සාමාන්‍ය ජනතාව සහ රට වෙනුවෙන් නව උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීමට මහ බැංකුවට නිර්දේශ
ශ්‍රී ලංකා මහ බැංකුව සාමාන්‍ය ජනතාව සහ රට වෙනුවෙන් අලුතෙන් සිතා රට දියුණු කිරීමට නව්‍ය උපාය මාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු යැයි රජයේ මුදල් කාරක සභාවට පැමිණි ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ට එම කාරක සභාව විසින් දැනුම් දුන්නේය. ශීඝ්‍ර ලෙස වාණිජකරණයට ලක් වූ සිය ශේෂ පත්‍රයේ ලාභය සහ ශ්‍රේණිගත කිරීම් පසුපස දිවයන රාජ්‍ය හෝ වාණිජ බැංකු මෙන් කටයුතු නොකරන ලෙසද රජයේ …
Continue Reading
facebook හරහා ඇමේසන් වානාන්තරය විකුණන ජාවාරමක් හෙළිවෙයි !
බ්‍රසීලයේ වන සම්පත වන ඇමසන් වැසි වනාන්තරය ෆේස්බුක් ජාලය ඔස්සේ විකිණීමේ ජාවාරමක් BBC ය විසින් අනාවරණය කරගනු ලැබ ඇත. එම වනයේ සංරක්‍ෂිත කලාපයන්ට ජාතික වනෝද්‍යාන සහ ආදිවාසීන් වෙනුවෙන් වෙනකරණ ලද භූමියත් ඇතුළත් වෙයි. ෆේස්බුක් ජාලයේ පළකරනු ලැබ ඇති දැන්වීම්වල දැක්වෙන ඇතැම් බිම්කොටස් පාපන්දු ක්‍රීඩාංගන දහසක් තරම් විශාල ඒවා වෙති. මෙම කාරණය සම්බන්ධයෙන් බ්‍රසීල බලධාරීන් සමඟ කටයුතු කිරීමට තමන් සූදානම් නමුත් …
Continue Reading
උපත් අබාධ සත්කාරය සහ වැළක්වීම පිළිබඳ ‘කොළඹ ප්‍රකාශනය’ නිකුත් කෙරේ
ලෝක උපත් අබාධ දිනය අද (03) දිනට යෙදී තිබුණා. මේ ලිපිය ඒ වෙනුවෙනි. ලෝකය පුරා මිලියන 8ක් පමණ පුද්ගලයින් උපත් ආබාධ නිසා පීඩා විඳින අතර බිළිඳු මරණ වලින් 11% කට ද, කුස තුළ මියයන දරුවන්ගෙන් 10% කට ද හේතු වේ. මෙම දරුවන්ගෙන් 90% කටත් වඩා සිටිනුයේ අඩු සහ මධ්‍යම ආදායම් රටවලය. සෑම දිනකම ශ්‍රී ලංකාවේ උපත් අබාධ සහිත දරුවන් 16ක් …
Continue Reading
ජනාධිපතිවරයා තරුණ තරුණියන්ගේ පරිසරයට තිබුණ ආදරයට බූට් එක තියලා
”පහුගිය කාලේ බිත්තිවල චිත්‍ර ඇඳපු, පැළ සිටවපු, පරිසරයට ආදරය කරපු තරුණ තරුණියන්ගේ ආදරය සර් කොල්ල කෑවා‘‘ යැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සඳහන් කරයි. ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ අද (01) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි. මෙහිදී වත්මන් පරිසර විනාශය ගැන වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ එරංග ගුණසේකර මහතා, “පහුගිය …
Continue Reading
ශිෂ්‍ය සංඛ්‍යාව අඩු පාසල් ගැන COPA හෙළි දරව්ව සහ නව නියෝග
ශිෂ්‍ය සංඛ්‍යාව සාපේක්ෂ වශයෙන් අවම වූ රජයේ පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ සැලැස්මක් මාස 04 ඇතුළත සකසන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්‍ය කපිල පෙරේරා මහතාට දැනුම් දුන්නේය. ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට අඩු පාසල් 5161 ක් මෙරට තුළ පවතින අතර, එම පාසල් රැසක ගුණාත්මකභාවය පිළිබඳ ගැටළු රැසක් මතුව ඇති බවත්, ඒම තත්ත්වය පිළිබඳව සොයා බැලීමට අධ්‍යනයක් …
Continue Reading
