‘ඔන්ලයින් ක්‍රමයට මත්පැන් විකිණීමේ යෝජනාව‘ මුදල් අමාත්‍යාංශයට

Spread the love

සංචරණ සීමා කාලයේ දී බොහෝ පිරිස් සිය නිවෙස්වලම මත්පැන් පෙරීමට පටන් ගැනීම නිසා රජයට දීර්ඝ කාලීනව බදු ආදායම් අහිමිව යෑමේ අවදානමක් මතුව තිබෙන බවත් මේ කරුණු සැලකිල්ලට ගෙන සුපිරි වෙළෙඳසල් හරහා ඔන් ලයින් ක්‍රමයට මත්පැන් සැපයීමට මුදල් අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලූ බවත් සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසිංහ මහතා පැවසීය.

සුපිරි වෙළඳ සල් හරහා ඔන්ලයින් ක්‍රමයට මත්පැන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන්නැයි විවිධ පාර්ශවවලින් ඉල්ලීම් ලැබී ඇති බවත් ඒ අනුව ඊට අදාළ නිර්දේශ හා නිරීක්ෂණ මුදල් අමාත්‍යාංශයට දැනටමත් ඉදිරිපත් කර ඇති බවත් ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

මුදල් අමාත්‍යාංශයෙන් ඒ සඳහා කොන්දේසි සහිත අවසරයක් ලැබෙනු ඇතැයිද කුමාරසිංහ මහතා සඳහන් කළේය.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට මේ වන විට සමාජමාධ්‍ය තුළ දැඩි විරෝධයක් මෙන්ම හාස්‍ය ජනක ප්‍රතිචාර පළ වෙමින් තිබෙන අතර බොහෝ දෙනෙක් සදහන් කරන්නේ වත්මන් ආණ්ඩුව තමන් බලයට පත් කළ සිංහල බෞද්ධ බලවේගවලට පිටුපා විනාශකාරී ගමනක් යන බවයි.

Related Posts