ඇමරිකාව දුන් GSP+සහන යුගය 31න් අවසන්; දැන් අපට GSP වැඩක් නැති බව හර්ෂ කියයි (Video)

එක්සත් ජනපදයේ විශේෂ ප්‍රතිලාභ සහිත වෙළෙඳ වරණය පිළිබඳ පොදු ක්‍රමය හෙවත් GSP 2017 දෙසැම්බර් 31 අවසන් වන බව ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබේ. මෙම (GSP) වැඩසටහන අවසන් වීමේ ක්ෂණික බලපෑම වන්නේ ශ්‍රී ලංකාව හා මෙම (GSP) වැඩසටහන යටත් ප්‍රතිලාභ ලැබූ අනිකුත් රටවලින් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ 2018 ජනවාරි 1වැනිදා සිට වරණීය නොවන තීරුබදුවලට …

Continue Reading

මහින්ද හදපු සයිටම් ගැටලුව මහින්දම විසඳන්න කියයි

සයිටම් වෛද්‍ය උපාධි ගැටලුව තවදුරටත් කල් නොහැර නොපමාව විසඳිය යුතු බව හිටපු ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‌ෂ නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් හා පිළිගැනීම පිළිබඳ මේ ආරවුල දිගින් දිගටම පැවතුනහොත් ශ්‍රී ලංකා වෛද්‍ය උපාධියට දැනට ඇති ජාත්‍යන්තර පිළිගැනීම අවදානම් තත්ත්වයට පත්විය හැකි බවත් සඳහන් එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. සයිටම් ආයතනය පත්වාගෙන යන …

Continue Reading

ලැම්බෝගිනියෙන් පසු ගෙන ආ මේ සුපිරි ෆෙරාරි රථවල සැබෑ හිමිකරුවන් කවුරුන්ද..? (Exclusive)

මීට සති කිහිපයකට පෙර මෙරටට ගෙන්වන ලද සුපිරි මෝටර් රථ ගණයට වැටෙන ලැම්බෝගිනි රථයක් ගැන විශාල ගින්නක් ඇවිල ගිය අතර එය දැඩි ආන්දෝලනයට ලක් වූ මාතෘකාවක්ද විය. ජෙහාන් හමීඩ් නැමැති තැනැත්තියක් විසින් ලංකාවට ගෙන්වන ලද එම ලැම්බෝගිනි රථයේ වටිනා කම මිලියන 110 ක් හෙවත් රුපියල් ලක්ෂ 1100ක් බවට වාර්තා විය. එහෙත් එම ලැම්බෝගිනියේ උණුසුම පහව යන්නට මත්තෙන් පසුගිය දින කිහිපයේදී …

Continue Reading

මගේ කඩුවෙන් කැපී යන්නට පක්ෂ-පාට- ඥාති සබඳතා අදාළ නෑ – ජනපති කියයි (Video)

පිරිසුදු දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමට යන ගමනේ දී පක්ෂ, පාට, හෝ කිසිදු ඥාති සබඳතාවක් නොසළකන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ මෙවර මැතිවරණය සඳහා සන්ධානගතව සිටින දේශපාලන පක්ෂ 31ක නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් නිදහසේ සම්මුතිය ප්‍රකාශයට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදුවිය. වංචාවෙන් සහ දූෂණයෙන් …

Continue Reading

ජනපති ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටලු සොයා බලයි

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගැටලු පිළිබඳ සොයා බලා ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකුගෙන් මෙන්ම කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගෙන් සමන්විත මෙම කමිටුව සිය වාර්තාව මාස 03 ක් ඇතුළත තමා වෙත ඉදිරිපත් කළයුතු බවට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ වෘත්තීය …

Continue Reading

උසස් පෙළ ප්‍ර‍තිඵල නිකුත් වෙයි; ප්‍රථමයන් මෙන්න

2017 වසරට අදාළ ව පැවැත් වූ අ.පො.ස.(උ/පෙළ) විභාගයේ ප්‍රතිඵල අද (28) අන්තර් ජාලයට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකිය. මෙවර විභාගයේ ජීව විද්‍යා අංශයේ පළමු ස්ථානය, මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ දිලිනි සඳුනිකා ශිෂ්‍යාවටත්, වාණිජ අංශයේ පළමු ස්ථානය එම විද්‍යාලයේම දුලානි රසන්තිකා ශිෂ්‍යාවට හිමිව තිබිම විශේෂත්වයකි. …

Continue Reading

ඇමති සුසිල් කොළ එළි දල්වයි

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතනවල බලය පිහිටු විය හැක්‌කේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් (පොහොට්‌ටුවත්) එක්‌වුවහොත් බව විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (27) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. පොදු ජන පෙරමුණ නියෝජනය කරන්නේත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේම අය බැවින් දෙපාර්ශ්වයට එක්‌වීමට ඒ නිසා කිසිදු බාධාවක්‌ මතු නොවන බව ද ඇමැතිවරයා සඳහන් …

Continue Reading

ඡන්දය ඉල්ලන් ගෙවල් ගානේ යන අයට කොන්දේසියක්!

පළාත් පාලන මැතිවරණයට අදාලව අපේක්ෂකයා සමඟ ආධාරකරුවන් 10 දෙනෙකු පමණක් ගෙයින් ගෙට ගොස් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරීමට පක්ෂ ලේකම්වරු එකඟතාව පල කර තිබේ. විශාල පිරිසක් ගෙයින් ගෙට ගොස් ප්‍රචාරණ කටයුතු සිදු කිරීමේදී ඇති විය හැකි ගැටුම් අවම කර ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇති බව වාර්තාවේ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ පොලිස් ප්‍රධානීන් ඇතුළු දේශපාලන පක්ෂ ලේකම්වරු අතර විශේෂ සාකච්ඡාවක් අද(27) …

Continue Reading

මහින්ද හින්දවමින් මහින්දගේ ආධාරකරුවෝ ජනපති මෛත්‍රී වටා රොක්වෙති

හි.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දරණ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ වීරකැටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්තී‍්‍ර ආරියදාස වික‍්‍රමසිංහ මහතා සහ මෙවර පොදුජන පෙරමුණෙන් වීරකැටිය ප‍්‍රාදේශීය සභාවට තරග කිරීමට නියමිතව සිටී අපේක්ෂක සුමිත් රාමනායක මහතා ඇතුළු වීරකැටිය සහ කටුවන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රබල ආධාරකරුවන් පිරිසක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාට සහය පළ කිරීමට එක් වී තිබේ. අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලය …

Continue Reading

සා/පෙ ගණිත ප්‍රශ්න පත්‍රයට විභාග කොමසාරිස් පිළිතුරු දෙයි

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේ දී සිසුන්ට දුෂ්කරතා මතු වූ බව පවසමින් ඇතැම් දේශපාලනඥයින් සහ වෘත්තීය සමිති නියෝජිතයන් ගෙන ගිය ප්‍රකාශ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පිළිතුරු ලබාදී තිබේ. මතු වූ තත්වය පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සිදුකළ කරුණු විමසීමකට අදාළ ව, විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් ලබාදුන් පිළිතුරෙහි සංක්ෂිප්තය ඒ …

Continue Reading