මොන පක්ෂ භේද තිබුණත් UNP ආණ්ඩුව ගෙදර යවන්න ඡන්දය දෙනවා
ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයට සහය පළ කරමින් පක්ෂ භේදයකින් තොරව ඡන්දය භාවිත කිරීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් සිදුවී ඇති අක්‍රමිකතා පිළිබඳව වාර්තාවක් තමාට ඊයේ(09) භාර දුන් බවද ඔහු සඳහන් කළේය. වෛද්‍ය සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා සියලු සම්මත පිළිවෙත් උල්ලංඝනය …
Continue Reading
“තිලංග මහත්තයෝ, ඔය මන්ත්‍රීකම පැත්තකට දාලා රට ජාතිය වෙනුවෙන් වැඩකරන්න එලියට එන්න”- දැයම එක රොදකට සමුළුවට පැමිණි තිලංගට ඥානසාර හිමිගෙන් ආරාධනයක් (වීඩියෝ)
බොහෝ දෙනා විවිධ දේශපාලන අරමුණු සහිතව තමා හිරේ සිටියදී සුවදුක් බැලීමට පැමිණියද තමාට නිදහස ලබා ගැනීම වෙනුවෙන් දැඩි කැපවීමකින් අවසානය දක්වා සුවිශේෂී කාර්යභාර්යක් සිදුකළේ ශ්‍රීලනිප කොළඹ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා බවත්, එම නිසා තමාගේ විශේෂ ස්තුතියක් සහ ගෞරවයක් එතුමාට පුදකරන බවත් පැවසූ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්, තිලංග සුමතිපාල මහතා යනු පරම්පරාගත …
Continue Reading
මරණ දඬුවම කල් දැමු හේතුව (වීඩියෝ)
මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන්නේද ? නැද්ද? යන්න පිළිබඳ තීන්දුව ලබා දීම ඔක්තෝබර් 26 වැනිදා දක්වා කල් දමා ඇත්තේ වර්තමාන ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම නැවැත්විමේ අරමුණින් බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. ඊයේ (09) එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව පැවසීය. මහාධිකරණය,ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය යන අධිකරණ සියල්ලගෙන්ම නඩුව විමසා ලබා …
Continue Reading
සිංහල බෞද්ධ ඡන්දවලින් ජනපති කෙනෙක් පත් කරන සිහිනය බිඳ දැමිය යුතුයි – අමීර් අලී
සුළු ජන කොටස්වල ඡන්ද ප්‍රතික්ෂේප කොට සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්දවලින් පමණක්ම ජනාධිපතිවරයකු පත් කළ හැකි යැයි කවරකු හෝ සිතන්නේ නම් එම සිතිවිල්ලට අවමඟුල් සීනු නාද කිරීම සමස්ත සුළු ජන කොටස්වලම වගකීමක් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.එස්.එස්. අමීර් අලී පවසනවා.මඩකළපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ කාන්තාවන් පිරිසකට මහන මැෂින් දීමේ අවස්ථාවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව කීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා …
Continue Reading
නීතිපතිගේ විරෝධ නොතකා පූජිත්ට සහ හේමසිරිට ඇප!
රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ මේ වන විට අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් රුපියල් ලක්‍ෂ පහ බැගින්වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (09) නියෝග කළාය. එම සැකකරුවන් දෙදෙනාට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 296 වගන්තිය යටතේ ගැනෙන මිනීමැරීමේ චෝදනා ගොනු කිරීමට තරම් ප‍්‍රමාණවත් කරුණු …
Continue Reading
ශ්‍රී ලංකාවේ ජනගහනය සීඝ්‍රයෙන් වියපත් වන බව සමීක්ෂණයකින් සොයාගනී
ලෝක ජනගහන දිනය නිමිත්තෙන් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ශ්‍රී ලංකාවේ ජනගහනයේ වියපත්වීම පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රතිපත්ති සම්පාදකයන් රැස් කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලාංකික කාන්තාවකගේ උපතේදී ආයු අපේක්ෂාව වසර 79ක් වන අතර පිරිමියකුගේ උපතේදී ආයු අපේක්ෂාව අවුරුදු 72කි. එයින් අදහස් වන පරිදි වයස අවුරුදු 60 සපිරෙන විට ශ්‍රී ලංකාවේ කාන්තාවන් ඉදිරියේ තවත් අවුරුදු 19ක් තිබියදී පිරිමින් ඉදිරියේ අවුරුදු 12ක කාලයක් …
Continue Reading
පාස්කුදා ප‍්‍රහාරය වළක්වා නොගැනීම ගැන පෙත්සම් විභාගයට
මොහමඞ් සහරාන්ගේ ‘තව්හිද් ජමාත්’ නමැති මුස්ලිම් අන්තවාදී සංවිධානය කතෝලික පල්ලිවලට හා ආර්ථික වශයෙන් වැදගත් ස්ථානවලට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට බුද්ධි අංශවලින් තොරතුරු හා අනතුරු ඇඟවීම් ලැබී තිබියදීත් මහජනතාවගේ ආරක්‍ෂාවට පියවර නොගැනීම ගැන චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම් විභාග කිරීමට හත්දෙනකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අගවිනිසුරුවරයා විසින් ඊයේ (08) පත් කරන ලදී. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, …
Continue Reading
වද වී නැසෙන්න පෙර තනි සිංහල ආණ්ඩුවකින් සිව් හෙළයම ගොඩගඟන සැලැස්ම ඥානසාර හිමි ජාතිය හමුවේ තබයි (වීඩියෝ)
වද වී නැසෙන්න පෙර තනි සිංහල ආණ්ඩුවකින් සිව් හෙළයම ගොඩගඟන සැලැස්ම ඥානසාර හිමි ජාතිය හමුවේ තබයි. සිංහල ජාතිය වැනසී යෑමට පෙර සිංහල පාර්ලිමේන්තුවක් ඇති කිරීම අපගේ එකම අපේක්ෂාව බවත්, ඒ තුළින් රටත් ජාතියක් ගොඩනැඟීම අපගේ සැලැස්ම බවත් මහනුවර බෝගම්බරදී ඊයේ (07) පැවැත්වුණු මුළු දැයම එක රොදට සමුළුවේදී බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩත්තේ ඥානසාර හිමියෝ පැවසූහ. තවදුරටත් අදහස් දක්වමින් ජූජ්‍ය ගලගොඩාත්තේ …
Continue Reading
ඇමති රාජිත කෝටි 5000ක බාල පිළිකා ඖෂධ ගෙන්වීමේ සැලැස්මක
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ මැදිහත් වීමෙන් රුපියල් කෝටි 5000 ක් වටිනා ප‍්‍රමිතියෙන් තොර බාල පිළිකා ඖෂධ මිලදී ගැනීමට දරන උත්සාහය වහාම නතර කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. මෙම ඖෂධ මිලදී ගැනීම සඳහා මේ වන විට වසර 15 කට බලපැවැත්වෙන පරිදි ගිවිසුමක් අත්සන් කිරීමට යන බවත්, ජනාධිපතිවරයා එ් සම්බන්ධයෙන් දැනුවත් කළ බවත් රජයේ …
Continue Reading
සජිත් සහ ගෝලයින්ගේ සිහින බොඳවන යෝජනාවක් ලඟදීම අනුමැතියට
එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන පුද්ගලයා සම්බන්ධයෙන් සලකා බැලිය යුතු නිර්ණායක කිහිපයක් එම පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් කෙරෙමින් පවතී. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ බහුතරයකගේ එකඟතාවය මෙන්ම පාක්ෂිකයින්ගේද අනුමැතිය මේ වන විටත් ලැබී ඇත. අපේක්‍ෂකත්වය බලාපොරොත්තු වන්නන් තම අධ්‍යාපන සුදුසුකම් සහ තමන්ගේ මැතිවරණ දිස්ත‍්‍රික්කය හා ආසනය ජය ගැනීම ගැන එහිදී සලකා බැලීමට නියමිතය. මෙම යෝජනාව …
Continue Reading