‍්‍රදේශ කිහිපයක කඩින්කඩ විදුලිය බිඳ වැටිය හැකි බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි. ලංකා විදුලිබල මණ්ඩලයේ මහ කොළඹ සම්පේ‍්‍රෂණ සහ බෙදාහැරීම් හානිය අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ කෙළඹ නගරයේ කිලෝ වෝල්ට් 132 පද්ධතියේ අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර තිබේ. …

Continue Reading

චීන – ශී‍්‍ර ලංකා මිත‍්‍රත්ව ජාතික වෘක්කවේද රෝහලේ ඉදිකිරීම් අද (21) ජනපති ප‍්‍රධානත්වයෙන් ඇරඹේ

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලීමක් අනුව චීන රජයෙන් ලැබුණු පූර්ණ පරිත්‍යාගයක් ලෙස පොළොන්නරුවේ ඉදිකෙරෙන චීන – ශී‍්‍ර ලංකා මිත‍්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් අද (21) පෙරවරුවේ යෙදෙන සුබ මොහොතින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ. වකුගඩු රෝගයෙන් පීඩාවිදින ජනතාව වෙනුවෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා තුළ තිබූ දිගුකාලීන අපේක්ෂාවක් ඉටුකරමින් දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස මෙම …

Continue Reading

“ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය සඳහා මුදල් වැය කිරීමට නීතිමය හිමිකමක් නැහැ” – ගෝඨාට සිතාසි

මහින්ද රාජපක්ෂ පාලන සමයේ මැදමුලන ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් ලක්ෂ 800 අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සැප්තැම්බර් 07 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත සිතාසි නිකුත් කර තිබේ. හිටපු ආරක්ෂක ලේකම්වරයාට අමතරව අදාළ චෝදනාවට සම්බන්ධ තවත් සැකකරුවන් හය දෙනෙකුටද සිතාසි …

Continue Reading

‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ පළවූ පුවත සම්බන්ධයෙන් පැවැති විවාදයේදී මැති ඇමැතිවරු දැක්වූ අදහස්..

ගනුදෙනු චෝදනාවට පිළිතුරු දිය යුත්තේ චෝදනාව එල්ල වූ කෙනා මිස එයාගේ ගෝල බාලයන් නොවේ – ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක රටේ මහජන ධනය සොරාකෑම ගැන ඉතිහාසය පුරාම කතාකර තිබෙනවා. අද හොරකමට සම්බන්ධකම් දක්වන්නේ රජ ගෙදරින් බවට ඔප්පු වෙමින් තිබෙනවා. බැඳුම්කර ගනුදෙනුව ගැන කතා කරද්දී රනිල් වික්‍රමසිංහ නම නොකියා බැහැ. ඒ වගේම නිව්යෝර්ක් ටයිම්ස් පුවතේදී මහින්ද රාජපක්ෂ නම නොකියා බැහැ. රටේ …

Continue Reading

මඩකළපුවේ ඉඩම් අක්කර 200ක් උක් වවන්න චීන සමාගමකට හොරෙන්ම දීලා

මඩකළපුව, කුඩුම්බිමලෛ ප්‍රදේශයේ අක්කර ගණනාවක විශාල ඉඩමක් චීන සමාගමකට උක් වගාව සඳහා ලබාදී ඇතැයි චෝදනා කරන පාර්ලිමේන්තු මන්ත්‍රි සින්නතම්බි යෝගේෂ්වරන් මහතා ඒ සම්බන්ධව වහාම නිසි විමර්ශනයක් පවත්වන ලෙස මඩකළපුව දිස්ත්‍රික් ලේකම් එම්. උදයකුමාර් මහතා වෙත ලිපියක් යවා ඇත. අදාළ ගිවිසුම ශ්‍රී ලංකා රජය හා චීන සමාගම අතර වූ රහසිගත ගිවිසුමක් බවත් ඒ සම්බන්ධව වගකිව යුතු කිසිදු පාර්ශ්වයක් සමඟ මේ වන …

Continue Reading

මේ කුඩු ජාවාරම පිටුපස ඉන්නේ ආණ්ඩුවේ ඇමැතිවරුයි

“මරණ දඬුවම” ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ සිදු කිරීම මහ බැංකු බැඳුම්කර හොරකම ක්‍රමානුකූලව ජනතා හදවත්වලින් ඉවත් කරගෙන යෑමේ වැඩපිළිවෙළේ තවත් එක් අදියරක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන පැවැසීය. ආණ්ඩුවට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ශක්තියක් නැති බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය. ඊයේ (18දා) බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් මෙසේද කීය. ඊයේ මේ ආණ්ඩුවේම ඇමැතිවරයෙක් …

Continue Reading

විපක්ෂයේ නිල අයිතිය දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයෙන් කථානායකට ලිපියක්

විපක්ෂයේ නිල අයිතිය ලබා දෙන්නැයි ඉල්ලා කථානායකවරයාට ලිපියක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම මහතා ප්‍රකාශ කළේ, විපක්ෂයේ අයිතිය පිළිබඳව තම මන්ත්‍රී කණ්ඩායම ඊයේ කථානායක කරූ ජයසූරිය මහතා හමුවී සාකච්ඡා කළ බවයි. ඒ අනුව අදාළ ඉල්ලීම ලිඛිතව ලබා දෙන ලෙස කථානායකවරයා තම කණ්ඩායමට දැනුම් දුන් බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය. ඩලස් අලහප්පෙරුම මහතා …

Continue Reading

පාතාලයන් 5ක් රැකවලුන් ලෙස සිටින කැබිනට් ඇමැති ගැන පරීක්ෂණයක් කරන්න අගමැතිගෙන් නියෝගයක්

කැබිනට් ඇමැතිවරයකු විසින් පාතාලයේ සාමාජිකයන් පස් දෙනකු සිය රැකවලුන් ලෙස තබාගෙන සිටින්නේ දැයි සෙවීමට පරීක්ෂණයක් පවත්වන ලෙස තමා පොලිසියට දැනුම් දුන් බව අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (17දා) ප්‍රකාශ කළේය. එවැන්නක් පළ වූ පුවත්පත් වාර්තාවට අදාළ තොරතුරු සොයා බලා ඒ සම්බන්ධයෙන් තමා දැනුවත් කරන ලෙස අදාළ අංශවලට දැනුම් දුන් බවද අගමැතිවරයා කීවේය. අගමැතිවරයා එසේ පැවැසුවේ මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රි පද්ම උදයශාන්ත …

Continue Reading

වෛද්‍ය පරීක්ෂණ වාර්තා ලබාගැනීමේ තදබදය මඟහරවා ගැනීම පිණිස එම්.බී.බී.එස්. උපාධිධාරි වෛද්‍යවරුන් 50ක් බඳවා ගැනීමට අනුමැතිය

ජාතික වෛද්‍ය ප්‍රවාහන අංශයේ පවතින වෛද්‍ය පරීක්ෂණ වාර්තා ලබාගැනීමේ තදබදය මඟහරවා ගැනීම පිණිස ලබාගත් කැබිනට් අනුමැතිය මත එම්.බී.බී.එස්. උපාධිධාරි වෛද්‍යවරුන් 50ක් ඉදිරි මාසය ඇතුළත බඳවා ගැනීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. නවීකරණය කරන ලද ජාතික ප්‍රවාහන ආයතනයේ තෙවැනි මහල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. එහිදී …

Continue Reading