රතු භූමිතෙල් තොග අලෙවිය තහනම් කරයි

ලංකා භූමිතෙල් රථවාහනවලට, කර්මාන්ත ශාලාවලට, බවුසර්වලට හා තොග වශයෙන් භාජනවලට මෙන්ම බැරල්වලට අලෙවි කිරීම තහනම් කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිවයිනේ සියලුම පිරවුම්හල් වෙත නියෝගයක් නිකුත් කර තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතාගේ අත්සනින් යුතුව සියලූම සිපෙට්කෝ බෙදුම්කරුවන් වෙත අංක 987 යටතේ චක්‍රලේඛයක් නිකුත් කළ බව ද ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි. ලංකා …

Continue Reading

ඇවිලුණු කතරගම ගැන පරීක්ෂණ CIDයට – 63ක් අත්අඩංගුවේ

කතරගම දී පොලිස් වෙඩි පහරින් පුද්ගලයකු මිය යෑම ගැන පරීක්ෂණ පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලැබ තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මේ වනවිටත් කතරගම බලා පිටත්ව ගොස් ඇති බව පැවසේ. කතරගම පොලිසියෙන් කළ වෙඩි තැබීමකින් පෙරේදා (20) රාත්‍රියේ පුද්ගලයකු මිය ගිය අතර ඊට විරෝධ දක්වමින් ප්‍රදේශවාසීහු පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයක්ද කළහ.කෙසේ වෙතත් පොලිසිය රාත්‍රියේම …

Continue Reading

බැඳුම්කර කොල්ලකරුවන්ට නිදහසේ ඉන්න කිසිඳු ඉඩක් තබන්නේ නැහැ – ජනපති අවධාරණය කරයි (Video)

මහ බැංකු බැඳුම්කර කොල්ල කරුවන් ඇතුළු වංචා දූෂණ සිදුකළ කිසිඳු පුද්ගලයෙකුට නිදහසේ කටයුතු කිරීමට කිසිඳු ඉඩක් නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රට සංවර්ධනය කරා ගෙන යාමට ඇති එකම බාධාව දේශපාලනඥයින් විසින් සිදුකරන වංචා දූෂණ බවයි. කන්තලේ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පල කළේය.

Continue Reading

ඓතිහාසික බෞද්ධ විහාරස්ථාන මකරකටට යවන ප්‍රමිතියෙන් තොර නාලිකාවක්!

සාමාන්‍ය සංඛ්‍යාත හැරුණු විට රැහැන් සහිත තාක්ෂණය හා විද්‍යුත් සන්නිවේදන මෙවලම් ඔස්සේ විවිධ නාලිකා පවත්වාගෙන යාමට දැන් දැන් බොහෝදෙනා පෙළඹී සිටිති. මේ අතරින් ආගමික මුහුණුවරකින් හා අධ්‍යාපනික මුහුණුවරකින් පවත්වාගෙන යන නාලිකා රැසක් දැන් ලංකාවේ ද ඇත. බෞද්ධයා නාලිකාවෙන් ආරම්භ වී, එය ආදර්ශයට ගෙන විහාරස්ථාන ආශ්‍රිතව මෙවැනි නාලිකා කිහිපයක් දැනටමත් සාර්ථකව පවත්වාගෙන යනු ලබයි. මේ ඇතැම් චැනලයන් ඉතා විශිෂ්ට ගණයේ වැඩසටහන් …

Continue Reading

ජනපතිගේ කඩුවට ඌව මහ ඇමති කැපෙයි; එහෙත් මහ බැංකුව කොල්ල කෑ රනිල්, රවී තවමත් නිදැල්ලේ

විදුහල්පතිනියක් දණ ගැස්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට උපදෙස් ලබාදී තිබේ. එසේම ජනාධිපතිතුමාගේ තීරණයට ගරුකරමින් ඌව මහ ඇමති චාමර සම්පත් දිසානායක මහතා ඔහු දැරූ අමාත්‍යධුරයෙන්ද ඉවත් වීමට තීරණය කොට ඇත. එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුවේ රුපියල් බිලියන ගණනක් කොල්ල …

Continue Reading

මෛත්‍රී පැනපු පිමි සහ පනින්න යන පිම්ම..

