රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂවරයාගෙන් කාරුණික ඉල්ලීමක්

Spread the love

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සැමරීම වෙනුවෙන් සෞඛ්‍ය ආරක්ෂීත ක්‍රමවේදයන්ට අනුගතව නාරාහේන්පිට ජාතික රුධිර පාරවියලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී අද දින (14) උදෑසන උත්සවයක් පැවැත්විනි.

මෙහිදී අදහස් දැක් වූ ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා – “කොවිඩ් වසංගතය හමුවේ විටින් විට සංචරණ සීමා දැමීමත් සමග රුධිර සංචිත පවත්වාගෙන යාමට මෙරට රුධිර පරිත්‍යාගශීලීන් විශාල සහයෝගය දැක්වූවා.  ඉදිරියටත් එම සහයෝගය අපි අපෙක්ෂා කරනවා. සංචරණ සීමා ක්‍රියාත්මක කාල වකවානු තුල රුධිර සංචිත පවත්වාගෙන යාමේ දී  අභියෝගාත්මක අවස්ථා කිහිපයකට මුහුණ දීමට අපට සිදු වුණා.

පසුගිය මැයි මාසයේ මුල් වකවානුවේ අපේ රුධිර සංචිතවල මට්ටම තරමක් අර්බුධකාරි තත්ත්වයකට පත් වූ විට අපි මෙරට රුධිර පරිත්‍යාගශීලීන්ගෙන්, ලේ දන්දීමේ කඳවුරු සංවිධායකයින්ගෙන් සහ ජන මාධ්‍ය හරහා ඉල්ලීමක් කළා අපට දායකත්වය ලබාදෙන්න කියලා. එම කෙටි ඉල්ලීමේ දී ඔවුන් සියළු දෙනා අපට මහත් දායකත්වයක් ලබාදුන්නා. පසුගිය වෙසක් සතිය වන විට අපගේ රුධිර  සංචිත ප්‍රමාණය ඉතාම ආරක්ෂාකාරී තත්ත්වයකට ගෙන එන්නට අපට පුළුවන් වුනා. ඒ සදහා දායකත්වය දැක්වූ ශ්‍රී ලාංකික ජනතාවට සහ අපගේ ස්තූතිය පුද කරනු ලබනවා.”

මෙහිදී ජාතික  රුධිර පාරවිලයන සේවය, Colombo Civil Society Center හා  NDH Software Solutions Pvt. Ltd එක්ව නිර්මාණය කරන ලද ”රක්ත” නම් වූ ජංගම දුරකථන සදහා වන රුධිර දායක මෘදුකාංගය හදුන්වා දුන් අතර,  එම මෘදුකාංගය රුධිර දායකයින් තම දුරකථන වෙත භාගත කර ලියාපදිංචි වීමෙන් පසු තමන්ට රුධිරය පරිත්‍යාග කිරීම සදහා දිනයක් සහ වේලාවක් පහසුවෙන් වෙන් කරවා ගත හැක. එමගින්  අනවශ්‍ය තදබදය අවම කර ගත හැකි වන අතර, රුධිරය ලබාදුන් පසු නැවැත වරක් රුධිරය ලබාදීය හැකි දිනය කෙටි පණිවිඩක් ඔස්සේ ලබාගැනීමේ හැකියාව ද පවතී.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගිතා මධ්‍යස්ථානයක් ලෙස නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානය ඇතුළුව පර්ෂ ද  රුධිර මධ්‍යස්ථාන 24 ක්, ලේ බැංකු 105 ක් සහිතව දිවයිනේ රුධිර අවශ්‍යතාවයන් සපයන එකම සේවාව ලෙස ක්‍රියාත්මක වේ.

Related Posts