අත්‍යවශ්‍ය අළුත්වැඩියාවක් නිසා 25-31 අතර කොළඹට විදුලි කප්පාදුවක්

Spread the love

කොළඹ නගරයේ කිලෝ වෝල්ට් 132 පද්ධතියක අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් ජූලි 25 දින සිට 31 දින දක්වා ප‍්‍රදේශ කිහිපයක කඩින්කඩ විදුලිය බිඳ වැටිය හැකි බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ මහ කොළඹ සම්පේ‍්‍රෂණ සහ බෙදාහැරීම් හානිය අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ කෙළඹ නගරයේ කිලෝ වෝල්ට් 132 පද්ධතියේ අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර තිබේ.

ඒ අනුව මේ මස 27 දින සිදුකිරීමට නියමිත මෙම පද්ධති වැඩිදියුණු කිරීමේ ක‍්‍රියාවලිය හේතුවෙන් 27  දින පෙ.ව.09.00 සිට ප.ව. 03.00 දක්වා අදාළ ප‍්‍රදේශයන්ගේ විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව  විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය දන්වා සිටියි.

ඒ අනුව මේ මස 27 දින පෙ.ව. 09.00 සිට ප.ව. 03.00 දක්වා කොළඹ 03, කොළඹ 04, කොළඹ 05, කොළඹ 07 සහ කොළඹ 08 යන ප‍්‍රදේශයන්ගේ විදුලිය විසන්ධි කෙරේ.

ඊට අමතරව ඉහත සඳහන් පද්ධතිය වැඩිදියුණු කිරීම හේතුවෙන් ජූලි මස 25 දින සිට 31 දින දක්වා ඇතැම්විට අදාළ ප‍්‍රදේශයන්ගේ කඩින්කඩ විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි බවද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.

අඛණ්ඩ මෙන්ම ගුණාත්මකභාවයෙන් යුත් විදුලි සේවයක් සැපයීම තුළින් පාරිභෝගික ජනතාව තුළ විශ්වසනීයත්වය තහවුරු  කිරීම වෙනුවෙන් සිදුකරනු ලබන මෙම පද්ධති වැඩිදුයුණු කිරීමේ ක‍්‍රියාවලිය නිසා විදුලි පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සිය කනගාටුව ප‍්‍රකාශකර සිටියි.

RSL

Related Posts