එදා ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නා නම් අද ඉන්ධන අර්බුදයක් නැහැ

ත්‍රිකුණාමල දිස්ත්‍රික් ක්‍රමෝපායික සංවර්ධන සැලැස්ම ඡන්දය ඉලක්ක කර ගත්තක් නොව, ඊළග පරම්පරාව වෙනුවෙන් ආරම්භ කළ ව්‍යාපෘතියක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මට අනුකූලව වරාය සංවර්ධනයේ දි සහ තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ දී ඉන්දියාව සමග එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ. ඉන්දියාවට තෙල් ටැංකි ලබාදීමේ දී මතු වු විරෝධතා …

Continue Reading

රාජ්‍ය අමාත්‍යාංශ 04ක් සඳහා විෂය පථයන් ගැසට් කෙරේ

රාජ්‍ය අමාත්‍යංශයන් 04ක් සඳහා විෂය පථයන් ගැසට් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය යටතට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගම, ත්‍රිකුණාමලය ඛනිජ තෙල් පර්යන්ත සමාගම ඇතුළු ආයතන කිහිපයක් ගැසට් කර තිබෙනවා. ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය යටතට ආයුර්වේද දෙපාර්තමේන්තුව, ආයුර්වේද වෛද්‍ය සභාව, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව යන ආයතනයන් ගැසට් කර තිබෙනවා. …

Continue Reading

මෛත්‍රීට එරෙහි නඩුවක් සති 10 කට කල් තබයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලට අදාළ නඩු විභාගය අද (14) සිට සති 10 කට කල් තබන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව මෙම පුද්ගලික පැමිණිල්ල ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ.

Continue Reading

දරුවන් ආරක්ෂා කර ගැනීම රජයක ප්‍රමුඛ වගකීමක් – ජනපති

දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම රටේ නීතිය අනුව ද බරපතල වරදක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ අනුව කුඩා දරුවන් පෙළපාළිවලට රැගෙන යාම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොලීසියට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා. ළමා අයිතිවාසිකම් සුරැකීම සහ ළමයින්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ඊයේ (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවට එක් වෙමින් ජනාධිපතිවරයා …

Continue Reading

කාබන් හර කිරී‍මේ ඒකාබද්ධ යාන්ත්‍රණයට අදාල ගිවිසුමක් ශ්‍රී ලංකාව සහ ජපානය අතර

කාබන් හර කිරීමේ ඒකාබද්ධ යාන්ත්‍රණය ශ්‍රී ලංකාව සහ ජපානය අතර ක්‍රියාත්මක කිරීමට අදාළ සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (10) පස්වරුව් ජනාධිපති කාර්යාලයේ දී සිදුකර තිබෙනවා. පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති මිසුකෝෂි හිදෙකි ගිවිසුමට අත්සන් තැබූ අතර අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූ ජපාන තානාපතිවරයා ඇතුළු පිරිස සාකච්ඡාවක ද නිරතවී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය …

Continue Reading

බලශක්ති ඇමති හා කර්මාන්තකරුවන් අතර සාකච්ඡාවක්

මෙරට කර්මාන්තකරුවන් සඳහා විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රය තුළින් ලබාදිය හැකි උපරිම පහසුකම් සලසා දීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර එකඟතාවය පළකර තිබෙනවා. කර්මාන්ත අභිවෘද්ධිය වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යවරයා , විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සහ කර්මාන්තකරුවන් අතර පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා. දෛනික විදුලි කප්පාදුව , විදුලි මිල සංශෝධනය මෙන්ම ඉන්ධන සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබඳව කරුණු මෙහිදී …

Continue Reading

භූතයින්ට අඬනවා වගේ රඟපාන්න පුළුවන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිටුපස සිට මෙහෙයවන්නේ බැසිල් රාජපක්ෂ බව මෙතෙක් කල් තමා ඇතුළු පිරිස් අනුමාන කර මාධ්‍ය හමුවල පැවසූ දෙය, ඊයේ රැස්වීමක් කැඳවා ජාතියටම ඔවුන් ප්‍රකාශ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. විනාශ වූ පිරිස් යළි නැගිටින බවට ඔවුන් ප්‍රකාශ කර ඇති බවද, මිය ගිය පසු නැවත පැමිණෙන්නේ භූතයින් හා හොල්මන් පමණක් බවද, එසේ භූතයින් හා හොල්මන් …

Continue Reading

COPA කමිටුවේ සභාපති ධූරය කබීර් හෂීම්ට

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පත්වී තිබෙනවා. ඒ අනුව ඔහු ඒකමතිකව තේරී පත්වී ඇති බවයි පාර්ලිමේන්තුව සඳහන් කළේ.

Continue Reading

බලගතු රටවල් එක්ක සටන් කිරීම අපහසුයි – අලි සබ්රි

බලවත් රාජ්‍යයන් සිදුකරන බලපෑම හමුවේ ජිනීවා යෝජනාව ජයගත නොහැකි බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා. මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ඡා ප්‍රගතිය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ, ජිනීවා නුවර සිට මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා. එංගලන්තය, කැනඩාව, අමෙරිකා එක්සත් ජනපදය සහ ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් එකතුවී අලුත් යෝජනා සම්මුතියක් ඉදිරිපත් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඊයේ දිනය වන …

Continue Reading

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට ජනපති එක් වෙයි

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට ජනපති රනිල් වික්‍රමසිංහ එක්වී තිබෙනවා. ලංකාවෙන් විදේශ රටවලට ගෙන ගොස් ඇති දුර්ලභ සහ ඓතිහාසික වටිනාකමකින් යුතු ග්‍රන්ථ හා ලිපි ලේඛන ඇතුළත් විශේෂ පොත් ප්‍රදර්ශනයක් 75 වන නිදහස් සමරුවට සමගාමීව සංවිධානය කිරිමට අපේක්ෂා කරන බවයි එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ. නිදහස් සමරු පොත් ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ද සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන …

Continue Reading