කිසියම් ජාතියක් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගන්නා ආකාරයක් ඉන් අනතුරුව සකස් කර ගන්නා එම ව්‍යවස්ථාවේ ස්වභාවයත් එම ජාතියේ ශිෂ්ඨත්වයේ තරම පිළිබිඹු කරන්නේ යැයි පිළිගැනීමක් තිබේ. එසේ ම ඉන්දියාව දකුණු අපි‍්‍රකාව හා ශී‍්‍ර ලංකාව වැනි රටවල දිනාගනු ලැබූ නිදහස ලේ වැගිරීමකින් තොරව රැක ගැනීමට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් මඟින් ඉටු කර ගත යුතු ප‍්‍රධාන කාර්ය භාරයන් දෙකක් දක්නට ලැබේ. ජාතීන් අතර …

Continue Reading

එදා අප ලස්‌සන කළ කොළඹ අද ගඳ ගසන නගරයක්‌ වෙලා – මහින්ද කියයි

එදා අපි ලස්‌සන කර භාරදුන් කොළඹ නගරය සැලසුමකින් තොරව නැවත වරක්‌ ආපස්‌සට යමින් තිබෙනවා. එදා අප ආරම්භ කරපු සංවර්ධන වැඩ සම්පූර්ණයෙන් ඇනහිටලා. විශේෂයෙන් පැල්පත්වාසී ජනතාව වෙනුවෙන් නව තට්‌ටු නිවාස ලබාදීමේ වැඩපිළිවෙළක්‌ ඇතිකර 2018 වර්ෂය ආරම්භ වන විට ඔවුන් ඒවායේ පදිංචි කිරීමටයි අපි බලාපොරොත්තු වුණේ. නිවාස ප්‍රශ්නය විසඳීමට පැල්පත්වලින් තොර නගරයක්‌ බවට පත් කිරීමයි අපේ වැඩපිළිවෙළ වු බව, කොළඹ විහාර මහාදේවි …

Continue Reading

Exclusive: බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාවෙන් අගමැති රනිල් වරදකරුවකු වන හැටි (සාක්ෂි සහිතව සරල සිංහලෙන්)

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා මුදල් ඇමතිව සිටි, අර්ජුන් මහේන්ද්‍රන් මහතා අධිපතිව සිටි සමයේ මහ බැංකුවේ සිදු වූ බැඳුම්කර කොල්ලයට තමන්ගේ කිසිම සම්බන්ධයත් නැති බවත් තමන් සුද්ධවන්තයෙක් බවත් කීමට අග්‍රාමාත්‍යවරයා දැඩි උත්සාහයක නිරතවන නමුත් එම වංචාසහගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම විසින් නිකුත් කළ වාර්තාවේ 26වන පරිච්ඡේදය පරීශීලනය කිරීමේදී, මෙම දූෂිත කොල්ලකාරී ගණුදෙනුව පිටුපස ඇති …

Continue Reading

හිටපු රුසියානු තානාපති උදයංගගේ දේපළ විකිණීම තහනම් – උසාවියෙන් නියෝගයක්‌

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට අයත් රුපියල් කෝටි ගණනාවක්‌ වටිනා ඉඩම් දෙකක්‌ හා ට්‍රිලියම් නිවාස සංකීර්ණයේ පිහිටි සුපිරි නිවසක්‌ ඇතුළු දේපළ විකිණීම හෝ අන්සතු කිරීම වළක්‌වමින් කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (19 දා) නියෝගයක්‌ නිකුත් කළාය. දොම්පේ ප්‍රදේශයේ පිහිටි සැකකරුට අයත් රුපියල් මිලියන 70 ක්‌ පමණ වටිනා අක්‌කර හතක්‌ පමණ වූ ඉඩම් කොටස්‌ දෙකක්‌ විකිණීම හා …

Continue Reading

උණ නම් රුධිර පරීක්ෂාව වැදගත්. ඩෙංගු නැවතත් හිස ඔසවලා

උණ රෝගය කෙරෙහි සැලකිලිමත් නොවී ප්‍රමාද වී ප්‍රතිකාරවලට යොමු වීම ඩෙංගු මරණ සිදු වීමේ ප්‍රධාන හේතුවක් බව වෛද්‍යවරු පෙන්වා දෙති. කිසියම් පුද්ගලයකුට උණ රෝගය වැළඳී ඇත්නම් එය සුව අතට පත්වුවද දින දෙකකින් පසුව ඩෙංගු රෝගය සඳහා රුධිර පරීක්ෂාවක් සිදු කළ යුතු බවත් එමඟින් වැළඳී ඇත්තේ සාමාන්‍ය උණක් ද, නොඑසේ නම් ඩෙංගු උණ ද යන්න තහවුරු කර ගත හැකි බවත් වෛද්‍යවරු …

Continue Reading