කොවිඩ් මරණ අඩුවෙන්නේ තව සති දෙක තුනකින් – රාජ්‍ය ඇමතිනී සුදර්ශනී

කොවිඩ්-19 ආසාදිතයින්ගේ සහ කොවිඩ් ආසාදිත මරණවල පැහැදිලි අඩුවීමක් දැක ගැනීමට තවත් සති දෙකක් හෝ තුනක් ගත විය හැකි බව කොවිඩ්-19 මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙසේද කීවාය. “රජය සංචරණ සීමා පනවා තියෙනවා. වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් බැලුවම ඒක ඉතාමත්ම හොඳයි. හැබැයි රටේ ජනතාවට අසීරුතා තියෙනවා. ඕනෑම දෙයක් කරන කොට ප්‍රශ්න ඇති වෙනවා. මුලින්ම රෝගීන් …

Continue Reading

පාසල් විවෘත කිරීමට පෙර කළ යුතුම දේ කුමක්ද ? අධ්‍යාපන ලේකම් කළ ප්‍රකාශය

පාසල් යළි විවෘත කිරීමට පෙර අනිවාර්යයෙන්ම ගුරුවරුන්ට හා අධ්‍යාපන කාර්ය මණ්ඩලයට Covid-19 මර්දන එන්නත් ලබාදිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියනවා. කොවිඩ් 19 වයිරසය පාලනය වී ඇති ප්‍රදේශවල පාසල් යළි විවෘත කරන්නැයි විවිධ අංශවලින් ඉල්ලීම් ගලා එන බව කී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සෞඛ්‍ය නිර්දේශ ලැබුණු විගස පාසල් යළි විවෘත කිරීමට අවශ්‍ය කටයුතු යොදන බවද සදහන් කළා. ‘‘කෙසේ …

Continue Reading

‘ඔන්ලයින් ක්‍රමයට මත්පැන් විකිණීමේ යෝජනාව‘ මුදල් අමාත්‍යාංශයට

සංචරණ සීමා කාලයේ දී බොහෝ පිරිස් සිය නිවෙස්වලම මත්පැන් පෙරීමට පටන් ගැනීම නිසා රජයට දීර්ඝ කාලීනව බදු ආදායම් අහිමිව යෑමේ අවදානමක් මතුව තිබෙන බවත් මේ කරුණු සැලකිල්ලට ගෙන සුපිරි වෙළෙඳසල් හරහා ඔන් ලයින් ක්‍රමයට මත්පැන් සැපයීමට මුදල් අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලූ බවත් සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසිංහ මහතා පැවසීය. සුපිරි වෙළඳ සල් හරහා ඔන්ලයින් ක්‍රමයට මත්පැන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන්නැයි …

Continue Reading

Covid -19 ආසාදිත මරණ 57ක් සමග නව ආසාදිතයින් 2259ක්

ජූනි 13 වැනි දින සිදුවී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (14) තහවුරු කළ කොවිඩ් -19 ආසාදිතයින්ගේ මරණ ගණන 57ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. මියගිය අය අතර කාන්තාවන් 25ක් සහ පිරිමින් 32ක් සිටින අතර වසය අවුරුදු 30ට අඩු එක් පුරුෂයෙක්, අවුරුදු 31-59 අතර කාන්තාවන් 5ක් සහ පුරුෂයින් 6ක්, වයස අවුරුදු 60ට …

Continue Reading

X-PRESS PEARL කපිතාන්වරයාට ඇප දුන්නේ ඇයි ?

කොළඹ වරාය ආසන්න මුහුදු තීරයේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ එම නෞකාවේ කපිතාන්වරයා රුපියල් මිලියන දෙකක පෞද්ගලික බැඳුම්කරයක් මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත අද (ජුනි 14) නියම කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සඳුදා (ජූනි 14) අත්අඩංගුවට ගනු ලැබූ අදාළ නෞකාවේ කපිතාන්වරයා වන රුසියානු ජාතික ටියුට්කාලෝ විටැලි නමැත්තා මහාධිකරණය හමුවට ඉදිරිපත් කර …

Continue Reading

බලශක්ති ඇමැති උදය ගම්මන්පිල රැක ගන්න ‘ආණ්ඩුවේ සුළු පක්ෂ 08කින්‘ ඒකාබද්ධ නිවේදනයක්

පසුගිය 11 වැනිදා ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණයේ වගකීම බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාගේ කර මත පැටවීමේ වෑයම හෙළාදකින බවට සඳහන් කරමින් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 8ක නියෝජිතයින් විසින් අද (14) දින ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම නිවේදනය මගින් පක්ෂ නායකයින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙවැනි කට්ටිවාදී සහ අපරිණත ක්‍රියාවන් විසින් අවසානයේ දී ආණ්ඩුව පිළිබඳ මහජන විශ්වාසය බිඳවැටීමට හේතු වන …

Continue Reading

ගාල්ලේ එන්නත් ලබා දුන් පුද්ගලයින්ගේ නාම ලේඛනය අධිකරණයෙන් ඉල්ලයි

පසුගිය 07 වැනිදා ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී  පැවැති කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාගත් පුද්ගලයින්ගේ නාම ලේඛණය ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය ලබා දෙන ලෙස අද (14) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා විසින් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට නියෝග කළේය. ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ නියෝග ලබාදුන්නේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඉදිරිපත් කරන …

Continue Reading

‘කොවිඩ් ව්‍යාප්තියේ අලුත්ම තත්ත්වය‘ හා සංචරණ සීමා ගැන ගන්න තීන්දුව කුමක් ද ? ප්‍රකාශ 03ක්

ලබන 21 වැනිදා දක්වා දීර්ඝ කර ඇති සංචරණ සීමා ඉවත් කරනවාදැයි තීන්දු කිරීමට සිදුවන්නේ මේ සතියේදී ලැබෙන පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රතිඵල අනුව යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. අද (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ සෞඛ්‍ය සේවා ජනරාල්වරයා, ‘‘මේ දිනවල ක්‍රියාත්මක වන සංචරණ සීමාවල ප්‍රතිඵල බලා …

Continue Reading

රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂවරයාගෙන් කාරුණික ඉල්ලීමක්

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සැමරීම වෙනුවෙන් සෞඛ්‍ය ආරක්ෂීත ක්‍රමවේදයන්ට අනුගතව නාරාහේන්පිට ජාතික රුධිර පාරවියලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී අද දින (14) උදෑසන උත්සවයක් පැවැත්විනි. මෙහිදී අදහස් දැක් වූ ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා – “කොවිඩ් වසංගතය හමුවේ විටින් විට සංචරණ සීමා දැමීමත් සමග රුධිර සංචිත පවත්වාගෙන යාමට මෙරට රුධිර පරිත්‍යාගශීලීන් විශාල සහයෝගය දැක්වූවා.  ඉදිරියටත් එම සහයෝගය අපි අපෙක්ෂා කරනවා. …

Continue Reading

ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරයෙක් සහ අභියාචනාධිකරණ නව සභාපති දිවුරුම් දෙයි

අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය. අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා, අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස සහ මහාධිකරණයේ හිටපු විනිසුරු ශෂී මහේන්ද්‍ර මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දුන්හ.

Continue Reading