අතහැරදමා තිබූ නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් ‘නැවත ආරම්භ කිරීමට’ අගමැතිගෙන් උපදෙස්
පසුගිය ආණ්ඩු සමයේ අත්හැර දමා තිබූ නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කිරීමට මුදල් සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (01) දින පෙරවරුවේ උපදෙස් දුන්නේය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ව්‍යාපෘති ගැටලු පිළිබඳව මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී අග්‍රාමාත්‍යවරයා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව …
Continue Reading
ට්‍රප්ම්ප් හිර කරන මෙහෙයුම තවත් වටයකින් අලුත් වෙයි
හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මුල්‍ය කටයුතු සහ ඔහුගේ පවුලේ ව්‍යාපාර පිළිබඳව ආරම්භ වන අපරාධ පරීක්ෂණය වැඩි කතාබහට ලක් විය. තමන්ගේ බදු වාර්තා සහ අනෙකුත් මූල්‍ය වාර්තා නිව්යෝර්ක් නුවර නීති බලධාරීන්ට භාරදෙන ලෙසට එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය සඳුදා (පෙබරවාරි 22) නියෝග කළේය. තමන්ගේ වාර්තා නීති බලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්වීම වලක්වාගැනීම සඳහා මාස කීපයක් තිස්සේ උත්සාහයක නියැලුණු ට්‍රම්ප් මෙම නියෝගයෙන් පසුබෑමකට ලක්වී තිබේ. …
Continue Reading
කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ දේශීය ඇගළුම් නිෂ්පාදන අමාත්‍යාංශවලට නව ලේකම්වරුන්
කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරු පත් කෙරෙති. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා සහ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අතින් පත්වීම් ලිපි භාර ගත්හ.
Continue Reading
අන්තර්ජාල සමාගම් ලංකාවේ ‘ඩිජිටල් අනාගතය වනසන හැටි’ හෙළි වෙයි
ශ්‍රී ලංකාවට ඩිජිටල් ලෝකය ජයගන්නට තිබෙනා ප්‍රධාන බාධාවක් ලෙස අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් සිදුකරගෙනු යනු ලබන මාෆියාව හේතුවී ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මීට වසරකට පෙර “ශ්‍රී ලංකාව ඩිජිටල් ලෝකය ජයගන්න පවතින ඩේටා මාෆියාව විශාල බාදාවක්” යන සිරස්තලය යටතේ 2020 වසරේ පෙබරවාරි 21ක් වනදා නිකුත් කල මාධ්‍ය නිවේදනය මගින් හෙළිදරව් කිරීමට හැකිවිය. අන්තර්ජාල සේවා සපයන සමාගම් …
Continue Reading
කෘෂි අපනයන කලාප පිහිටුවීමේ ජාතික වැඩසටහන ඇරඹෙයි !
අපේ රටේ නිෂ්පාදනයන් කරන්නේ නැති වෙනකොට මේ රටේ රැකියා උපදින්නෙත් නැහැ. රස්සා හොයාගෙන පිටරට යන්න වෙනවා. ඊළඟට ඒ විදේශගත වෙලා ඉන්න අය ලංකාවට එවන මුදල් වලට වුණේ මොකද්ද. විදේශගත වෙලා ඉන්න අය එවන සල්ලි විදේශවලින් ගෙන්වන බඩු ගන්න වියදම් කරනවා. ඒ සල්ලි ටිකත් ඇදෙන්නේ පිටරටට. “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්තියට අනුව අපනයන කෘෂි කලාප ඇති කිරීමේ ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ …
Continue Reading