ජනපතිගේ කඩුවට ඌව මහ ඇමති කැපෙයි; එහෙත් මහ බැංකුව කොල්ල කෑ රනිල්, රවී තවමත් නිදැල්ලේ

Spread the love

විදුහල්පතිනියක් දණ ගැස්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට උපදෙස් ලබාදී තිබේ. එසේම ජනාධිපතිතුමාගේ තීරණයට ගරුකරමින් ඌව මහ ඇමති චාමර සම්පත් දිසානායක මහතා ඔහු දැරූ අමාත්‍යධුරයෙන්ද ඉවත් වීමට තීරණය කොට ඇත.

එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුවේ රුපියල් බිලියන ගණනක් කොල්ල කෑ එක්සත් ජාතික පක්ෂ නායකයා සහ උප නායකයා වන රනිල් වික්‍රමසිංහ සහ රවී කරුණානායක යන අයවලුන්ට එරෙහිව ජනාධිපතිවරයාගේ කඩුව ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් පවතින බව දේශපාලන විචාරකයෝ පවසති.

මේ හේතුවෙන් මහජන මුදල් රුපියල් බිලියන ගණනක් කොල්ල කෑ ජනාධිපතිවරයා තම ආණ්ඩුවේම ප්‍රබලයින් දෙදෙනකු වන රනිල්, රවීට එරෙහිවද අපක්ෂපාතීව නීතිය ක්‍රියාත්මක කරමින් ඔවුන්ද අත් අඩංගුවට ගෙන පරීක්ෂණ කළ යුතු බවට පැහැදිලි ජනමතයක් පවතී.

RSL

Related Posts