එදා අප ලස්‌සන කළ කොළඹ අද ගඳ ගසන නගරයක්‌ වෙලා – මහින්ද කියයි

Spread the love

එදා අපි ලස්‌සන කර භාරදුන් කොළඹ නගරය සැලසුමකින් තොරව නැවත වරක්‌ ආපස්‌සට යමින් තිබෙනවා. එදා අප ආරම්භ කරපු සංවර්ධන වැඩ සම්පූර්ණයෙන් ඇනහිටලා. විශේෂයෙන් පැල්පත්වාසී ජනතාව වෙනුවෙන් නව තට්‌ටු නිවාස ලබාදීමේ වැඩපිළිවෙළක්‌ ඇතිකර 2018 වර්ෂය ආරම්භ වන විට ඔවුන් ඒවායේ පදිංචි කිරීමටයි අපි බලාපොරොත්තු වුණේ. නිවාස ප්‍රශ්නය විසඳීමට පැල්පත්වලින් තොර නගරයක්‌ බවට පත් කිරීමයි අපේ වැඩපිළිවෙළ වු බව, කොළඹ විහාර මහාදේවි එළිමහන් රංග පීඨයේදී පසුගියදා (18 දා) පස්‌වරුවේ පැවැති “ඔබ දිනවන කොළඹ ගමන” මැයෙන් කොළඹ හදන වැඩපිළිවෙළ ජනගත කිරීමේ උත්සවයට එක්‌වෙමින් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප.ප.වි.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතා,

එදා අපි ලස්‌සන කර භාරදුන් කොළඹ නගරය සැලසුමකින් තොරව නැවත වරක්‌ ආපස්‌සට යමින් තිබෙනවා. එදා අප ආරම්භ කරපු සංවර්ධන වැඩ සම්පූර්ණයෙන් ඇනහිටලා. විශේෂයෙන් පැල්පත්වාසී ජනතාව වෙනුවෙන් නව තට්‌ටු නිවාස ලබාදීමේ වැඩපිළිවෙළක්‌ ඇතිකර 2018 වර්ෂය ආරම්භ වන විට ඔවුන් ඒවායේ පදිංචි කිරීමටයි අපි බලාපොරොත්තු වුණේ. නිවාස ප්‍රශ්නය විසඳීමට පැල්පත්වලින් තොර නගරයක්‌ බවට පත් කිරීමයි අපේ වැඩපිළිවෙළ වුණේ.

එක අවස්‌ථාවකදී කොළඹ නගරය ලෝකයේ දියුණුවන, සුන්දර නගරවලින් එකක්‌ බවට පත්ව තිබුණා. ඒ තත්ත්වය අද ගිලිහිලා ගිහින්. එදා වික්‌ටෝරියා උද්‍යානය මිනිසුන්ට ඇවිදින්න පුළුවන් සුන්දර ස්‌ථානයක්‌ බවට පත් කළා. නමුත් දැන් ඒවා නඩත්තු වන්නේ නැහැ.

නගරවාසීන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් තැනූ ව්‍යායාම මංතීරු අද විනාශයට පත්වෙලා. මෙය තමයි ඇත්ත. නගරයේ වාසය කරන ජනතාව අද විශාල වශයෙන් අපහසුතාවන්ට පත්වෙලා.

කොළඹ වරාය නගරය අපි සැලසුම් කළේ ව්‍යාපාර එන විට ඊට සරිලන නගරයක්‌ නිර්මාණය කිරීමේ පරමාර්ථයෙන්. ඒ සඳහායි අපි පියවරෙන් පියවර කටයුතු කළේ. ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එහි ගෞරවය හිමිවිය යුතුයි. මේ එතුමාගේ වැඩපිළිවෙළක්‌. එය අප අමතක නොකළ යුතුයි. ඒ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් නතර වෙලා. කොළඹ නගරය දවසින් දවස පිරිහෙමින් පවතිනවා.

RSL

Related Posts