උතුරේ ඡන්දයට මැදිහත්වන්න නෝර්වේ ඩයස්‌පෝරාවක්‌ දිවයිනට

උතුරේ පළාත් පාලන මැතිවරණයට මැදිහත්වීම සඳහා නෝර්වෙහි කොටි ඩයස්‌පෝරාවේ 60 ක කණ්‌ඩායමක්‌ ලබන සතියේ මෙරටට පැමිණීමට සැලසුම් කර ඇත. මේ බව ඔස්‌ලෝ නුවර සිටින ප්ලොට්‌ සංවිධානයේ සම්බන්ධීකරණ නිලධාරියා විසින් හෙළිකර තිබෙන අතර මොවුන් භාවිතා කරන්නේ තම නියම නම් නොව නෝර්වේ බලධාරීන් සැපයූ අන්වර්ථ නාමයන් බවද පැවසේ. සංචාරකයන් වේශයෙන් උතුරට පැමිණෙන මෙම ඩයස්‌පෝරා කණ්‌ඩායමේ අරමුණ ද්‍රවිඩ සන්ධානයට එරෙහිව තරග වදින පක්‍ෂවලට …

Continue Reading

දුම්රිය වර්ජනය අවසන්

ඇමැති අනුකමිටුව සමඟ අද (13 වැනිදා) පෙරවරුවේ පැවැති සාකච්ඡාවෙන් පසු වැටුප් විෂමතා ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් දින 06 ක් පුරා පැවති දුම්රිය වර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර තිබේ. සරත් අමුණුගම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කෙරුණු අමාත්‍ය මණ්ඩල අනු කමිටුව සමඟ සිදුකළ සාකච්ඡාවෙන් අනතුරුව දුම්රිය වෘත්තිය සමිති මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි. දුම්රිය වෘත්තිය සමිති …

Continue Reading

තැපැල් ඡන්ද අයදුම් කාලය 22දා දක්වා දීර්ඝ කෙරේ

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්කිරීමේ කාලය දෙසැම්බර් 22දා දක්වා දීර්ඝ කිරීමට කටයුතු කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. පළමු නාමයෝජනා දැන්වීම සඳහා දෙසැම්බර් 14දා හා දෙවන නාමයෝජනා දැන්වීම සඳහා දෙසැම්බර් 22දා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය අවසන් වීමට නියමිතව තිබූ අතර රාජ්‍ය සේකයන්ගේ මෙන් ම පොලිස් නිලධාරීන්ගේ ඉල්ලීම අනුව මෙම අදියර දෙක සඳහා …

Continue Reading

විශ්‍රාමික දුම්රිය ස්ථානාධිපතිවරුන් 20 ක් කොන්ත්‍රාත් පදනමින් නැවත සේවයේ

විශ්‍රාමික දුම්රිය ස්ථානාධිපතිවරු 20 දෙනකු ඊයේ දිනයේ සේවයට වාර්තා කළ බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පවසයි. මෙයින් 10 දෙනකුට පත්වීම් ලිපි දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (12) දිනයේ නිකුත්කොට ඇත. දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශ්‍රාමික දුම්රිය ස්ථානාධිපතිවරු, නියාමකවරු, තාක්ෂණික ශිල්පීන්, රියැදුරන් සේවයට බඳවාගැනීම ආරම්භ කළද එම බඳවාගැනීම් අදින් (13) අවසන් වෙයි. දැනට බඳවාගත් දුම්රිය ස්ථානාධිපතිවරු නියාමක රාජකාරියද …

Continue Reading

මෙදා පාර ආණ්ඩුවත් අපේ; පොලිසියත් අපේ.. ආවොත් ගහනවා- ඇර ජෝනා ඇර වාගේ මෙන්න තඟ

“මෙදා සැරේ රජයත් අපේ පොලිසියත් අපේ මේ සැරේ ආවොත් ගහල එලවනව ඕන එකෙකුට” යයි සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි. ජාඇල ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය. කෙසේ වෙතත් රජයේ වගකිව යුතු අමාත්‍යවරයෙකු ලෙස ඔහු කර ඇති මෙම ප්‍රකාශය සුළුකොට තැකිය නොහැකි අතර එක්සත් ජාතික පක්ෂය තමන් අත බල තිබෙන අවස්ථාවේ මැතිවරණයකට …

Continue Reading

මැති ඇමතිවරුන්ට සැප ගන්න මාස එකහමාරක පඩි සහිත නිවාඩුවක්

අයවැයෙන් පසුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට දීර්ඝ නිවාඩුවක් ලැබී ඇත. මැතිසබය ඊයේ (11) පෙරවරුවේ රැස්වී පනත් හා නියෝග කිහිපයක් සම්මත කරගත් අතර ඉන්පසුව මැතිසබය ලබන ජනවාරි 23 වැනිදා දක්වා කල්තබන බව කතානායක කරු ජයසූරිය මහතා සභාවට දැනුම් දුන්නේය. රජයේ අය වැය ලේඛනය මුදල් ඇමැතිවරයා විසින් නොවැම්බර් 9 වැනිදා ප‍්‍රකාශයට පත් කරනු ලැබීමෙන් පසුව පුරා මාසයකට වැඩි කාලයක් අය වැය විවාද පැවැත්විණ‍.

Continue Reading

නීතිය හා සාමය අමාත්‍යංශය පවරා ගන්නා ලෙසට සියලු පක්ෂවලින් ජනපති වෙත ඉල්ලීමක්!

පළාත් පාලන මැතිවරණයට පෙර නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පවරා ගන්නා ලෙසට ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම ජනාධිපතිවරයාට යෝජනා කර තිබෙන බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තාවේ. රාජපක්ෂ රෙජීම පාලනයේ දී සිදු වූ බවට චෝදනා එල්ලව පැමිණිළි ලැබී ඇති පරීක්ෂණ කඩිනමින් සිදු නොවීම සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ …

Continue Reading

දුම්රිය රියදුරු වැඩ වර්ජනය පිටුපස දේශපාලන කොන්ත්‍රාත්තුවක් (විශේෂ)

පදනමක් නොමැති කරුණු කිහිපයක් මුල්කරගනිමින් දුම් රිය රියදුරන් සහ දුම් රිය වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩ වර්ජනය පිටුපස ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක වන බවට අනාවරණය වී තිබේ. රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් මෙය ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙය වීමෙන් මෙය දිග්ගසමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව අප වෙත වැඩිදුරටත් වාර්තාවේ. පසුගියදා පෙරවරු 10.30 …

Continue Reading

මැතිවරණ නීතිය අද සිට අකුරටම ක්‍රියාත්මකයි

මැතිවරණ නීතිය අද සිට ක්‍රියාත්මක වන බව පොලිස් මැතිවරණ ලේකම් කාර්යාලයේ අද(11) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය. එසේම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් සෘජුවම සහ නීතිපති උපදෙස් මත නඩු පැවරීමට පියවර ගන්නා බවයි. සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන වලට බාධා වන අයුරින් කටයුතු කිරීම නීති විරෝධී වන අතර ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර …

Continue Reading

විමල්ගේ පක්ෂයේ මළගම අදයි; මහින්ද හින්දවන ගමන හෙටයි

ව්‍යාජ හැඳුනුම්පත්, මුදල් හා රාජ්‍ය දේපල අවභාවිතාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක කුප්‍රකට විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණට අයත් ප්‍රබලයින් තිදෙනෙක් අද එම පක්ෂයෙන් ඉවත්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පලකරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය හිමි කර ගත්තේය. මෙලෙස ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ ජාතික …

Continue Reading