සැකකරුවන්ට ඇප ලැබීම පිටුපස සැකයක්! පොලිසියෙන්ම විමර්ශනයක්

රිමාන්ඩ් භාරයට පත් කර සිටි වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ සැකකරුවන් නව දෙනා ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහක් ඇතිව අතර මේ නිසාම පොලීසිය විසින් යම් දෝෂයක් සිදුව ඇත්දැයි සොයාබැලීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. අද(08) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව සඳහන් කළේය.

Continue Reading

ඉස්ලාම් අන්තවාදයට මෙරට නීතිය ක්‍රියාත්මක නොවීම සහ මුස්ලිම් දේශපාලඥයින්ගේ ක්‍රියාකලාපය බලපෑවා

මෙරට ඉස්ලාම් අන්තවාදයට මෙරට නීතිය සැමට නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සහ මුස්ලිම් දේශපාලනඥයින්ගේ ක්‍රියාකලාපය බලපෑ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. අද(07) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහලේකම්වරයා පෙන්වා දුන්නේ, ඕනෑම කෙනෙකුට දේවස්ථාන ඉදිකිරීමට අවශ්‍ය වාතාවරණ සකස් වී තිබීම ගැටලු සහගත තත්ත්වයක් බවයි. සැමට අනන්‍ය වූ ජාතියකට ශ්‍රි ලංකාව තුළ ජීවත් වීමේ …

Continue Reading

එකිනෙකාගේ සැකය නිසා රටේ සමස්ත ජන ජීවිත අඩාලයි – ජනපති සිරිසේන

එකිනෙකාට බියෙන්, එකිනෙකා දෙස සැකයෙන් බැලීම හේතුවෙන් රටේ සමස්ත ජන ජීවිතය අඩාල වන අතර, ත්‍රස්තවාදය නිසි ලෙස හඳුනාගෙන එය විනාශ කිරීම ආරක්ෂක අංශ සාර්ථකව සිදු කරද්දී, අවබෝධයෙන් සහ විශ්වාසයෙන් යුතුව කටයුතු කරමින්, රට තුළ සාමකාමී පරිසරයක් පවත්වාගෙන යාමට කැපවීම සියලූ දෙනාගේ වගකීම බවද ජනාධිපතිවරයා අවධාරණය කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ මුස්ලිම් සිවිල් සමාජ නායකයින් සමඟ ඊයේ …

Continue Reading

මුදල් සහ දේශපාලන බලය වෙනුවෙන් හිස්බුල්ලා ඇටවු මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලය ගෝලීය ත්‍රස්තවාදයේ පිලිලයක්

මුදල් සහ තම දේශපාලන බලය වෙනුවෙන් හිස්බුල්ලා ඇටවු මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලය ගෝලීය ත්‍රස්තවාදයේ පිලිලයක් බවට පත්විය හැකි බවත් පාස්කු ඉරිදා ප්‍රහාරය සැහැල්ලුවෙන් ගතයුතු නැති බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන පවසයි. වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ශරියා විශ්ව විද්‍යාලය ආරම්භ කළා යැයි කීම, පට්ට බොරුවක් බව ප්‍රකාශ කල පරණවිතාන මහතා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ලෙසින් ආරම්භ කල …

Continue Reading

කඩු කිණිසි භාර දෙන්න තවත් පැය 48 ක්

නිවෙස්වල යම් යම් ස්ථානවල සඟවා තිබූ කඩු, කිනිසි, උල් පිහි ආදිය පොලිස් ස්ථාන වෙත ගෙනැවිත් භාරදීමට ලබාදී තිබූ කාලය තවත් පැය 48 කින් දීර්ඝ කළ බව පොලිස් මූලස්ථානය පවසයි. එම කාලය ඊයේ (06 වැනිදා) මධ්‍යම රාති‍්‍ර 12.00 සිට කි‍්‍රයාත්මක බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. පසුගිය 21 වැනිදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවෙන් පසු …

Continue Reading

තව්හිද් ජමාත් ත‍්‍රස්තයින්ගේ වත්කම් බිලියන 7.5ක් රාජසන්තක වෙයි!

තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ සාමාජිකයන්ට අයත් රුපියල් කෝටි 750 කට අධික වටිනාකමින් යුත් මුදල් සහ දේපළ රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මේවනවිට සිදුකරනු ලබයි. එම ත‍්‍රස්තවාදීන්ට අයත් රුපියල් කෝටි 700 ක් වටිනා ඉඩම් සහ දේපළ රුපියල් ලක්‍ෂ 1400 කට අධික මුදලක් සහ කෝටි ගණන් වටිනා රන් ආභරණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට සොයාගෙන තිබේ. එම දේපළ …

Continue Reading

පාස්කු ප්‍රහාරය පිටුපස ගෝඨාභය සිටින බවට තොරතුරු ගලා එයි!

ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වූ ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධාන හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ වැටුප් ‌ගෙවා පෝෂණය කළ ඒවා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කරුණු සහිත අනාවරණයක් සිදුකළේය. අරලියගහ මන්දිරයේ අද (30) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා , “මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීම සමග …

Continue Reading

රට වෙනුවෙන් එජාපයෙන් ජනපති වෙත ලිඛිත ඉල්ලීමක්

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදෙන ලෙසට ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් ලබාදීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා පවසයි. අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට අමාත්‍ය ධූරයක් …

Continue Reading

අගරදගුරුතුමාගෙන් රජයට අනතුරු ඇඟවීමක්..!

පාස්කු ඉරිදා සංහාරය මෙහෙය වූ අපරාධ කල්ලියට සහාය දෙන මැති ඇමැතිවරුන් කවුරුන් හෝ සිටී නම් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කළ යුතු යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. සිද්ධිය සම්බන්ධයෙන් සෑහීමට පත්විය හැකි කි‍්‍රයාමාර්ග ආණ්ඩුව නොගන්නේ නම් ජනතාව සමඟ පාරට බැසීමට සිදුවන බව ද උන්වහන්සේ සඳහන් කළහ. කොළඹ අගරදගුරු මැඳුරේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප‍්‍රකාශ …

Continue Reading

රටේ ඉහළම තනතුරු කිහිපයක් වහා වෙනස් වෙයි

ජනාධිපතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි රටේ ප්‍රධාන සහ බලගතු තනතුරු කිහිපයක් සඳහා නව බලධරයින් පත් කර ඇත. ඒ අනුව නව අගවිනිසුරුවරයා ලෙස ජයන්ත ජයසූරිය මහතා ඊයේ (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. එමෙන්ම සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන නිතිපතිවරයා ලෙස පත් කර තිබේ. මේ අතර අතිරේක විගණකාධිපති චූලන්ත …

Continue Reading